Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කල්තොට වන මැද හුණුගල් තටාකය

හුණුගල්වලින් නිර්මාණය වුණු ඉතා අලංකාර රටා මිනිසා තුළ විස්මිත සිතුවිලි ඇතිකරවනවා. ලංකාවේත් එවැනි අපූරු නිර්මාණ සහිත තැනක් ලෙස වවුල්පනේ හිරිගල් ගුහාව ප්‍රකට යි.

එයට අමතර ව සොබාදහම හුණුගලින් නිර්මාණය කළ සුන්දර දිය තටාක සහිත තැනක් බලංගොඩ කල්තොටට නුදුරුව වලවේ ගං නිම්නයේ වනගත ව පිහිටා තිබෙනවා. මේ එම හුණුගල් තටාක සොයාගෙන ගිය ගමනක්.
අප රටේ ද පසට යටින් සමහර ප්‍රදේශවල පොළොවෙන් සියයට 10 ප්‍රමාණයක පිහිටා තිබෙන්නේ හුණුගල තට්ටුවක්. හුණුගල් නිර්මාණය වී ඇත්තේ බොහෝවිට කැල්සියම් කාබනේට් හෝ ඩොලමයිට්වලින්. ලංකාවේ හුණුගල් ගුහා රාශියක් විවිධ ඉසව්වල දකින්න ලැබෙනවා.
වලවේ ගඟේ දියඇල්ලක් වන දූවිලි ඇල්ල ආසන්නයේ තමයි මේ අලංකාර පොකුණු දකින්න ලැබෙන්නේ. මේවා පසුගිය කාලයේ දේශීය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ඉසව්වක් බවට පත්ව තිබුණා. විශාල වශයෙන් සංචාරකයන් ගමන් කිරීමට පටන් ගැනීමෙන් හුණුගල් තටාකවල ඉවුරු පවා විනාශ වන නිසා පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒවාට අනවසරයෙන් පිවිසීම නතර කළ බව වාර්තා වුණා.

 ඒ ගැන සම්පූර්ණ ලිපිය මේ සබැඳියෙන් කියවන්න.

https://tinyurl.com/bde8ctpu

Related Articles