Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කළු සුදු ඉරි රටා මවන සීබ්‍රාවන්

ලෝකයේ ඇති සත්ත්ව වර්ග අතරින් වරක් දුටුවොත් හොඳින් මතකයේ රැඳෙන සත්ව කොට්ටාශයක් ලෙස සීබ්‍රාවන් දැක්විය හැක. ඊට හේතුව ඔවුන්ගේ ශරීරයේ පවතින විවිධ කළු හා සුදු ඉරි රටාවන්. සීබ්‍රාවන් යනු අප්‍රිකානු ක්ෂීරපායී විශේෂයකි. මොවුන් ස්වරූපයෙන් බුරුවන්ට බොහෝ සේ සමානකම් දක්වයි. වේගයෙන් දිවිය හැකි මොවුන් ශක්තිමත් සත්ව කොට්ටාශයක් ලෙසද දැක්විය හැක. මෙම ලිපිය තුලින් අප බලාපොරොත්තු වන්නේ සීබ්‍රාවන් පිලිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමටයි.

ශරීර ලක්ෂණ

blog.oxforddictionaries.com

මොවුන්ගේ කුලයේ නාමය වන්නේ Quidae ය. ක්ෂීරපායී සතෙකු වන සීබ්‍රාගේ ආයු කාලය වසර 25ක් පමණ වේ. බර කිලෝග්රෑම් 200 සිට 450 දක්වා පරාසය තුල දැකිය හැක. මොවුන්ගේ ශරීරයේ දිග මීටර් 2.2 සිට 2.5 දක්වා වෙනස් වේ. පැයට කිලෝමීටර් 65ක පමණ වේගයෙන් දිවිය හැකි සත්වයෙකු වන සීබ්‍රා තමාව ගොදුරු කර ගැනීමට වෙනත් සතෙකු පන්නාගෙන එන විට තමාට දිවිය හැකි උපරිම වේගය භාවිත කරයි. මොවුන් සාමාන්‍යයෙන් තණබිම් ආශ්‍රිතව ජීවත් වේ. අශ්වයින්ගේ ශරීර පෙනුමට සමාන හැඩයක් ඇති මොවුන්ට ඝනකමින් යුතු හමක් ඇත. කකුල් සිහින්ය. මීට අමතරව රොද ගැසුණු වලිගයක් හා දිග හිසක් පවතී.

සීබ්‍රා වර්ග අනුව වෙනස් වන රේඛා

kids.nationalgeographic.com

සීබ්‍රාවන් ප්‍රධාන වර්ග තුනකින් දැකිය හැක. ඒ Grevy’s සීබ්‍රාවන්, Mountain සීබ්‍රාවන් හා Plain සීබ්‍රාවන් ලෙසයි. Plain සීබ්‍රාවන් තවත් උප වර්ග 6 කට බෙදා දැක්වෙන අතර Mountain සීබ්‍රාවන් උප වර්ග දෙකකට බෙදා දැක්වේ. මේ සෑම සීබ්‍රාවෙකුගේම පිටේ කළු සුදු ඉරි රටාවක් දැකිය හැක. සෑම සීබ්‍රා වර්ගයකම ඉදිරි ඝාතයේ ඇති ඉරි රටාවන් ත්‍රිකෝණාකාර හැඩයක් මවයි. Grevy’s සීබ්‍රාවන්ගේ පසුපස ඝාත වලද ත්‍රිකෝණාකාර රටා දැකිය හැකි වුවත් අනෙක් සීබ්‍රා වර්ග වල පසුපස පාදවල දැකිය හැක්කේ තිරස් රේඛා රටාවන්ය. දහවල් කාලයේ මෙම ඉරි රටා හොඳින් දර්ශනය වුවත් විලොපිකයන් ගොදුරු සොයා යන සවස් කාලයේ මෙම ඉරි නිසා සීබ්‍රාවන් හොඳින් දර්ශනය නොවේ. මේ නිසා විලෝපිකයන්ට ඔවුන් සිටින දුර හරියටම තීරණය කර ගත නොහැක.

සීබ්‍රා රංචු

thefactsite.com

Mountain සීබ්‍රාවන් හා Plain සීබ්‍රාවන් ජිවත් වන්නේ පවුල් කණ්ඩායම් ලෙසයි. ඇතැම් විට පවුල් කණ්ඩායම් එකතු වී රංචු සකස් කර ගනී. මෙහිදී එම කණ්ඩායම් එක් සීබ්‍රාවෙකු, කාන්තා සිබ්‍රාවන් 6ක් පමණ හා ඔවුන්ගේ පැටවුන්ගෙන් සමන්විත වේ. Grevy’s සීබ්‍රාවන් සඳහා රංචු නැත. ඔවුන්ට රංචු පැවතුනත් ඒ ඉතා කෙටි කාලයක් සඳහා පමණි. මොවුන්ගේ තාවකාලික කණ්ඩායම් සාමාජිකයින් 30 කගෙන් පමණ සමන්විත වේ.

ජීවත්වන ප්‍රදේශ

Plain සීබ්‍රාවන් දැකගත හැකි වන්නේ සුඩානයේ සිට උතුරු සිම්බාබ්බේ දක්වා ඇති සැවානා බිම් වලයි. Grevy’s සීබ්‍රාවන් උතුරු කෙන්යාවට සිමා වී ඇත. Mountain සීබ්‍රාවන් ජිවත් වන්නේ නැම්බියාව, ඇන්ගෝලා හා නිරිත දිග අප්‍රිකාවේ ය.

