Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබ මූල්‍ය අංශයේ රැකියාවක් ගැන සලකා බැලිය යුතු හේතු 5ක්

නව වසරක් ඇරඹෙන්නට ආසන්නවත්ම, බොහෝ වෙනස්කම් සිදුවෙනවා. නව වසරේ දී පාසල් හැර ගොස් තම උසස් අධ්‍යාපනය ආරම්භ කිරීමට සහ/හෝ ශ්‍රම බලකායට ඇතුළු වීමට සූදානම් වන සිසුන්ට ජීවිතයේ මීළඟ අදියරට පිවිසෙන්නට විශේෂයෙන් වැදගත් වෙනවා. 

ඔබේ ජීවිතයේ ඉතිරි කාලය සම්පූර්ණයෙන්ම තීරණය කරන යමක් වෙනුවෙන් ඔබේ කාලය, ශක්තිය සහ සම්පත් ආයෝජනය කිරීමට එක් විශේෂිත ක්ෂේත්‍රයක් තෝරා ගැනීම ව්‍යාකූල සහ අපහසු විය හැකියි. 

බොහෝ පුද්ගලයන් සඳහා මූල්‍ය අංශය සෑම විටම පළමු විකල්පය නොවුණත්, මෙය අතිවිශාල විභවයන් සහිත ක්ෂේත්‍රයක්. පශ්චාත් වසංගත යුගයක ආර්ථික පුනර්ජීවනයක් කරා ශ්‍රී ලංකාව ගෙන යාමට උපකාර කිරීම සඳහා නව මූල්‍ය වෘත්තිකයන්ගේ පරම්පරාවක් අවශ්‍ය වෙනවා. 

දේශීය කොටස් වෙළෙඳපොළ තුළ නව බලාපොරොත්තු ජනිත වෙද්දී, ව්‍යාපාර සඳහා උචිත රටක් බවට වන දර්ශකයේ ඉහළට ශ්‍රී ලංකාව ඇදෙද්දී (2025 වන විට මුල් 25 තුළට යාමට අපේක්ෂිතයි), පෝර්ට් සිටි ව්‍යාපෘතිය අවසන් අදියරට පැමිණෙද්දී ඍජු විදෙස් ආයෝජන සමඟ ඇති වන නව අවස්ථා නිසා රට තුළ මූල්‍ය අංශයේ රැකියා අවස්ථා ඉහළ යාමක් අපේක්ෂා කළ හැකියි.

ft.com

 

ඉතින්, මූල්‍ය අංශයේ රැකියාවක් ඔබේ හොඳම තෝරාගැනීම කර ගැනීමට හේතු පහක් මෙසේයි.

  • අඛණ්ඩ වෙනසක්

මූල්‍ය අංශය යනු නිරන්තරයෙන් විකාශනය වන, නිරන්තරයෙන් දියුණු වන සහ ගෝලීය වශයෙන් ඉල්ලුමක් පවතින කර්මාන්තයක්. සාමාන්‍යයෙන් පිටතින් බැලූ කල එය තනි ඒකකයක් ලෙස සලකනු ලැබුවත්, මූල්‍ය අංශය කියන්නේ සැබවින්ම විවිධාංගීකෘත ක්ෂේත්‍රයක්. 

පශ්චාත් වසංගත යුගයක ලොව පුරා සිදුවෙමින් පවතින වේගවත් ඩිජිටල්කරණයත් සමඟ, තාක්ෂණය ද මූල්‍ය ක්ෂේත්‍රය උත්ප්‍රේරණය කරමින් පවතිනවා. ඉන් සැමට ඉගෙනීමට, වැඩි දියුණු වීමට සහ ජය ගැනීමට නව අංශ රැසක් වෙත මං පෙත් විවර වෙනවා. අනාගතයේදී තාක්‍ෂණය සහ කෘත්‍රීම බුද්ධිය (AI) සමඟ විශාල ඒකාබද්ධ කිරීම් අපේක්ෂා කරන මූල්‍ය අංශය තුළ නව දොරටු විවර වීම සඳහා විශාල විභවයක් තිබෙනවා. 

ඔබ ඒකාකාරී කාර්යයන් කිරීමට කම්මැලි වන පුද්ගලයෙක් නම්, ඔබට ඕනෑම විටක මූල්‍ය අංශය තුළ උද්‍යෝගිමත් අවස්ථා ගවේෂණය කළ හැකියි.

  • අඛණ්ඩව විවෘත වන නව අවස්ථා

මූල්‍ය අංශය තුළ විවිධ වෘත්තීය මාර්ග හරහා දේශසීමා තුළ සහ ඉන් පිටත නිමක් නැති අවස්ථාවන් බිහි වෙනවා.  ‘පුළුල් වීම’ මූල්‍ය කර්මාන්තය සමඟ ගැඹුරින් බැඳී ඇති සංකල්පයක් නිසා ලොව පුරා සමාගම් විවිධ රැකියා භූමිකාවන් හරහා මූල්‍ය වෘත්තිකයන් සොයා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරනවා. 

