Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

TikTok වාරණය කිරීමට සැරසේ

Musical.ly සිට TikTok දක්වා 

TikTok App එක අද වෙද්දී ලෝකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙන short video sharing platform එකක් බවට පත් වී අවසන්. මේ වෙද්දී මෙහි download count එක මිලියන 660ක් පමණ වෙන බව තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් tiktok ගැන කතා කරද්දී Musical.ly ගැන කතා නොකරම බැහැ. Musical.ly කියන්නෙ 2014 වසරේ Alex Zhu, Luyu Yang යන දෙදෙනා අතින් නිර්මාණය වුනු කෙටි lip-sync videos නිර්මාණය කළ හැකි app එකක්. ආරම්භයේ සිටම මේ app එක තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රිය වෙනවා. 2017 වසර වන විට එහි පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 200ත් ඉක්මවූවා. කොහොම වුණත්, 2017 වසරේ මේ Musical.ly App එකෙහි අයිතිය ByteDance සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියනයකට මිල දී ගන්නවා. ඉන් අනතුරුව ඔවුන්ගේ යටතේ පැවති TikTok App එක සමග merge කිරීම සිදුකරනවා. අද වෙද්දී මේ app එක භාෂා 75කින් ලෝකය පුරාම භාවිත වෙනවා. 

Musical.ly සිට TikTok දක්වා – channelnews.com.au

ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන් සහ බංගලාදේශයෙන් තහනම් වූ TikTok  

ඉන්දියාව

ඉන්දියාව තුළ මිලියන 120කට වැඩි පරිශීලකයන් පිරිසක් හිමි ‘TikTok’ හි නුසුදුසු අසැබි දේ අන්තර්ගත වන බවත්, ඒ මඟින් ඉන්දීය සංස්කෘතියට හානී වීම සිදු වේයැ යි ගොඩනැඟුණු චෝදනා සැලකිල්ලට ගනිමින් පසුගිය අප්‍රේල් 16 වෙනිදා මදුරාසි මහාධිකරණය ඉන්දියාවෙන් TikTok app එක ඉවත් කරන ලෙස google සමාගමට සහ apple සමාගමට දැන්වූවා. කෙසේ වෙතත්, මේ තහනම පැවතුණේ සතියක් වැනි ඉතාම කෙටි කාලයක් පමණයි. TikTok හිමිකාරිත්වය දරන ByteDance සමාගම මේ තහනම හේතුවෙන් ඔවුන් $500,000 පමණ පාඩුවක් ලබන බවත්, එවැනි නුසුදුසු දේ upload කිරීම නැවැත්වීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික පහසුකම් TikTok සතු බවත් අධිකරණයට දන්වා සිටියා. අවසානයේ සතියක් වැනි කාලයක් ඇතුළත TikTok තහනම ඉවත් කරගන්නට ByteDance සමාගමේ නීතීඥන් හට හැකි වුණා.

පසුගිය මාසයක දී නැවතත් ඉන්දීය අමාත්‍යවරුන් කිහිපදෙනෙක්ම, ඉන්දීය සංස්කෘතියට එරෙහි දේ අන්තර්ගත වීම නිසා ඉන්දියාවෙන් tiktok තහනමක් පිළිබඳව කතිකාවතක් ගොඩනගන්නට සමත් වුණා. මෙයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ sexually explicit content, cyberbullying වැනි දේ අඩංගු වීම යි. ඊට deepfakes වැනි ක්‍රමවේද ඔස්සේ විවිධ පුද්ගලයන් සහ චරිත සඳහා අපහාස වන අයුරින් නිර්මාණය වන videos පවා මෙහි අඩංගු බව ඔවුන් ප්‍රකාශ කළා. 

ඉන්දුනීසියාව

2018 වසරේ ජූලි මාසයේ 3 වෙනිදා කාමුක දර්ශන, අසභ්‍ය දේ, සහ විවිධ පුද්ගලයන්ට අපහාස වෙන දේ අන්තර්ගතයැ යි කියමින් ඉන්දුනීසියානු රජය TikTok වෙත චෝදනා එල්ල කරා. එවැනි දේ නැවත්වීමට සහ අදාළ content වාරණය කිරීමට 20 දෙනෙකුගෙන් යුතු කාර්යමණ්ඩලයක් ඉන්දුනීසියාව වෙත අනියුක්ත කිරීමට ByteDance සමාගම පොරොන්දු වුණා. ඉන් අනතුරුව 2018 ජූලි 11 වෙනිදා මේ තහනම ඉවත් කෙරුණා. 

