Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෙස් සුදු වෙන එක නවත්වන්න පුළුවන් ද?

ඔබේ ජීවිත වෙනස් කරන කිසියම් දෛවෝපගත දිනයක් කෙදිනක හෝ උදා වනු ඇත. ඒ, ඔබ කැඩපතින් බලද්දී ප්‍රථම වරට ඔබේ හිසෙහි සුදු කෙස් ගසක් දකින දිනය විය හැකියි.

වයසට යන විට ඔබේ හිසකෙස් වෙනස් වීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. තරුණ පුද්ගලයෙකු ලෙස ඔබ දුඹුරු, කළු, රතු හෝ හිසකෙස් තිබුනත් දැන් ඔබ වැඩිහිටියෙක් නම්, ඔබේ හිසේ සමහර ප්‍රදේශ වල හිසකෙස් තුනී වීම හෝ මුල් පැහැය වෙනස් වී ගොස් අළු හෝ සුදු පැහැයක් ගෙන තිබෙන්නට පුළුවන.

https://static.pexels.com

මෙය ගැහැනුන්ට මෙන්ම පිරිමින්ටද පොදු වුවත්, රූපලාවන්‍යය ගැන නිරන්තර සැලකිල්ලක් දක්වන කාන්තාවන්ට නම් මෙය අති ඛේදනීය තත්ත්වයක් බවට පත් වෙනවා. මේ තත්ත්වයෙන් මිදෙන්න ඔවුන් ඕනෑම දෙයක් කරන්නට සූදානම්. කොණ්ඩය කළු කරන ඩයි වර්ග භාවිත කිරීම පමණක් නොව අද වන විට ලොව වඩාත් ප්‍රචලිත වී තිබෙන කොණ්ඩය විවිධ පැහැ ගැන්වීමේ ක්‍රම සුදු කොණ්ඩය නොපෙන්වීම සඳහා භාවිත කරන්නත් කාන්තාවන් පෙළඹී සිටිනවා. කෙසේ නමුත් සුදු කොණ්ඩයක් නොතිබුණත් ජනප්‍රිය විලාසිතාවක් ලෙස කොණ්ඩය පාට කරන්නත් තරුණ තරුණියන් මෙන්ම  වැඩිහිටි කාන්තාවන්ද කැමැත්තක් දක්වනවා. කොණ්ඩය විලාසිතාවක් ලෙස පාට කිරීම පිළිබඳව පසුව කතා කරමු. දැන් කතා කරන්න යන්නේ කොණ්ඩය සුදු වෙන්නේ ඇයි ද යන්න ගැනයි.

කෙස් සුදු වීම ඥානවන්ත බවේ ලකුණක් ද?

https://www.roseberrytailoring.com

ශත වර්ෂ ගණනාවකට පෙර සුදු කෙස් නුවණ මුහුකුරා ගිය බවට සලකුණක් සේ සිතුවා (අද ද එසේ සිතන අය සමාජයේ සිටිනවා). දහසය වැනි ලුවී රජුගේ කාලයේ දී රාජ සභාවේ සුදු බොරු කොණ්ඩයක් පළඳින්නට පුරුදුව සිටි එක්ස්ප්රස් කීවේ සෑම දෙනාම මහලු බවක් පෙන්වන්නට කැමති බවයි. මන්ද තමන් ඥානවන්ත ලෙස පෙනී සමාජයට පෙනී  සිටින්නට  කැමති නිසයි.

සංස්කෘතියට ලැදි අපේ තරුණ පෙළ කොයි හැටි වෙතත් අවුරුදු පතා ඩොලර් මිලියන 1000 කට වඩා හිස කෙස් පාට කිරීමේ නිෂ්පාදන සඳහා වැය කරනවා. අද ගැහැණු 40% කුත් පිරිමි 8% ක් තම කෙස් ඩයි කර ගන්නවා. එසේ කරන්නේ බොහෝ විට කෙස්වල සුදු බව සඟවා ගනු පිණිස යි. මෙම වෙනස අප අපගේ මහලු විය සමඟ සම්බන්ධ වෙනවා. අප කිසිවෙක් මහලු බව පෙනෙනවාට ස්වභාවයෙන්ම කැමැත්තක් දක්වන්නේ නෑ.