සන්නිවේදනය

kids.sandiegozoo.org

සීබ්‍රාවන් ඉතා සමාජශීලි සත්ව කොට්ටාශයකි. මොවුන් සඳහා සන්නිවේදන ක්‍රම රාශියක් පවතී. විශේෂයෙන්ම මොවුන් මුහුණ භාවිහා කරමින් ඇස් ලොකු කිරීම දත් විරිත්තිම වැනි දේ වලින් විවිධ සන්නිවේදනයන් සිදු කරයි. ඔවුන්ගේ කන් මඟින්ද විවිධ සංඥා ලබා දීම සිදු කරයි. උදාහරණයක් ලෙස කන පසුපසට කිරීම මගින් ආපදාවක් පෙන්නුම් කරයි.

සීබ්‍රාවන් කණ්ඩායම් ලෙස සිටින විට සිටගෙන නිදා ගැනීම සිදු කරයි. මෙයට හේතුව වන්නේ විලෝපිකයන්ගේ අනතුරක් පැමිණියහොත් කණ්ඩායමක් ලෙස සිටීම ආරක්ෂා සහිත වීමයි. විලෝපික පහරදීමකදී ඔවුන් උස් හඬින් කෑ ගැසීම සිදු කරන්නේ අනෙක් අයට අනතුරු ඇඟවීමටයි.

සීබ්‍රාවන් ආහාරයට ගන්නා සතුන් ලෙස සිංහයන්, දිවියන් හා චිටාවන් දැක්විය හැක. මෙලෙස පහර දීමක් සිදු වන අවස්ථාවකදී කණ්ඩායමේ පිරිමි සතා අනෙකුත් අයට දුවන්නට සලස්වා ඔහු එම ස්ථානයේ රැඳී සිටි. පසුව ඔහුද දිවීමට පටන් ගනී. බොහෝ විට දිවීමට පෙර විලෝපිකයාට පහර එල්ල කිරීම සිදු වේ. මෙම පහර බොහෝ දරුණු විය හැකි අතර මෙයින් විපිකයාට තද බල තුවාල සිදු විය හැක.

සංක්‍රමණය වීම

truth-seeker.info

සීබ්‍රාවන්ගේ දැකිය හැකි සුවිශේෂිම ලක්ෂණයක් ලෙස ඔවුන්ගේ සංක්‍රමණය වීම දැක්විය හැක. සීබ්‍රාවන්  විශාල ප්‍රමාණයක් වාර්ෂිකව හැතැම්ම 1800ක පමණ දුරක් සංක්‍රමණය වේ. මොවුන් මෙලෙස සංක්‍රමණය වන්නේ ටැන්සානියාවේ Serengeti හා කෙන්යාවේ Masai Mara යන ප්‍රදේශ අතරයි. මෙලෙස සංක්‍රමණය වීමට හේතුව වන්නේ ඔවුන්ට අවශ්‍ය ආහාර හා ජලය සොයා ගැනීමයි.

ආහාර රටාවන්, ප්‍රජනනය හා වර්ගයා බෝ කිරීම

සීබ්‍රාවන් යානු ශාක භක්ෂක සත්ව කොට්ටාශයකි. ඒ නිසා ඔවුන් වැඩිපුරම ආහාරයට ගන්නේ තණකොළ වර්ගයි. මිට අමතරව කුඩා පඳුරු, පැළෑටි, කොළ වර්ග වැනි දෑ ද ආහාරයට ගනී.

pexels.com

වර්ගයා බෝ කිරීම පිලිබඳ කතා කිරීමේදී මොවුන් වසර පුරාම සංසර්ගය සිදු කරයි. ගැබ් කාලය මාස 12ත් 13 ත් අතර වේ. සීබ්‍රා පැටවුන් සුදු හා දුඹුරු පැහැයෙන් යුතු ඉරි සහිතව උපදී. මොවුන්ගේ මව දින 2-3ක් පමණ යන තෙක් සීබ්‍රා පැටවුන් අනෙකුත් සීබ්‍රාවන්ගෙන් ඈත් කර තබයි. මෙලෙස ඈත් කර තබන්නේ පැටවා තම මව, ශබ්දය හා ගඳ සුවඳ හඳුනා ගන්නා තුරුයි.

උපදින විට සීබ්‍රා පැටවකුගේ සාමාන්‍ය බර කිලෝග්රෑම් 25 ත් 40 ත් අතර පවතී. ඉපදුන අලුත ඔවුනට ඇවිදීමට හා සිට ගැනීමේ හැකියාව ඇත. කුඩා සීබ්‍රා පැටවුන් පෝෂණය වන්නේ තම මවගේ කිරි වලිනි. මොවුන් වසර 3 ත් 6 ත් අතර කාලයේදී මේරූ සීබ්‍රාවෙකු බවට පත්වේ.

සිබ්‍රාවන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇද්ද?

සිබ්‍රාවන් වර්තමානය වන විට විවිධ තර්ජනයන්ට මුහුණ දී ඇත. සංවර්ධන කටයුතු නිසා ඔවුන්ට වාසභූමි අහිමි වීම, හා ජලය හිඟ වීම වැනි තර්ජනයන් පවතී.  IUCN හී තර්ජනයට ලක්වූ සතුන්ගේ නාමාවලියට අනුව Plain සීබ්‍රාවන්  අවදානමට ලක්වී නොමැත. mountain සීබ්‍රාවන් අනතුරට භාජනය විය හැකි ලෙස නම් කර ඇති අතර Grevy’s සීබ්‍රාවන් තර්ජනයට ලක් වී ඇති යනුවෙන් නම් කර ඇත.

කවරයේ පින්තුරය – animals.sandiegozoo.org

Related Articles