මෙයින් අදහස් කරන්නේ මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තියක් කරගෙන යාමෙන් ඔබව වෙනත් ක්ෂේත්‍රවල දුර්ලභ අවස්ථාවන් සහ ස්ථාන වෙත ද ළඟා විය හැකි බවයි.

නව සබඳතා වර්ධනය කර ගැනීමට, දේශසීමා තරණයට, නව සංස්කෘතීන් ගැන ඉගෙන ගැනීමට සහ අත්දැකීමට කැමති අයට එම ඉලක්කය සපුරා ගැනීම සඳහා මූල්‍ය අංශය හොඳ දොරටුවක් විය හැකියි. 

  • අභියෝගවලට පෙම් බඳින්නෙක් ද?

කැපවීම, නිර්මාණශීලිත්වය සහ විශේෂිත කුසලතා අවශ්‍ය වන බොහෝ රැකියා මූල්‍ය ලෝකයේ තිබේ. ඔබ නිරන්තරයෙන් අභියෝග සොයා යමින් ඔබටම අභියෝග කරගන්නා කෙනෙක් නම්, මේ ඔබේ අවස්ථාවයි.

මුළු කර්මාන්තයම අධිවේගී ගමනක නිරතව සිටින බැවින්, ඔබට ඔබේ ජීවිතයේ වඩාත් ප්‍රීතිමත් ගමනක් මූල්‍ය අංශ‍ය තුළ ලද හැකියි. අද සෑම මූල්‍ය රැකියා භූමිකාවකටම ගැටළු විසඳීමේ කුසලතා අවශ්‍ය වන අතර, අවදානම් සහිත බාධකවල සිට එදිනෙදා කාර්යයන් දක්වා වූ සෑම දෙයකටම එවන් කුසලතා වැදගත් වෙනවා.

  • වඩාත් ස්ථාවර ක්ෂේත්‍රයක්

ලෝකය කොවිඩ් සමඟ ‘නව සාමාන්‍යය’ කරා ළඟා වන්නටත් පෙර සිටම මූල්‍ය වෘත්තිකයන්ගේ අවශ්‍යතාව දැඩිව පැවතුණි. ඔවුන් නොමැති ලොවක ව්‍යාපාරවලට අත්‍යවශ්‍ය උපාය මාර්ග, ආයෝජන, අයවැයකරණය සහ තවත් දේ පිළිබඳ අවබෝධය අහිමි වනු ඇත. ඔවුන්ගේ සහාය නොමැතිව, ව්‍යාපාර අඛණ්ඩව කරගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රශස්ත ව්‍යාප්ති මාර්ග, නිෂ්පාදන සහ සේවා කාර්ය සාධනය, පාලනය සහ අනාගත අරමුණු තීරණය කිරීම ව්‍යාපාරවලට අපහසු වනු ඇත. 

එබැවින් මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති හොඳ දෙය නම් මූල්‍ය වෘත්තිකයන්ට ඇති ඉල්ලුම කිසි විටෙකත් අඩු නොවන බැවින් ඕනෑම තැනක රැකියා අවස්ථාවක් තිබීමයි. මීට අමතරව, මූල්‍ය රැකියා සැලකිය යුතු තරම් ලාභදායී බව ඔප්පු වී තිබෙනවා. ඉතින් ඔබ සොයන්නේ ස්ථාවර රැකියා ජීවිතයක් නම්, මූල්‍ය අංශය ඊට හොඳම විකල්පයක්. 

  • පුද්ගල හැකියා වර්ධනයට උත්තේජනයක්

මූල්‍ය අංශය යනු සංඛ්‍යා, සංඛ්‍යාලේඛන, කරුණු සහ සංඛ්‍යා සමඟ කටයුතු කරන හැඟීම් වලින් තොර, තාර්කික ක්ෂේත්‍රයක් ලෙස පෙනෙන්නට පුළුවන්. එය අර්ධ වශයෙන් සත්‍ය නමුත්, මූල්‍ය අංශය කියන්නේ ඔබේ අන්තර් පුද්ගල කුසලතා, නව සබඳතා ගොඩනගා ගැනීම සහ තවත් බොහෝ දේ තුළින් ඔබේ හැකියාවන් දියුණු කර ගත හැකි විශිෂ්ට මෙවලමක්. 

නිදසුනක් වශයෙන්, පාර්ශ්වකරුවන්ගේ තෘප්තිය කර්මාන්තයේ විශාල කොටසක් වන අතර, පාරිභෝගික සේවා ආකෘතිය සහ ව්‍යාපාරවල සන්නිවේදනය වෙනස් කිරීමේදී තාක්‍ෂණය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇති නිසා සේවාදායකයින්ගේ අපේක්ෂාවන් සපුරාලීම පෙරට වඩා පහසු වී තිබෙනවා. ඒ හරහා ඔබට වඩා හොඳින් හැකියා ප්‍රදර්ශනය කිරීමට, ධනාත්මක අත්දැකීම් නිර්මාණය කිරීමට සහ සේවාදායකයින් සහ ගනුදෙනුකරුවන් සමඟ දිගුකාලීන සබඳතා ගොඩනඟා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා.

