ස්මාට්ෆෝනයේ එල්ලීගෙන ගමනේ යෙදෙන ස්මාට්ෆෝන් සොම්බි
අද කාලේ තරුණයන් අතර ජනප්‍රියම උපාංගය කුමක්ද කියා ඇසුවොත් ස්මාට්ෆෝනයට ලැබෙන තැන වෙනත් කිසිම උපාංගයකට ලබාගන්නට බැහැ. ස්මාට්ෆෝනය නැතිවුනොත් “ඉරපායන්නේ නෑ, ගෙදර බත් ඉදෙන්නේ නෑ, වැඩක් කරන්න හිතෙන් නෑ, ඇදෙන් නැගිටින්න හිතෙන් නෑ “ වගේ රෝග ලක්ෂණ ගොඩකට අපේ නූතන තාරුණ්‍යය මුහුණ දෙනවා. ස්මාට්ෆෝනයේ මූණ ඔබාගත් තරුණයෙක් පාරට ගියාම කොහොම ද? ඒත් ඉතිං එහෙමම තමයි. එයාලගේ මුහුණ ෆෝන් එකෙන් එළියට එන්නේ නැහැ. ඒ කියන්නේ ෆෝන් එක තුළ ලෝකයට වශී කරලා වගේ, ඒකෙම මුහුණ තබාගෙන තමයි මේ ස්මාට්ෆෝන් පාවිච්චි කරන අය පාරේ යද්දිත්. පාරේ සිද්ද වෙන වෙනත් කිසිම දෙයක් ගැන කිසිම වග විභාගයක් නැතුව පාරේ යන මේ පිරිස, ඒ රටවල රථවාහන පාලන අංශ වලට වදයක් වෙලා.