Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිල් තල්මස් ලෝකය

ලෝකයේ සිටින ලොකුම සතා වන්නේ තල්මසා ය. දැනට හඳුනාගෙන ඇති ආකාරයට ලෝකයේ තල්මසුන් වර්ග 80ක් පමණ ජීවත් වේ. ලෝකයේ වඳ වී යන සත්ත්ව විශේෂ අතර තල්මසුන් ද ප්‍රධාන තැනක් ගනී. මොවුන්ගේ බෝ වීමේ වේගය 5.8%ක් වන විට වඳ වීමේ වේගය 3.7%ක් වේ. මිහිපිට සිටින සතුන් අතරින් ලොකුම මොළය ඇත්තේ ස්‌පර්ම් තල්මසාට ය. තල්මසුන් පිළිබඳ ලොව වටා විද්‍යාඥයින් විවිධ පර්යේෂණයන් පවත්වා ඇත. එම පර්යේෂණවල දී අනාවරණය වී ඇත්තේ තල්මසුන් බෙහෙවින් බුද්ධිමත් සතුන් බව ය. ඔවුහු සංකීර්ණ ශබ්ද රටා යොදා ගෙන එකිනෙකා සමග පණිවුඩ හුවමාරු කර ගනී. තල්මසා මත්ස්‍යයෙක්‌ නොවේ. ඌ අයත් වන්නේ ජලජ ක්‌ෂීරපායි පවුලට ය.  එයට හේතු කිහිපයකි.

  • තල්මසා ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ පෙණහළු මගිනි. වෙනත් මසුන් මෙන් කරමල් වලින් නොවේ. තල්මසාට කරමල් නැත. ආශ්වාසය සඳහා තල්මසා සෑම මිනිත්තු 5 කට 10 කට වරක් ජලය මතුපිටට පැමිණේ.
  • තල්මසාට හෘදය වස්තුව ද ඇති අතර ඌ උණුසුම් රුධිරය ඇති සත්ත්වයෙකි

bbc.co.uk

ප්‍රංශයේ ජාතික සාගර විද්‍යාඥයකු වූ ජැක්‌ස්‌ කුස්‌ටෝ තල්මසුන් පිළිබඳ වසර ගණනාවක්‌ තිස්‌සේ පර්යේෂණ සිදු කර ඇත. එම පර්යේෂණ වලට අනුව තල්මසා සාගරයේ සිටින හිතුවක්‌කාර ප්‍රචණ්ඩ සත්වයෙකු ලෙස පෙනී ගිය ද  ඌ තමන්ගේ පාඩුවේ සිටින සතුන් කොට්‌ඨාසයක්‌ බව හෙළිදරව් වී තිබේ. තල්මසුන් ගැන කරනු ලැබූ පර්යේෂණවල දී අනාවරණය වී ඇත්තේ මොවුන් අතර පවුල් සම්බන්ධතා හොඳින් පවතින බවය.

තල්මසාගේ ශරීර ලක්ෂණ

සිටේසියා ගෝත්‍රයේ යෝධයා  ලෙසත් නිල් තල්මසා හැඳින්වේ. පහත ශරීර ලක්ෂණ සාමාන්‍යයෙන් තල්මසෙකුගේ දැකිය හැක.

bbc.com

  • වැඩුණු නිල්  තල්මසෙකු  සාමාන්‍යයෙන්  මීටර් 30 ක් පමණ  දිගය.
  • ටොන් 125 සිට 160 දක්වා  අතර බරැතිය.
  • වලිගය මීටර් 6 ක් පමණ පළල වේ.
  • නිල් තල්මසාගේ මාංශ පේශි වල පමණක් බර ටොන් 50 ඉක්මවන අතර අස්ථි වල බර ටොන් 20 ක් පමණ වේ.
  • නිල් තල්මසාගේ දිවෙහි පමණක් බර ටොන් 2 ½ ක් පමණ වේ.
  • උපදින  විට  පැටවුන්  මීටර් 07 ක්  පමණ  දිගය.එමෙන්ම ඔවුන්  ටොන් 2-3 ක බරෙන්  යුක්ත වේ.
  • නිල් තල්මසාගේ ශරිරය අළු පැහැයට හුරු  නිල් පැහැතිය. මේ නිසා නිල් තල්මසා  ලෙස හඳුන්වනු ලැබේ.

heavy.com

  • නිල් තල්මසාගේ උරපත් දිගය
  • අවල්පත  යට ලා අළු පැහැයට හුරු නිල් පැහැතිය
  • තල්මසාගේ  හිස පැතැලිය.පෘෂ්ඨියව  බලන විට V හැඩැතිය.
  • ශීත මුහුදු ජලයේ වර්ධනය වන කහ පැහැති ක්ෂුද්‍ර ඇල්ගේ පැළෑටි විශේෂයක් සමහර  නිල් තල්මසුන්ගේ උදරය ප්‍රදේශයේ වැඩෙයි.
  • පෞච්ඡ අවල සමාකාරව  දෙකට බෙදී ඇත.මේවා පළල් ත්‍රිකෝණාකාර හැඩයෙන් යක්තය.
  • පෘෂ්ඨීය  අවල සෙ.මි 33 ක් පමණ උසැති ය.
  • මුඛයට යටින් උදරය පැත්තේ මෞබ ඇලී ඇත. මේවා 55-68 දක්වා ප්‍රමාණයක් ඇත.

