ඇමරිකාවේ මූලාරම්භය, “ජේම්ස් ටවුන්”
කොළොම්බස්ගේ දේශ ගවේශනය හේතුවෙන් යුරෝපීය ජාතීන්ට විවර වූ නව ලෝකය හෙවත් ඇමරිකාව 17 වන සියවසේ දී ජනපදකරණයට ලක්වුණා. අද ලෝකෙම බලවතා විදිහට සැලකෙන ඇමරිකානු එක්සත් ජනපදය බිහිවුණේ 17වන සියවසේ බිහි වූ එක් පුංචි නගරයකින්. ඒ, “ජේම්ස්ටවුන්”.