Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ සාර්ථක ව්‍යවසායිකාවන් පස් දෙනා

බ්‍රාහ්මණ යුගයේ පටන් ගෘහයට පමණක් සීමා වී සිටි ඉන්දියානු කාන්තාවෝ අද ඉන්දියානු සමාජය තුළ අති සාර්ථක ගමනක් පැමිණ තිබෙනවා. ලෝකය දැන් ඔවුන් දෙස බලන්නේ ගරුත්වයකින්. ඉන්දියාවේ ව්‍යාපාරික කාන්තාවන් ඉන්දියාව පමණක් නොව ලෝකයේම අවධානය යොමු කරගන්නට සමත් වී තිබෙනවා.

එපමණක් නොවෙයි, ඉන්දියාවේ ව්‍යාපාරික කාන්තාවන් දේශපාලනික, සංගීත, විලාසිතා, චිත්‍රපට, විනෝදාස්වාදය සහ ව්‍යාපාර ලෝකයේ සෑම ක්ෂේත්රයකම සිය අණසක පවත්වාගෙන යාමට සමත් වී තිබෙනවා. හින්දු ධර්ම ග්‍රන්තය ‘ශක්ති’ හි නිර්මාපකයා ලෙස කාන්තාවන් නිර්වචනය කරනවා. ඇය නිවසේ ගැටළු විසඳීම හෝ සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන සෑම අවස්ථාවකදීම ශක්ති සංකල්පය නිරූපණය කරන අන්දම දක්නට අපහසු නැහැ.

විවිධාකාර හැකියාවන්, ආකර්ශනීයභාවය, ගැටළු විසඳීමේ හැකියාව, අවස්ථානුකූලව කටයුතු කිරීමේ  සහ අභියෝගවලට මුහුණ දීමේ කැමැත්ත සහ හැකියාව සහිත, ඉන්දියාවේ වඩාත් සාර්ථකතත්වයට පත් වූ කාන්තා ව්‍යවසායකාවන්  5 දෙනා ගැනයි අද අපි කතා කරන්න යන්නේ.

ආචාර්ය කිරම් මසුම්දාර් ශව්

 

www.google.lk

 

‘Biotech රැජින’ ලෙස ඉන්දියාවේ ප්‍රසිද්ධියට පත්ව සිටින ආචාර්ය කිරම් මසුම්දාර් ජාත්‍යන්තර Forbes සඟරාව මගින් එළිදක්වා  තිබෙන ජාත්‍යන්තරයේ බලවත්ම ව්‍යාපාරික කාන්තාවන් පනස් දෙනා අතුරින් එක් අයෙක්.

රුපියල් 10,000ක ප්‍රාග්ධනයක් අතැතිව තම ගරාජය කාර්යාල කාමරය බවට පත් කරගත් ඈ 1978 දී  තම ප්‍රථම ජීව රසායනිකය නිපදවනු ලැබුවා. ඇගේ Biocon සමාගම එතැන් සිට ජීව තාක්ෂණික ක්ෂේත්‍රය තුළ ඉහළ වර්ධනයක් ලබා ගන්නට සමත් වුණා.

ඉන්දිරා නූයි

thefamouspeople

PepsiCo සමාගමේ සභාපතිනිය වන ඉන්දිරා නූයිගේ නම නොමැතිව සාර්ථක කාන්තා ව්‍යවසායිකාවන්ගේ ලැයිස්තුවක් තිබෙන්නට පුළුවන්කමක් නැහැ.

ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව සහ ස්ථිර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඇති නිපුණතාව නිසාවෙන්  PepsiCo සමාගම අද වෙළෙඳ පොළේ විශාලතම වෙළෙඳ නාමය බවට පත් කරන්නට ඇයට හැකි වී තිබෙනවා.

ඉන්දිරා නූර් ලෝකයේ බලවත්ම කාන්තාවන් සිව් දෙනාගෙන් අයෙකු ලෙස Forbes සඟරාව නම් කර තිබෙනවා.

එක්තා කපූර්

http://www.tellychakkar.com

ටෙලිවිෂනයේ  ජනප්‍රිය “saas-bahu” ටෙලි නාට්‍ය මාලාව ආදර මෙන්ම වෛරී හැගීම් ඇති කරවන්නක් වුවද එය නැරඹීමෙන් වැළකී සිටීමට ඉන්දියානු ජනතාවට නොහැකි වී තිබෙනවා. බාලාජි නාලිකාවේ  නිර්මාණ අධ්‍යක්ෂවරිය වන එක්තා කපූර් ඉන්දියානු කාන්තාවන්  මිලියන ගණනකගේ හදවත් දිනා ගැනීමට සමත් වූවා.

ඉන්දියානු රූපවාහිනී කර්මාන්තයේ ඉතාම සාර්ථක එකම කාන්තා ව්‍යසායකාව වන්නේද ඇයයි. බොහෝ දෙන අයව හඳුන්වන්නේ ‘ඉන්දියානු රූපවාහිනී කර්මාන්තයේ රැජින’ ලෙස යි. ඇය හම්-පෑම්ප් හම් පන්ච් සමඟ ඇයගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළා.

ඇයට අනුව ඇයගේ සාර්ථකත්වය ලෙස ඈ දකින්නේ සියලුම කලාත්මක අංගයන් සමඟ සමීප සම්බන්ධතාවයකින් ක්‍රියා කිරීමයි.

නීලම් ධවාන්

http://www.ciol.com

අපි ඉන්දියාවේ සාර්ථක කාන්තා ව්‍යවසායකයින් ගැන කතා කරන විට අපට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රධාන පෙළේ මෙම කාන්තා නාමය මගහැර යන්නට බැහැ.

මයික්රොසොෆ්ට් ඉන්දියා හි කළමණාකාර අධ්‍යක්ෂවරිය වන නීලම් ධවාන් තොරතුරු තාක්ෂණ කර්මාන්තයට අද්විතීය සේවාවක් කළ කාන්තාවක්. ඉන්දියාවේ මයික්‍රසොෆ්ට් සමාගමේ විකුණුම් හා අලෙවිකරණ අංශය ක්‍රියාත්මක වන්නේද ඈ යටතේයි.

ශාහ්නාස් හුසේන්

i.pinimg.com

ඇය අද වන විට ඉන්දියාවේ ඉහළම කාන්තා ව්‍යවසායකන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛ ව්‍යවසායිකාවක්. ඇය තම ව්‍යාපාරය ආරම්භ කළේ කිසිදු ප්‍රාග්ධනයක් අතේ නොමැතිවයි. ඇගේ සමාගම වන ෂානාස් හුසේන් හර්බල්ස් ඩොලර් මිලියන 100 ක ආයෝජනයක් සහිත ව්‍යාපාර ආයතනයක්.

ඒ විතරක් නෙවෙයි සම්ප්‍රදායික ප්‍රචාරණ මිත්‍යාවන බිඳ හෙලූ  ඇය ඇගේ සමාගම සෙමින් ජනප්‍රියත්වය කරා ගෙන ගියේ  කටින් කට ප්‍රචාරණයෙන් පමණක් වීම විශේෂත්වයක්. 2006 දී ඉන්දියානු රජය ශාහ්නාස්ව ‘පද්ම ශ්‍රී’ සම්මානය පුදනු ලැබුවා.

Cover image – http://bigstartups.in

Related Articles