
ලෝකයේ උතුම්ම සම්පත දරුවන් කියලා කියන්නේ නිකන් නෙවෙයි. අනාගතයේ අපේ ලෝකය භාර ගන්න සමත් දරුවන් බිහි කරන්න නම් ඔවුන් මව් කුසට එන්නට පෙර සිටත්, ගර්භණී සමයේදීත්, ළදරු හා ළමා වයසේදී ඔවුන්ට නිසි රැකවරණය, සෙනෙහස, මගපෙන්වීම සහ ගුරුහරුකම් ලබා දීම දෙමව්පියන්ගේ වගකීමක්. මේ ලිපිය කියවන ඔබ අද යම් තැනක සිටිනවා නම් එහි ගෞරවයෙන් විශාල ප්‍රමාණයක් දෙමව්පියන්ටත් හිමියි. මීළඟට බිහි වෙන පරම්පරාවේ අනාගත සාර්ථකත්වයේත් අති මහත් කොටසක් අපේ දරුවන් නිසි ලෙස හදා වඩා ගැනීම මත තීරණය වෙනවා.
දරුවෙකු කුසට ආ දිනයේ පටන් ඔහු හෝ ඇය වගකීම් සහගත වැඩිහිටියෙකු බවට පත්වන තුරු දෙමව්පියන්ට පැවරෙන භාරදූර රාජකාරිය සුළුපටු නැහැ. විශේෂයෙන්ම ගර්භණී සමයේ සිට පාසල් යන වයස දක්වා කාලය තුළ දරුවන්ගේ සෞඛ්‍යය, නීරෝගී බව, හැසිරීම සහ ක්‍රියාශීලීත්වය තනිකරම පාහේ දෙමව්පියන්ගේ රැකවරණය මත තීරණය වෙනවා.
දරුවෙකුගේ අනාගතය තීරණය කරන වටිනාම අවධියක් වන මේ සමයේ ඒ කටයුත්තට හොඳ මගපෙන්වීමක් ලබා ගන්න පුළුවන් වෙබ් අඩවියක් දැන් එළිදක්වලා තියෙනවා. ගර්භණී සමයේ සිට දරුවාගේ පාසල් කාලය දක්වා ඔබටත්, දරුවාටත් විශ්වාසයෙන් භාවිත කළ හැකි නිෂ්පාදන ගණනාවක් ගෙන එන Pears තමයි මේ වෙබ් අඩවිය ඔබට තිළිණ කරන්නේ. ඒ තමයි pearsbaby.com
අම්මා කෙනෙකු වීම ගැන හැම දෙයක්ම තේරෙන සිංහලෙන්ම

pearsbaby.com
ගර්භණී සමය ගැනත්, ළදරුවන් හදා වඩා ගැනීම ගැනත් හොඳම උපදෙස් ලබා ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේම දෙමව්පියන්ගෙන්, වෛද්‍යවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් බවට සැකයක් නැහැ. කොහොම නමුත් වර්තමානයේ ගෙවන අතිශය කාර්යබහුල ජීවිතත් එක්ක තොරතුරු සොයා ගැනීම සඳහා අන්තර්ජාලය, සමාජ වෙබ් අඩවි සහ මිතුරන්ගේ සහයත් ලබා ගන්න බොහෝ දෙනා පෙළඹී සිටිනවා. ඉතාම පහසුවෙන් ඉංග්‍රීසියෙන් තොරතුරු සොයා ගන්න බොහෝ තැන් තිබුණත් සිංහලෙන් තොරතුරු ලබා ගත හැකි විශ්වාසවන්ත පීඨිකාවක් මේ වන තුරු තිබුණේ නැහැ.
මුල්වරට අම්මා කෙනෙක් වෙන්නට සිටින කාන්තාවන්ට පවතින අවිනිශ්චිත බව අවම කරගෙන විශ්වාසයෙන් එයට මුහුණ දෙන්න වැදගත් දෙයක් තමයි ගර්භණී බව ගැන තමන්ගේ දැනුම දියුණු කර ගැනීම. ඒ වෙනුවෙන් පරිහරණය කරන්න පුළුවන් විශ්වාසනීය තොරතුරු අඩංගු පීඨිකාවක වැදගත් කම ඉතා ඉහළයි. ගර්භණී සමයේදීත්, දරුවා බිහි වන්නට ආසන්න වෙද්දීත්, උපන් අලුතත්, ළදරු හා ළමා කාලයේදීත් ඔබට අවශ්‍ය විය හැකි වටිනා තොරතුරු, විස්තර රැසක් මේ වෙබ් අඩවියේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම අඩංගු වෙලා තියෙනවා. අලුතින් දෙමව්පියන් වෙන්නට සිටින කාටත් pearsbaby.com තුළින් ලබා ගත හැකි දේ බොහොමයි.
ගර්භණී සමයේ මුහුණ දෙන්න වෙන දේවල් ගැන පරිපූර්ණ කැලැන්ඩර් එකක්.