මූල්‍ය අංශය තුළ සාර්ථක වීමට නම්, ඔබ ඔබේ රැකියාවේ පුද්ගල සහ පුද්ගල-නොවන අංශ දෙකම භාර ගැනීමට හැකි හොඳින් පරිපූර්ණ පුද්ගලයකු බවට පත් විය යුතු අතර, එය ඔබේ පුද්ගලික දියුණුව ඇති කරගන්නටත් උත්තේජනයක් වේවි. 

කොතනින් ද පටන් ගන්නේ?

මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තියක් ආරම්භ කිරීම දුෂ්කර කාර්යයක් සේ පෙනුනත්, එය එතරම් අපහසු නැහැ. මූල්‍ය ලෝකයට පිවිසීමට පෙර කළ යුතු වැදගත්ම දෙය වන්නේ, ඔබට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබා දෙන විශ්වාසදායක සුදුසුකමක් ලබා ගැනීමයි.

විද්‍යාව මෙන් නොව, මූල්‍ය අංශයේ හොඳ තත්ත්වයකට පත්වීම සඳහා ඔබට පුළුල් පසුබිමක් සහ දශක ගණනාවක අධ්‍යයනයක් අවශ්‍ය වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, ඔබගේ වර්තමාන රැකියා විෂය පථය කුමක් වුවත්, ඔබ දැනට මූල්‍ය අංශයට කිසිසේත් සම්බන්ධයක් නැති ක්ෂේත්‍රයක සේවය කළත්, විද්‍යා විෂය ධාරාව තෝරාගෙන ඇති ශිෂ්‍යයෙක් වුවත්, ඔබට මූල්‍ය සුදුසුකමක් ලබා ගෙන රැකියාව/අධ්‍යාපන මාර්ගය මුළුමුනින්ම වෙනස් කරගන්නට පුළුවන්.

ACCA වැනි පුළුල් සහතික කිරීම් මූල්‍යකරණයට පිවිසීමට සහ ඉහළටම යාමට කැමති අයටත්, රැකියාවට වටිනාකමක් එක් කරගැනීමට අපේක්ෂා කරන අයටත් හොඳ අතිරේක සුදුසුකම් ලෙස සැලකෙනවා.

mocah.org

ආශාව සහ උනන්දුව ඇති ඕනෑම කෙනෙකුට මුල්‍ය ක්‍ෂේත්‍රයේ දොරටු විවෘතව පවතින නමුත්, බොහෝ දෙනෙක් මෙම අංශයේ පසුබිම ගැන සම්පූර්ණයෙන් වටහාගෙන නොමැති බව පෙනේ.

නිදසුනක් වශයෙන්, වඩාත් සංවර්ධිත ආර්ථිකයන් සහිත රටවල මූල්‍ය සාක්ෂරතා අනුපාතය සාමාන්‍යයෙන් 65% වුවත් ශ්‍රී ලංකාවේ එය 35% ක් වීම සැලකිය යුතු කරුණක්.

අධ්‍යයනයක දී, ව්‍යාපාර-නොවන උපාධි අපේක්ෂකයින් සාමාන්‍ය මූල්‍ය සාක්ෂරතා මට්ටම 100% න් 42.83% ක් පමණක් පෙන්නුම් කර ඇති අතර, ඔවුන්ගේ ආයෝජන පිළිබඳ දැනුම 28.16% ක් පමණක් වුණා.

වඩා හොඳ අධ්‍යාපනයක් සහ නිපුණතා පුහුණුවක් ලබා ගැනීමෙන් මේ ගැටළුව විසඳිය හැකියි. රාජ්‍ය, පුද්ගලික හෝ ආයතනික ක්ෂේත්‍රවල වේවා, මූල්‍ය අංශය පිළිබඳ ඉගෙනීම වඩාත් ආර්ථික අවපාතයන් ඇති මෙවන් කාලවලදී වැදගත් විය හැකියි.

ප්‍රගතිය කරා යා හැකි පැහැදිලි මාර්ග, විවිධ භූමිකාවන්, ආකර්ෂණීය වැටුප්, ප්‍රතිලාභ සහ ස්ථාවරත්වය පිළිබඳ සහතිකය සමඟින්, මූල්‍ය අංශය කියන්නේ අභියෝගයක් අපේක්ෂා කරන අයට හෝ ඕනෑම තැනක රැකියාව කිරීමට තරම් තමන්ට වටිනාකමක් ගොඩනගා ගත හැකි සුවිශේෂී කර්මාන්තයක්.

Related Articles