බංග්ලාදේශය 

කාමුක සහ අසභ්‍ය දර්ශන ඇතුළත් video පට සහ වෙබ් අඩවි තහනම් කිරීමට බංගලාදේශය ගෙන යන ‘anti-porn war’ සංකල්පය සමග විවිධ වෙබ් අඩවි සහ apps 20,000කට අධික සංඛ්‍යාවක් තහනම් කිරීමට බංග්ලාදේශ රජය පසුගිය පෙබරවාරියේ දී කටයුතු කළා. මේ අතරට TikTok app එකත් ඇතුළත් වුණා. දීර්ඝ පැහැදිලි කිරීම්වලින් අනතුරුව මේ තහනමත් ඉවත් කරවා ගැනීමට ByteDance සමාගම සමත් වුණා. 

රටවල් ගණනාවකින් තරවටු එල්ල වූ Tiktok- theverge.com 

චීනයෙන් දැඩි තරවටුවක් 

2018 වසරේ සහ 2019 වසර දී දෙවතාවක්ම නව යොවුන් වියේ ගැබ් ගැනීම් නිරූපණය කරන වීඩියෝ වැනි “පිළිගත නොහැකි” content අන්තර්ගත වීම සම්බන්ධයෙන් Douyin (චීනයේ TikTok හඳුන්වන නාමය) වැනි apps ගණනාවකට චීන මාධ්‍යවලින් සහ රජයෙන් දැඩි අවලාද නැගුණා. මෙවැනි දෑ දිගින් දිගටම පළ වෙන්නේ නිර්මාණ developerවරුන්ගේ නොසැලකිල්ල නිසා බව යි රජය චෝදනා නගන්නේ. මේ චෝදනාව ඉතාම දැඩි ලෙස සැලකිල්ලට ගන්න ByteDance සමාගමට සිදුවෙනවා. ඒ ඔවුන්ගේ ප්‍රධාන සමාගම පිහිටියේත් චීනයේ නිසාම යි. මේ නිසා චීනයට නොගැළපෙන ඉතාම විශාල TikTok content ප්‍රමාණයක් filter කිරීම සිදුකරන බව යි දැනගන්නට ලැබුණේ. නමුත්, මේ filter කිරීම් නිසාම තවත් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න ByteDance සමාගම ඇතුළු TikTok කාර්යමණ්ඩලයට සිදුවෙනවා. 

ඇමරිකාවෙන් TikTok තහනමකට පරීක්ෂණ?

ඇමරිකානු සෙනෙට් සභික Marco Rubio-fastcompany.net

Theguardian.com වෙබ් අඩවියේ පසුගිය දිනෙක TikTok විවිධ content චීන රජයට පක්ෂපාතීව ඉවත් කිරීම පිළිබඳව ලිපියක් පළ වුණා. චීන රජයට විරුද්ධව කෙරෙන කතාබහ අඩංගු video වාරණය කරන බවට TikTok වෙත චෝදනා එල්ල වුණා. මේ තහනම් කරන video අතරට Tiananmen Square, Tibetan independence සහ Falun Gong වැනි සිදුවීම් වගේම, Hong Kong protests එක පිළිබඳව කෙරෙන ප්‍රකාශයන් පවා ඇතුළත් වුණ බව යි වාර්තා වන්නේ. මෙසේ චීන රජයට පක්ෂපාතීව සිදුකෙරෙන මෙම content ඉවත් කිරීම පිළිබඳව සමාලෝචනයක් සිදුකරමින් පර්යේෂණයක් පැවැත්විය යුතු බව, ඇමරිකානු සෙනෙට් සභික Marco Rubio එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ ආයෝජන කමිටුව (Treasury Department’s Committee on Foreign Investment in the United States – CFIUS) වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබෙනවා.

CFIUS වෙත යවන ලද ලිපිය- cdn.com

මේ ගැන theverge.com වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් TikTok හි නියෝජිතයෙකු ප්‍රකාශ කර තිබෙන්නේ; ඔවුන්ගේ content ඉවත් කිරීම පිළිබඳව කිසිම රජයක මැදිහත් වීමක් නොවන බව යි. කෙසේ නමුත්, මේ ගැන තවමත් CFIUS වෙතින් ප්‍රතිචාරයක් දක්වා නැහැ. 

මේ TikTok තහනම ගැන ඔබ මොකද හිතන්නේ? 

Related Articles