ස්වභාවිකව කෙස් සුදු වන අන්දම

ඔබේ පළමු වැනි සුදු කෙස් ගස ගැලවෙන්නේ වයස අවුරුදු 15 දී පමණ. අවුරුදු තිහ වන විට 25% ක් පමණ මිනිසුන් සහ ගැහැණුන්ගේ සුදු කෙස් දැකිය හැකියි. සම්පූර්ණ සුදු කෙස් දැකිය හැක්කේ සියයට විස්සකට පමණ යි. ඉතා ටික දෙනෙකුගේ පමණක් එබඳු ලකුණක් හෝ දැකිය හැකි නොවේ.

http://www.fineart.sk

සුදු කෙස් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඒ සඳහා විවිධ කරුණු බලපානවා. කෙස්වල වෙනස් වීම දැනෙන අයුරින් ආරම්භ වන්නේ වයස 34 දී පමණ වුණත්  50% ක ගේ පමණ කෙස්වලින් අඩක ප්‍රමාණයක් සුදු වන්නේ වයස අවුරුදු පනහෙ දී යි.

Cleveland Case Western Reserve විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දොස්තර ජෙරමි ලීට් කියන විදිහට කළු කෙස් සුදු වීම ආරම්භ වෙන්නේ වයස අවුරුදු 44 දී යි. මෙහිදී පරම්පරාවේ ආරයට යමින්  ඔබේ මවුපියන් ගේ ඔවුන්ගේ මවුපියන් ගේ කෙස් සුදු වීම පටන් ගත් ආකාරයටම ඒ වයසේදී ම ඔබගේ ද කෙස් සුදු වීම ආරම්භ වෙන්න පුළුවන්.

එහා මෙහා සෙලවිය හැකි දෙයක් වුනත් ඇත්තෙන්ම කෙස් හැදිලා තියෙන්නේ  අපගේ නියපොතු සෑදීමට උපකාරී වන කෙරටීන් සහ ප්‍රෝටීන් වලින්. උපදින්නට මාස තුනකට පෙර ඔබට උරුම වන හිස කෙස් ප්‍රමාණයේ සෛල සෑදී අවසන් වෙනවා. රන්වන් පැහැ කෙස් නම් 140,000ක් පමණ දුඹුරු වන් කෙස් නම් 108,000ක් පමණ ද රතු පැහැ කෙස් ගස් නම් 90,000 ක් පමණ ද වෙනවා. මෙම සෛල මූලයන් හි කෙස් ගස සෑදීමට අවශ්‍ය පෝෂණය ජලය හෙවත් බීජය පිහිටනවා. මේ පිහිටන්නේ සමේ දෙවන ස්ථරයේ යි. මෙම සියුම් බීජය තුළ පැපිලා සහ මැට්‍රික්ස් නම් රසායන සංයෝගයක් තියෙනවා. කෙස්ගස පිටතට එවන්නේ එම සංයෝගය මගින්.

වර්ණක

කෙස් ගස සෑදීම ආරම්භයේදී ඒවා දහස් ගණනක් ඉතා කුඩා පැකට්වල ඇහිරී තිබෙනවා. ඒවා තුළ මෙලනින් වර්ණකය අඩංගුයි. එහිදී මෙලනිසයිට්ස් (Melanicytes) නමැති සෛල නිෂ්පාදනය වන අතර ඒ තුළ මූලික වර්ණක දෙකක් මිශ්‍රව පවතිනවා. මිනිසුන්ගේ හිස කෙස් විවිධ වනමින් වර්ණ කරන්නේ මේ සායම් මිශ්‍රණයෙන්. එක් ද්‍රව්‍යයක් වන යුමෙලනින් කෙස් වැටිය තද කළු පැහැයේ සිට ලා දුඹුරු පැහැය දක්වා පාට කරන අතර අනෙක වූ පිමෙලනින් කෙස් රන්වන් පැහැයේ සිට රන්වන් දුඹුරු හෝ රතු පැහැය දක්වා පාට කරනවා.වර්ණක ප්‍රමාණය, හැඩය, දිස්නය සහ ඝනකම මිනිස් කෙස් වර්ණ සංයෝගයක් බවට පත් කරනවා.

