Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිසුන් 12000ක් එක්වර මරණයට පත් කළ – ටැම්බෝරා ගිනිකන්ද

ලෝකය පුරා ගිනිකඳු විශාල ප්‍රමාණයක් පවතී. ඒවාගෙන් ඇතැම් ඒවා විටින් විට සක්‍රිය වේ. ඇතැම් ගිනිකඳු නිරන්තරයෙන් සක්‍රිය වී පවතී. කලක් සිට නිහඬව සිට එක් වරම සක්‍රීය වන ගිනි කඳු මහා විශාල හානි සිදු කරයි. ටැම්බෝරා යනු එවැනි පිපිරීමක් නිසා විශාල හානියක් සිදු කළ ගිනිකන්දක් ලෙස හැඳින්විය හැක. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ටැම්බෝරා ගිනි කන්ද හා එහි සිදු වූ දරුණුතම පිපිරීම් පිළිබඳ විස්තර ඔබට ගෙන ඒමටයි.

පිහිටීම හා භෞතික ලක්ෂණ

Image Credit: youtube.com

Sumbawa දූපතේ දකුණු වෙරළ තිරයේ පිහිටා ඇති ටැම්බෝරා ගිනිකන්ද අයත් වන්නේ ඉන්දුනීසියාවටයි. ඉන්දුනීසියාව තුළ සක්‍රීය ගිනි කඳු 150ක් පමණ පිහිටා ඇති අතර ටැම්බෝරා ගිනි කන්ද ඉන් ප්‍රධාන තැනක් ගනී. ටැම්බෝරා ගිනි කන්දේ උස මීටර් 2850ක් පමණ වේ. මෙය  සංයුක්ත යමහලක් (stratovolcano) ලෙස හැඳින්වේ. මෙවැනි ගිනිකඳු බොහෝ විට අධික බෑවුම් සහිත කඳු මත පිහිටා තිබේ. මෙම ගිනිකඳු වලින් පිට වන ලාවා බොහෝ දුරට පැතිරීම සිදු නොවන්නේ ඉක්මනින් සිසිල් වී ඝන තත්වයට පත් වන නිසාවෙනි.

පිපිරීමේ ඉතිහාසය

Image Credit: netralnews.com

විද්‍යාඥයින් සිදු කළ පරීක්ෂණ වලට අනුව 1815 වසරේ පිපිරිම සිදු වීමට පෙර මෙම ගිනි කන්ද තුන් වතාවක් විදාරණය වී ඇත. නමුත් මෙම පිපිරීම් වල ප්‍රමාණය කිසිවෙකුත් නොදනී. මෙලෙස විදාරණය වන්නට ඇතැයි විද්‍යාඥයින් උපකල්පනය කරන කාල වකවානු වන්නේ ක්‍රිස්තු පුර්ව 3910, ක්‍රිස්තු පුර්ව 3050, ක්‍රිස්තු වර්ෂ 740 දීය. විද්‍යාඥයන්ගේ පරීක්ෂණ වලට අනුව මේ සියලු විදාරණ අවස්ථාවලදී පෙන්වන්නට ඇත්තේ එක සමාන ලක්ෂණයි.

1812 වසරේදී වඩාත් සක්‍රීයව පැවති ටැම්බෝරා ගිනිකන්ද 1815 වසරේදී දරුණු ලෙස පිපිරීමට ලක් වූයේය. මෙයින් පසුව නැවත මෙම ගිනිකන්ද පුරා ගොස් ඇත්තේ 1880 වසර තුළයි. නමුත් එම පිපිරීමෙන් අවට ජීවත් වන්නන් හට හානියක් නොවුනේ එම පිපිරීම ගිනි කන්දේ කල්දේරාව තුළ සිදු වීම නිසයි. මේ පිපිරීම නිසා කුඩා ලාවා බැසයාම් නිර්මාණය විය.

1815 විදාරණය වීම

Image Credit: youtube.com

ඉතිහාසයේ සිදුවූ විශාලතම ගිනිකඳු පිපිරීම ලෙස මෙය වාර්තා වේ. මෙම පිපිරීමෙන් පසු ගිනි කන්දේ උස බොහෝ ප්‍රමාණයකින් අඩු වූ බව විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. මෙය පසුගිය වසර 10 000ක පමණ කාලය තුළ සිදු වූ බිහිසුණුම ගිනිකඳු පිපිරීම ලෙස සැලකේ. 1815 වසරේ අප්‍රේල් මස 5 වන දින මෙහි විශාල ශබ්දයක් සහිත පිපිරීමක් ඇති විය. මෙම පිපිරීමේ හඬ සැතපුම් සිය ගණනක් යනතුරු පැතිරී ගිය අතර බොහෝ දෙනා සිතා ඇත්තේ මෙය කාලතුවක්කු වෙඩි මුරයක් ලෙසයි. මෙය යුද්ධයක සංකේතයක් ලෙස සැලකූ රටවල් යුද්ධයක් සඳහාද සුදානම් විය. මෙම පිපිරීමේ සෘජු බලපෑමෙන් මිනිසුන් 12000ක් පමණ ප්‍රමාණයක් මරණයට පත් වන ලදි.