pearsbaby.com
දරුවෙකු කුසට පැමිණිය වෙලාවේ පටන් මෙලොවට බිහි වෙන තුරු කාන්තාවකට මුහුණ දෙන්න සිදු වෙන අලුත් අත්දැකීම් බොහොමයි. මේ කාලය තුරාවටම ඔබට විශ්වාසයෙන් ඉදිරි කාලයට මුහුණ දෙන්න නම් ඒ ගැන හොඳ දැනුමක් සහ සූදානමක් පවත්වා ගැනීම ඉතා වැදගත්.
ගර්භණී සමය මාස තුනක් බැගින් වූ කොටස් තුනකට බෙදා වෙන් කෙරෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. සාමාන්‍ය ව්‍යවහාරයේ ට්‍රයිමෙස්ටර කියලා හැඳින්වෙන මේ සමයන් තුනේ අපිට අත් විඳින්න ලැබෙන, අප මතක තබා ගත යුතු දේවල් එකිනෙකට වෙනස්. ඔබ මේ ට්‍රයිමෙස්ටර පසු කරමින් ගර්භණී බවේ ඉදිරියට යනකොට සතියෙන් සතියට බලාපොරොත්තු විය හැකි හැම දෙයක්ම pearsbaby.com වෙබ් අඩවියේ “ගර්භණී කැලැන්ඩරයේ” පැහැදිලිව දක්වලා තියෙනවා. මේ හා සම්බන්ධ වටිනා ලිපිත් කාලයෙන් කාලයට එහි පළ කරන්න Pears ආයතනය කටයුතු කරනවා.

pearsbaby.com
ළදරු අවධිය ගැන උපදෙස් සහ බබාට අපූරු නම් රාශියක්

pearsbaby.com
පවුලට අලුත් බබෙක් ගෙන ආවාට පස්සේ වැදගත්ම දේවල් බොහොමයක් සිදු වන්නේ පළමුවැනි අවුරුද්ද තුළයි. මේ කාලය පුරාවටම සතියෙන් සතියට ඔබට වැදගත් විය හැකි තොරතුරු හැම දෙයක්ම ඉතා සරලව pearsbaby.com හි “ළදරුවා” තීරයේ දක්වලා තියෙනවා. අලුත උපන් කිරිකැටියෙකු රැක බලා ගැනීම, පෝෂණය කිරීම, සතුටින් තැබීම ගැන අලුතෙන්ම අත්දැකීම් ලබන මව්වරුන්ටත්, පොදුවේ අලුත් දෙමව්පියන්ටත් මේ උපදෙස් ඉතාම ප්‍රයෝජනවත් වේවි.

pearsbaby.com
ඔබේ බබාට අපූරු නමක් මේ වෙබ් අඩවියේ “බබාට නමක්” තීරයෙන් සොයා ගන්නත් අවස්ථාව තියෙනවා. ඔබේ දරුවාට ජීවිත කාලයටම ලබා දෙන නම අරුත්බර, අලංකාර, නව ලෝකය සමග ගණුදෙනු කරන්න ගැළපෙන එකක් වීම අත්‍යාවශ්‍යයි නේද? නොගැළපෙන, කියන්න අපහසු, අනෙක් අයගේ විහිලුවට ලක් වෙන නම් තමන්ගේ බබාට යෙදීම මොන තරම් අනුවණකමක්ද කියලා තේරෙනකොට බොහෝ වෙලාවට පරක්කු වැඩියි. ගැහැණු දරුවන්ට වගේම පිරිමි දරුවන්ටත් අරුත්බර නම් බොහොමයක් මෙහි අඩංගුයි වගේම කාලයෙන් කාලයට අලුත් වන ලස්සන නම් එකතු කරමින් මේ නාමාවලිය තවත් පුළුල් කරන්නත් Pears කටයුතු කරනවා.
සිඟිති අවධියේ සහ පෙර පාසල් අවධියේ වැදගත් දේවල්