melani sites – https://md-7.com

රන්වන් පැහැ කෙස් ඇතිව උපදින අයගේ කෙස් පසුව සෙමෙන් අඳුරු පැහැයට හැරෙන්නේ ඔවුන්ගේ මෙලනිසයිට්ස්වල ම ක්‍රියාකාරිත්වය වැඩි වීම නිසයි. ක්‍රමයෙන් අඳුරු පැහැයට හැරීම බොහෝ විට මැදි වයස හා බැඳී තිබෙනවා. රත් පැහැ කෙස් තරුණ වයසේදී ම දුඹුරු පැහැයට හැරෙන්න පුළුවන් වගේම  රතු කෙස් මධ්‍යම වයසේදී ම රතට හුරු දුඹුරු පැහැයටත් හැරෙන්න පුළුවන්.

අප වයස විස්ස පසු කරන විට අපගේ මෙලනිසයිට්ස් නිෂ්පාදනය පහත වැටෙනවා. අලුතෙන් මතු වන කෙස්ගස් උරුම කරගන්නේ පෙර තිබූ වර්ණකයෙන් ඉතා අඩු කොටසක්‌. මේ අනුව කෙස් දුඹුරු පැහැයට හැරෙනවා දකින්න පුළුවන්. මෙලනිසයිට් සම්පූර්ණයෙන්ම ක්‍රියා නොකරන තත්ත්වයට පැමිණි කල ඉන්පසුව වැඩෙන කෙස් කොහෙත්ම වර්ණකයක් නොලබා ප්‍රෝටීනවල ස්වභාවික පැහැය වන සුදු පැහැය ගන්නවා.

http://www.5138hairtherapy.com

අප අලු පාට දැයි තේරුම් ගන්නා කෙස් බොහෝ විට දෘෂ්ටි මායාවක්. එහි ඇත්තේ වර්ණ සහිත කෙස් සමග කිසි දින සුදු නොවන කෙස් එකතු වීමක්. මේ කෙස්වල වර්ණය අනුව සියයට පණහක ප්‍රමාණය අනෙකුත් කෙස්වල වර්ණයෙහි වෙනස පෙන්වන්නට කලින් සුදු පැහැ වෙනවා. මේ නිසා කෙස්වල වර්ණය දුඹුරුවන්ව පෙනෙන්න පුළුවන්.

මෙසේ පවසන්නේ ඩලාස් හි බේලර් හෙයාර් රිසර්ව් ඇන්ඩ් ට්‍රීට්මන්ට් සෙන්ටෙර් හි   පාලක දොස්තර කෝල්මන් ජාකොබ්සන් ය. මන්ද අළු පැහැ සහ සුදු කෙස් ඒවා පෙන්නුම් කරන තද පැහැයක් නිසා මිනිසුන් ඒවා මුලින් දකින්නේ තද අඳුරු පැහැයකින්. එහෙම වුනත් ලා පැහැති කෙස් වැඩි වශයෙන් අළු පැහැය ගන්න අවස්ථා තියෙනවා.

සිරුරට වැළඳෙන විවිධ රෝග නිසා අළු පැහැ කෙස් ඇති වෙයි. හර්පීස්, සොස්ටෙර්, ටයිෆස්, මැලේරියා,ඉන්ෆ්ලුවෙන්සා එබඳු රෝගයි. තවත් කරුනුත් මේ සඳහා හේතු වෙනවා. එනම් තදබල අනතුරු විවිධ කිරණවලට නිරාවරණය වීම හය්පෙර්තයිරොයිඩතාවය, දියවැඩියාව, මන්දපෝෂණය විවිධ වණ ඇති වීම නීරක්තිය ආදී දේයි.

කෙස්වල වර්ධන අවස්ථා

http://www.skinandhairacademy.in

කෙස් සුදු වූයේ කෙසේද යන්න විස්තර කරන්න නම් ඔබ කෙස් වල ස්වභාවික වර්ධන ක්‍රමය ගැන දැනගෙන ඉන්න ඕනේ. එහි වර්ධන අවස්ථා තුනයි.

