මහා අධිරාජ්‍යයක අවසන් පාලක තමා වියයුතුයැ සිතූ සුල්තාන්වරයා
ඔටෝමන් අධිරාජ්‍යය ගැනත්, පාලක සුල්තාන්වරුන් ගැනත් ඔබ අසා ඇති. කලක දී ඉසුරුමත් සහ බලවත් අධිරාජ්‍යයක් ලෙස වැජඹුණු ඔටෝමන් අධිරාජ්‍යය, පසුව අදූරදර්ශී, දුර්වල සුල්තාන්වරුන් අතට පත්වීම නිසා පරිහාණියට ලක්වුණා. නමුත් එයට යළි දියුණුව සහ කීර්තිය ළඟා කරගැනීමට කැපී පෙනෙන කාර්යයක් ඉටුකළ සුල්තාන්වරයෙකු, ඔහුත් සමගම අධිරාජ්‍යය අවසන් විය යුතු බව තීරණය කළ බව ඔබ දැනගෙන සිටියා ද?