Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කාන්තා ලිංගිකත්වය පෙන් වූ ලොව ප්‍රසිද්ධ සමාගම්වල හාස්‍යජනක වෙළඳ දැන්වීම්

ලොව ප්‍රකට වෙළඳ සන්නාමයන් වෙළඳ ලෝකයේ වෙළඳ දැන්වීම්වලට පදනම් වී තිබෙන්නේම කාන්තාව මත යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවෙයි. වෙළඳ දැන්වීම් කලාව ආරම්භ වුණේ කවදා සිටන් ද අද දක්වාම කාන්තාවගේ සුන්දරත්වය ඉතා පහත් අන්දමින් භාවිත කිරීමට වෙළඳ දැන්වීම් කරුවෝ සහ ආයතන පෙළැඹී  සිටිති. ඒ විතරක් නෙවෙයි කාන්තාව තව දුරටත් සමාජයේ කාන්තාව ගැන මුල් බැසගෙන තිබෙන මතයන්ට අනුව ඒකකෘතික (stereo type) කරන්න ඔවුන් මේ හරහා විශාල උත්සාහයක් ගෙන තිබෙන බවකුත් පේනවා.

භාණ්ඩවල වටිනාකම් පෙන්වීමට අඩ නිරුවත් කාන්තාව ගන්නවා. මෙට්ටයක් උඩ තරුණියක අඩ නිරුවතින් වැතිරී සිටින්නේ මෙට්ටයේ පවතින සිනිඳු පහස ඉස්මතු කිරීමටයි. පිරිමියාගේ සුවඳ විලවුන් වර්ගයේ සුවඳට ඇදී එන තරුණිය පිරිමියාගේ සුවඳට වශී වී ඔහුව ස්පර්ශ කරන්නේ ඉතා සරාගී ආකාරයෙන්. මෙවැනි වෙළඳ දැන්වීම් හරහා පාඨකයන්ට විඳින්න ලැබෙන්නේ ලිංගික තෘප්තිය මිස වෙන කුමක්ද? ඉහත ප්‍රචාරණයන් හරහා සමාජයට දෙනු ලබන්නේ කාන්තාව ළඳ බොළඳ, මට සිලුටු, මෘදු,සමාජය පිළිබඳ නිසි අවබොධයක් නොමැති තැනැත්තියක් බවයි. කාන්තාව එබඳුද? නැතිනම් ඇයත් පිරිමියා මෙන්ම සමාන හැකියාවන් ඇති, කුසලතාවන්ගෙන් පිරිපුන් තැනැත්තියක් නොවන්නේද?

මේ පිළිබඳ අප විමසිය යුත්තේ මෙවන් අදහස් සමාජය වෙත පොම්ප කරන වෙළඳ දැන්වීම් කරුවාගෙන් සහ වෙළඳ දැන්වීම් සකස් කිරීමට වුවමනා කරන ආයතනවලිනුයි. සමාජය කාන්තාව දකින්නේ එබඳු ඇසකින් නම් අප කුමක් කරන්නද යන්න ඔහුගේ පිළිතුරයි. නමුත් එය වෙනස් කිරීමේ භාරදූර වගකීමෙන් වැඩි කොටසක් පැටවෙන්නේද ඔවුනටම ය.

කාන්තාව භාණ්ඩයක් ලෙස වෙළඳපළ තුළට ඉදිරිපත් කිරීම පුරුෂයාට සාපේක්ෂව බහුලව දැකිය හැකිය. පිරිමින් සම්බන්ධ රූපරාමු වලදී ඔවුන් ඉතා කඩිසර, නිර්භීත, උසස් චරිත ලක්ෂණ වලින් හෙබි අය ලෙස පෙන්වීමට උත්සාහ දරන අතර ගැහැනියගේ මෘදු මොලොක් බව, සියුමැලි කම, රූමත්කම පමණක් ඉස්මතු කිරීමට උත්සාහ දරයි. පුරුෂයා තුළ පවතින කඩිසරකම පෙන්වීමට වේගවත් සංගීත රිද්මයක් යොදා ගැනීමත්, කාන්තාවගේ මන්දගාමී බව පෙන්වීමට ඒ හා සමාන සංගීත රටාවක් උපකාර කර ගනී. මේ ක්‍රමය තුළින් වෙළඳ භාණ්ඩය විකුණා ගැනීමට පාරිභෝගිකයා තුළ උනන්දුවක් ඇති කරනවා මෙන් ම කාන්තාව කෙරෙහි ඇති වැරදි සමාජ මතය තහවුරු කිරීමද සිදුවේ.

තරඟකාරී වෙළඳපොළ තුළ ලාභය පසු පස හඹා යෑමේ තරගයෙන් ජය ගැනීමට ස්ත්‍රීත්වය පාවිච්චි කිරීම අද යුහුසුලුව සිදු වන්නක්. ස්වභාවයෙන්ම ස්ත්‍රීයට හිමි ලාලිත්‍ය අද සුලභ අලෙවි භාණ්ඩයකි. අද සමාජය තුළ ස්ත්‍රිය පිළිබඳ ආකල්පය ඉතා පහත් මට්ටමකට ඇද දැමීමට මෙය හේතුවකි. ලොව සුන්දරම වස්තුවක් වන ගැහැණිය, ඇය පිළිබඳ වන සමාජ ආකල්පය හරහා මෙවන් පහත් අඩියකට ඇද දැමීමට වර්තමාන වෙළඳ දැන්වීම්කරුවා උත්සාහ ගැනීම සමස්ථ සමාජයේම පිරිහීම සනිටුහන් කරන්නකි.

කාන්තාවගේ ලිංගිකත්වය හුවා දක්වමින් ලෝකයේ දැන්වීම් සකස් වී තිබෙන අන්දම ඉතා ජුගුප්සාජනක මෙන්ම හාස්‍යජනකයි. විශේෂයෙන්ම මීට දශක කිහිපයකට උඩදී මේ තත්ත්වය ඉතාම දරුණු අන්දමින් සිදු වුනා. පහත්ය යන වචනයවත් යොදන්නට බැරි තරමේ වෙළඳ දැන්වීම් ද මේ අතර වෙනවා.

මේ වෙළඳ දැන්වීම්වල විශේෂත්වය තමයි ලෝකයේම ප්‍රසිද්ධියට පත්ව තිබෙන ඉහළ පෙලේ වෙළඳ නාමයන් කාන්තාව අපහාසයට උපහාසයට හා අවමානයට ලක් කරන මෙම වෙළඳ දැන්වීම්වල හිමිකරුවන් වී සිටීම. ඒ අනුව බලන කළ ලිංගිකත්වයේ පදනම මත ගැහැණියට වෙනස් කොට සැලකීමේ සමාජ මතය ඇති කිරීමේ වරදකරුවන් බවට මෙම සමාගම් පත්ව සිටින බව කිව යුතුයි.

මේ ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයන් සහිත සමාගම් 70, 80 දශකවල සිය ප්‍රචාරණ කටයුතු සඳහා ගැහැණිය භාවිත කල අන්දම දැක්වෙන වෙළඳ දැන්වීම් කිහිපයක්.

https://weareezer.files.wordpress.com

https://media1.popsugar-assets.com

http://plum.io

http://lh5.ggpht.com

http://www.adeevee.com

https://i.imgur.com

http://i2.mirror.co.uk

https://i.pinimg.com

https://www.peta.org

http://neatdesigns.net

https://img.buzzfeed.com

https://i2.wp.com

https://stopsexismyoung.files.wordpress.com

https://i2.wp.co

https://ei.marketwatch.com

Cover image: businessinsider.com.au

Related Articles