දකුණු අප්‍රිකාවේ දී සංගාගෙන් අමතක නොවන ඉනිමක්
2011 ලෝක කුසලාන පරාජයත් සමග කුමාර් සංගක්කාර ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වූ අතර, ඊළඟට නායකත්වයට පත්වූයේ තිලකරත්න ඩිල්ශාන්. ඔහුගේ නායකත්වය යටතේ ලැබුණු මුල් තරගාවලි කිහිපයම ඉතා අසීරු ඒවා වුණා. ඔහුගේ නායකත්වය යටතේ එංගලන්ත සංචාරය, ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය, සහ පකිස්ථානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති සියලු එක්දින හා ටෙස්ට් තරගාවලි පරාජයට පත්වුණා.