pearsbaby.com
පළමු අවුරුද්ද ගත වෙනවාත් එක්කම නව දෙමව්පියන්ට දරුවෙක් හදා වඩා ගැනීම ගැන හොඳ අත්දැකීම් හිමි වෙනවා. නමුත් සිඟිත්තෙක් ඊළඟ අවුරුද්ද ගත කරන විදිහත් ඔවුන්ගේ අනාගත වර්ධනයට හරිම වැදගත්. දරුවෙක් තමන්ගේ ජීවිතයේ බොහෝ අත්දැකීම් ලබන්නේ මේ සමයේදීයි. ඒ සමය පුරාවට දෙමව්පියන් විදිහට ඔවුන්ට රැකවරණය සලසන හැටි, ඔවුන්ගේ වර්ධනයේ බලාපොරොත්තු විය හැකි දේවල් ගැන “සිඟිත්තා” තීරයෙන් දැන කියා ගන්න පුළුවන්.

pearsbaby.com
අවුරුදු දෙකේ සිට පාසල් සමය දක්වා දරුවන්ගේ මුල්ම ගුරුවරුන් වෙන්නේ ඔවුන්ගේ දෙමව්පියන්. කතාවක් තියෙනවා දරුවන් බලා ගන්න අපහසුම මේ අවධියේ කියලත්. අත්දැකීම් තුළින් ඉගෙන ගන්නා මේ වයසේ දරුවන්ට අලුත් දේ ඉගෙන ගන්නට සෙනෙහසින් කියා දෙන හැටි, ඔවුන්ට සෙල්ලම් කරමින් සතුටින් ඉන්නට ඉඩ සලසන අතරේම සනීපාරක්ෂාව සහ රැකවරණය සලසන හැටි ගැනත්, ටිකෙන් ටික වැඩෙද්දී ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැකි හැසිරීම්, ඔවුන්ගේ අවශ්‍යතා ආදිය හඳුනා ගන්නා හැටිත් “පෙර පාසල් දරුවා” තීරණයෙන් දැන ගත හැකියි.
මේ සියලුම අවධීන්වලදී දැනුවත් විය යුතු වැදගත් දේවල් බොහොමයක් ගැනත් කාලයෙන් කාලයට වටිනා ලිපි මේ තීරයන් තුළ පළ කෙරෙනවා.
ඔබේම ගිණුමක් විවෘත කරගෙන අනාගතයට හොඳ සූදානමක් ලබා ගන්න.

pearsbaby.com
මේ කියපු දේවල් සේරම වඩාත් හොඳින් අත්විඳින්න pearsbaby.com වෙබ් අඩවියේ ඔබේම ගිණුමක් විවෘත කර ගැනීම ගොඩක් වැදගත් වේවි. එවිට ඔබ මේ වන විට ගත කරමින් සිටින සමයට අනුව වඩාත්ම වැදගත් තොරතුරු ඔබ වෙතටම ලබා ගන්න හැකියාව ලැබෙනවා. උදාහරණයක් විදිහට ඔබ ගර්භණී කාන්තාවක් නම් දරුවා ලැබෙන දිනය ඇතුළත් කිරීමෙන් ඉදිරි සතිවලදී බලාපොරොත්තු විය හැකි අත්දැකීම් ගැන, ඔබට දැනුවත් වී සිටීමට වැදගත් කාරණා ගැන තොරතුරු වගේම සතුටින් සහ විශ්වාසයෙන් ඉදිරියේදී අම්මා කෙනෙකු වෙන්නට සූදානම් වෙන්න උදව් වෙන වටිනා දේවල් බොහොමයක් නියම කාලයේදීම ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට දැනගත යුතු ඕනෑම දෙයක් වෙනුවෙන් 1323 අංකයත් විවෘතව තිබෙන බව අමතක කරන්න එපා.
රටේ අනාගතයට සාර්ථක දරු පරපුරක් දායාද කරන්නට අපි කාටත් පවතින මහඟු වගකීම සුළුපටු නැහැ. එයට නිසි ආත්ම විශ්වාසයෙන් වගේම දැනුවත් බවින් යුතුව මුහුණ දෙන්න නම් සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබ වෙත තිළිණ කෙරෙන pearsbaby.com අපූරු පීඨිකාව නිතර භාවිත කරන්න කියලා අපිත් ඔබට ආරාධනා කරනවා. මේ ලිපිය වැදගත් විය හැකි සියලුම දෙනා සමග share කරගන්නත් අමතක කරන්න එපා.
කවරයේ රූපය : pearsbaby.com