පළමුවැන්න ඇතගන් හෙවත් පැල වෙන සමයයි. මෙහිදී අලුත් කෙස් ගසක් මසකට අඟල් භාගයක් පමණ දිගින් වැදෙනවා. පැල වී අවුරුදු දෙකේ සිට හය දක්වා ගිය පසු එය සති කීපයක විරාමයක් ගන්නවා. එය කැටගන් හෙවත් විරාම සමයයි. ඊට පසු මාස තුනක් පමණ ටොලගන් අවදිය යි. මෙය කෙස් වල හැඩය සකස් වන  කාලයයි. නැවත ඇනගන් අවධියට එළඹෙන කෙස් පරණ ඒවා ඉවතට තල්ලු කරමින් නැගී එනවා.

http://media.dermatologyadvisor.com

ඇතැම් අවස්ථාවල ඇලෝපිඩියා ඇරියේටා නමැති අසාත්මිකතාවය නිසා කෙස් මුල්වලට ඇනගන් අවධියේ සිදුවන බලපෑම හේතු කොටගෙන කළු කෙස් වැඩි ප්‍රමාණයකුත් නොදැනෙන තරම් සුදු කෙස් ප්‍රමාණයකුත් ඇති වෙන්න පුළුවන්. මෙම අසාත්මිකතාවය නිසා වැඩිහිටියන්ගේ කළු කෙස් සතියකින් පමණ හැලී ගොස් සුදු කෙස් පමණක් ඉතිරි වෙනවා. මෙහි දී දින කිහිපයක් තුළ කෙස් කළු පැහැ හෝ සුදු පැහැ ගැන්වෙනවා.

විද්‍යානුකුලව බලන විට අළු පැහැ වූ කෙස් ආපසු කළු පැහැ කරන්න නම් පුළුවන්කමක් නැහැ. නමුත් මෙලනිසයිට්ස් උද්දීපනය කිරීමෙන් පෙර පැවතී ස්වභාවික පෙනුම ආපසු ලබා ගන්න  තියෙනවා.

කෙස් නැවත මුල් තත්වයට පත් කර ගත හැකිද?

රෝග  නිසා ඇතිවන වෙනස්කම් ඖෂධ හා පෝෂණය ලබා දීමෙන් බොහෝ විට යථා තත්ත්වයට ගෙන එන්න පුළුවන් කියලා කොක්සන් සාලි කියනවා. විටමින් බී 12 ගැනීමෙන් කෙස් නැවත මුල් පැහැයට හරවා ගන්න පුළුවන් කියලා මතයක් තියෙනවා.

https://content.newsinc.com

අළු පැහැ කෙස් දුටුවහොත් ඔබ විසින් අද කළ යුතු හොඳම දෙය කුමක් ද? එය ඔලුව ඇතුලට යන්න දෙන්න එපා මනෝ වෛද්‍ය තෝමස් කෑෂ් පවසනවා. ඇතැම් මිනිසුන් සුදු පැහැ කෙස් රොදක් දැකීමෙන් ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න පිළිබඳව ආත්ම විශ්වාසය අඩු කර ගන්නවා. කෙස් සුදු පැහැයට හැරීම මිනිස්සුන්ට සහනයක් ලබා දෙන්නේ නැහැ වගේම එය පොදු සාධාරණ සිදුවීමක් විතරයි කියන එක අවබෝධ කරගන්න ඕනේ.

පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ බොහෝ මිනිසුන් කෙස් පාට කිරීමට විරුද්ධ වන්නේ එය වරදක් ලෙස සලකන නිසයි. ඔවුන් ඒවායේ ස්වාභාවික පැහැයෙන් තෘප්තියට පත් වෙනවා. කොහොම වුනත් සුදු පැහැ කෙස් වලට හුරු පුරුදු වුනාට පස්සේ ඔබේ සිතටත් සන්සුන් බවක් ඇති වෙයි.

Cover photo –gnet.org

sources:

kidshealth.orgl

stylecraze.com

gaizupath.com

visihow.com

Related Articles