මේ කාලයේ අලුතෙන්ම කතාබහ කරන තාක්ෂණයන් අතර ඉදිරියෙන්ම ඉන්නේ කෘත්‍රීම බුද්ධිය හෙවත් AI බවට විවාදයක් නැහැ. ලෝකයේ ප්‍රධානතම තාක්ෂණික ආයතනයන් බොහොමයක්ම අති විශාල මුදල් සම්භාරයක් වියදම් කරමින් මේ ගැන පර්යේෂණ කරනවා. මීට කාලයකට කලින් කෘත්‍රීම බුද්ධිය යනු මිනිසෙක්ට සමාන ලෙස සිටිය හැකි රොබෝවෙක් කියා අදහසක් පැවතුණත්, අද බොහෝ විට AI තාක්ෂණයේ යෙදීම් තිබෙන්නේ වෙනත් පැතිවලින්.