කාලගුණ විපර්යාස

ටැම්බෝරා ගිනිකන්ද පිපිරීයාම බලපාන ලද්දේ ඉන්දුනීසියාවට පමණක් නොවේ. එය මුළු ලෝකයේම කාලගුණ තත්වයන් වලට බලපාන ලදී. මෙම ගිනිකන්ද පිපිරීමෙන් පිට වූ අළු වලින් නිර්මාණය වූ වලාකුළු හේතුවෙන් ලෝක උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 5කින් පහත වැටුණි. මෙම වලාකුළ හිරු එළිය සෘජුවම පොළවට පතිත වීම වළක්වන ලදි. ලෝකයේ උතුරු ඇමරිකාව හා උතුරු කොටසේ පිහිටා ඇති අනෙකුත් රටවල් මෙම උෂ්ණත්වය පහළ යාමෙන් දැඩි සේ පිඩාවට පත් විය. මේ හා සමාන කාලගුණික විපර්යාස 1883 වසරේදී ක්‍රැකටෝවා ගිනිකන්ද පිපිරීමෙන් පසු හා 1991 වසරෙදී  pinatobo ගිනිකන්ද පිපිරීමෙන් පසුද ඇති විය.

Image Credit: orangesmile.com

“ටැම්බෝරා” නමැති ග්‍රන්ථයේ කතු වරයා වන Gillen D’Arcy ප්‍රකාශ කර ඇත්තේ 1815 වසරේ සිදු වූ ටැම්බෝරා පිපිරීම ලෝකය වෙනස් කළ පිපිරීමක් වන බවයි. ඔහු පවසන අන්දමට මේ පිපිරීම නිසා ඉන්දුනීසියාවේ සිට අයර්ලන්තය දක්වා වූ වගාවන් අසාර්ථක වූයේය. මිලියන ගණනක් අනාථ වූ සරණාගතයින් වෙනත් නගර කරා ගමන් කරන ලදි. මෙයින් සල්ෆර් ඩයොක්සයිඩ් ටොන් ගණනින් මීටර් 400ක් පමණ ඉහළට යනතෙක් වායුගෝලයට මුදා හරින ලදි. මේ හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය පහළ යෑම සිදු විය. තවද මැග්මා ඝන කිලෝමීටර් 30 පමණ ගිනිකන්දෙන් පිටතට පැමිණි අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ සියලුම ස්වභාවික ගස් වැල් ආදිය විනාශයට පත් වන ලදි.

ටැම්බෝරා ගම්මානය විනාශ වීම

Image Credit: earlham.edu

1815 දී ටැම්බෝරා ගිනිකන්ද විදාරණය වීම නිසා ලවා ඉතා ඉහළට වීසි වන ලදි.  පැය කීපයක් ඇතුළත සම්පූර්ණ ටැම්බෝරා ගිනිකන්දම ලවා වලින් වැසුණු ගිනි ගොඩක් බවට පත් විය. මේ හේතුවෙන් ගිනිකන්ද අසල තිබු ටැම්බෝරා ගම්මානය වැළලී යන ලදී. සෙන්ටිමීටර් 20 ක් පමණ විශාලත්වයකින් යුතු වන යමහල් පාෂාණ වැස්සක් ඊට නුදුරින් තිබූ Sanggar ගම්මානයට ඇද හැලුණි.

ගිනි කන්දේ වර්තමාන ආර්ථික වාසි හා පිහිටා ඇති ගම්මාන

ටැම්බෝරා ගිනිකන්ද පිහිටා ඇති ප්‍රදේශය විවිධ විද්‍යාත්මක පරීක්ෂණ හා පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන් කිරීමට යොදා ගනී. මීට අමතරව මෙහි ස්වභාවික පිහිටීම නිසා සුන්දරත්වය නැරඹීමට හා ගිනි කන්ද පිහිටා ඇති කන්ද තරණය කිරීමට බොහෝ සේ සංචාරකයින් ඇදී ඒම සිදු වේ. ටැම්බෝරාවට ආසන්නතම නගර දෙක වන්නේ Dompu හා Bima ය. ටැම්බෝරා ගිනි කන්දේ බෑවුම් ප්‍රදේශ වල ගම්මාන තුනක් පිහිටා ඇත. නැගෙනහිර බෑවුමේ පිහිටා ඇත්තේ Sanggar ගම්මානයයි. වයඹ බැවුම් ප්‍රදේශයේ පිහිටා ඇත්තේ Doro Peti හා Pesanggrahan ගම්මාන වන අතර බටහිර බෑවුම් ප්‍රදේශයේ Calabai ගම්මානය පිහිටා ඇත.

කවරයේ පින්තුරය – nytimes.com

Related Articles