
අද වන විටත් නිරුපද්‍රිතව පවතින ඉතා පැරණි මාළිගාවන් ඕනෑම රටකින් වාගේ දැකගන්නට පුළුවන්. මේවා බොහොමයක් ඉතා අලංකාර, සංකීර්ණ, හා සුවිශාල ඉදිකිරීම් වෙනවා. මේ ඒවා අතරින් විශාලතම 5 පිළිබඳ තොරතුරු යි.
ඔඑන්සැල්ස්බර්ග් මාලිගය – වර්ග මීටර 54,523

ඔඑන්සැල්ස්බර්ග් මාලිගය පිහිටා තිබෙන්නේ ඔස්ට්‍රියාවේ සැල්ස්බර්ග් නුවර යි. මෙය යුරෝපයේ පවතින විශාලතම හා හොඳින්ම සංරක්ෂණය වී පවතින් මාලිග අතුරින් එකක් වෙනවා. මෙය ඉදිකොට ඇත්තේ ක්‍රි.ව 1077 දී වන අතර, 1495 සිට 1519 වසර අතර කාලයේ දී වර්තමානයේ පවතින ප්‍රමාණයට විශාල කොට තිබෙනවා.
වින්ඩ්සර් මාලිගය – වර්ග මීටර 54,835

වින්ඩ්සර් මාලිගය සැලකෙන්නේ වර්තමානයේත් ජනාවාසව පවතින ලොව විශාලතම මාලිගය ලෙස යි. මෙය එංගලන්තයේ විශාලතම මාලිගය ද වෙනවා. වින්ඩ්සර් දෙවන එලිසබෙත් මහරැජිණට අයත් මාලිගයක් වන අතර ඇය නිතරම පාහේ එහි යාම් ඊම් සිදුකරනවා.
ප්‍රාග් මාලිගය – වර්ග මීටර 66,761

චෙක් ජනරජයේ ප්‍රාග් නුවර පිහිටා ඇති ප්‍රාග් මාලිගය සැලකෙන්නේ ලොව විශාලතම මාලිගයන් අතර ඉහළින් සිටින්නක් ලෙස යි. මෙහි මූලික ඉදිකිරීම් කටයුතු සිදු කෙරී තිබෙන්නේ ක්‍රි.ව 9 වන සියවස තරම් ඈත අතීතයක යි. අනතුරුව 18 වන සියවස වන තුරු මෙහි විශාලකිරීම් වැනි දේ සිදුව තිබෙනවා. මේ තුළ ශාන්ත වයිටස් දේවස්ථානය, ශාන්ත ජෝර්ජ් බැසිලිකාව වැනි ප්‍රසිද්ධ ස්ථානයන් කිහිපයක්ම පිහිටා තිබෙනවා.
මෙහෙරන්ගාර් බලකොටුව – වර්ග මීටර 81,227

ඉන්දියාවේ, රාජස්ථානයේ ජෝද්පූර්හි පිහිටා ඇති මෙය නිල වශයෙන් බලකොටුවක් ලෙස හැඳින්වූවත්, මාලිගයක් ලෙස ද පහසුවෙන් හැඳින්විය හැකියි. මෙය පිහිටා ඇත්තේ මීටර 122ක් උස කඳු මුදුනක යි. මෙහි බිත්ති මීටර 36ක උසකින් යුක්ත වන අතර, මීටර 21ක පළලකින් යුක්ත යි. මෙයට ඇතුළුවන්නට කපොළු 7ක් පසුකළ යුතු වෙනවා. මෙහෙරාන්ගර් බලකොටුව 1459 වසරේ දී රාජ්පුත් රජ රාඕ ජෝධා විසින් සාදා තිබෙනවා. මෙය අද පවතින තත්ත්වයට විශාල කර ඇත්තේ 17 වන සියවසේ දී යි.
මැල්බෝක් මාලිගය- වර්ග මීටර 143,591

පෝලන්තයේ මැල්බෝක් නුවර පිහිටා ඇති මෙම මාලිගය සැලකෙන්නේ ලොව විශාලතම මාලිගය ලෙස යි. මෙය 1274 වසරේ දී ටියුටන් නයිට්වරුන් විසින් සාදා ඇති අතර මෙය සතුරු ප්‍රහාර වලක්වාලීමේ සහ උතුරු බෝල්ටික් ප්‍රදේශ පාලනය කිරීමේ මූලස්ථානය ලෙස භාවිත කොට තිබෙනවා. මෙය 1466 වසර වන තුරු කිහිප විටක්ම විශාල කොට අද පවතින මට්ටමට ගෙනවුත් තිබෙනවා.