ජීවන රටාව

naturalworldsafaris.com

තල්මසුන් වඩාත් ප්‍රියකරන ආහාරය කුනිස්සන් ය. තල්මසුන් වඩාත් විශාල සතෙකු නිසාම කුනිස්සන් කෑම වෙනුවට බීම කරනු ලබයි. තල්මසුන් ශබ්දයට අකමැත්තක් දක්වයි. මේ නිසා තල් මසුන් නැරඹීමේ දී ඝෝෂාකාරී ලෙස හැසිරුණ හොත් ඔවුන් ඈත දියඹට පිහිනීම සිදු කරයි.

තල්මසුන් නිතරම ගැවසෙන ලංකාවේ මිරිස්ස මුහුදු තීරය

ලංකාව අවට තල්මසුන් ගැවසෙන ප්‍රධාන මුහුදු තීරයක් ලෙස මිරිස්ස අවට මුහුදු තීරය දැක්විය හැක. ලංකාවේ මුහුදු තීර වල බහුලව ගැවසෙන්නේ නිල් හා ස්‌පර්ම් තල්මසුන් ය. මිරිස්‌ස අවට මුහුදු තීරයේ තල්මසුන් නැරඹීමට හැක්කේ ජනවාරි සිට අගෝස්තු දක්‌වා පමණි. මුහුදු වෙරළේ සිට පැය 3ක් පමණ මුහුදු සංචාරයකින් පසු තල්මසුන් දැක ගැනීමට හැක.

fantasticaanimal.blogspot.com

වර්තමානය වන විට දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙක් තල්මසුන් නැරඹීම සඳහා මිරිස්ස මුහුදු තීරයට පැමිණේ. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය වීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස මෙය දැක්විය හැක. තල්මසුන් නැරඹීම සඳහා යන බෝට්‌ටුවක දොළොස්‌ දෙනකුට ගමන් කළ හැක. ගමන් වාරය පැය හතරක්‌ නම් අය කරන ගාස්‌තුව ඇ. ඩොලර් 200 කි. පැය හතරකට වඩා වැඩිනම් ඇ. ඩොලර් 600 කි.

තල්මසුන් නැරඹීමේ සවාරි සපයන ආයතන අතුරින් Mirissa Whale Watching  ප්‍රමුඛ තැනක් ගනී. මෙම ආයතනයට Speed Liner නම් බෝට්ටුවක් ඇත. මෙම බෝට්ටුවේ තල්මසුන් නැරඹීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 3000 ක පමණ මුදලක් අය කරයි.මෙම බෝට්ටුවේ ඇති විශේෂත්වය වන්නේ බෝට්ටුව තුළදීම උදෑසන ආහාරය සහ පළතුරු බීම මෙන්ම පානීය ජලය ද සැපයීම යි. ඒ සඳහා වෙනම ගෙවීමක් සිදු කළ යුතු නැත.

youtube.com

1983 වසරේදී ත්‍රිකුණාමලයේ තල්මසුන් ගැන පර්යේෂණ කිරීම සඳහා ලෝක වනසත්ව අරමුදලට අයත් “ටියුලිප්” නම් පර්යේෂණ යාත්‍රාවක්‌ ලංකාවට පැමිණෙන ලදී. විවිධ රට වලට අයත් පර්යේෂකයින් මෙම යාත්‍රාවේ සිට තල්මසුන් පිළිබඳ පර්යේෂණ පවත්වන ලදී. ඇමරිකානු, බ්‍රිතාන්‍යය, කැනේඩියානු රටවලට අයත් පර්යේෂකයන් ඒ අතර විය. තව ද මෙම පරීක්ෂණ සඳහා ඇමරිකාවේ සිට පැමිණි ලෝකයේ ප්‍රවීණතම දිය යට සිනමාකරුවන් දෙදෙනකු ද සම්බන්ධ විය. ඔවුන් දෙදෙනා විසින් ත්‍රිකුණාමලයේ තල්මසුන් ගැන “තල්මසුනී නොවැළපෙනු”  යන නමින් චිත්‍රපටයක් නිපදවනු ලැබීය.

වසර 30ක කාලයක් පමණ පැවති යුද්ධය නිසා ලංකාවේ තල්මස් සංචාරක ව්‍යාපාරය අඩාල වී තිබුණි. නමුත් වර්තමානය වන විට නැවත එය යථා තත්වයට පත්වී ඇත. මිරිස්ස මුහුදු තීරය පත් වී ඇති එක් අවදානමක් වන්නේ පරිසර දුෂණය යි. තල්මසුන් නැරඹීමට යන බොහෝ පිරිස් බෝට්‌ටුවල සිට කෑම බීම විසි කිරීම නිසා පොලිතින් ප්ලාස්ටික්  මුහුදට එකතු වීමෙන් ඒ අවට පරිසරය දූෂණය වේ. ලංකාවට සම්පතක් වන මෙම මුහුදු තිරය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු වේ.

කවරයේ පින්තුරය  – kids.nationalgeographic.com

Related Articles