
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෑතකදී ඉතාමත් කතාබහට ලක් වූ ව්‍යාපෘතියක් වූ රිදියගම සෆාරි උද්‍යානය මේ වසරේ මාර්තු මස 28 වනදා මහජන අයිතියට පැවරුනා. දෙහිවල සත්වෝද්‍යානයේ කූඩු කර සිටින සතුන් ගෙන්, වඳ වීමේ තර්ජනයට ලක් වී සිටින සතුන් ගෙන් හා වෙනත් රටවලින් මෙරටට ප්රවාහණය කරන ලද සතුන්ගෙන් සමන්විත මෙම උද්‍යායනය අප්‍රිකාවේ සෆාරි අාකෘතියකට අනුව නිර්මාණය කර අැත. වන සංරක්ෂණය හා සත්ව සම්පත රැක ගැනීමේ අැති වැදගත් කම මෙරට ජනතාවට අවබෝධ කර දීම මෙහි ප්‍රධාන අරමුණක් ලෙස වාර්ථා වී තිබුණා.

මාතර වෙරළ තීරය. සෆාරි උද්‍යානය පිහිටල තියෙන්නේ හම්බන්තොට. කාෙළඹ ඉඳන් යනවා නම් මාතර, තංගල්ල හා රන්න වැනි ප්‍රදේශ පහුකරගෙන තමයි යන්න තියෙන්නේ.

අම්බලන්තොට නගරයේ සිට උද්‍යානයට ලඟාවීමට අැති පාර.

උද්‍යානයට යන්න තියෙන්නේ කිලෝමීටර 13ක් පමණ දුරැති තවමත් ප්‍රතිසංස්කරණය වෙමින් පවතින තරමක් පටු මාර්ගයක. යන කොට පොඩ්ඩක් ගැස්සෙන්න එහෙම පුළුවන්. අපි අම්බලන්තොට ටවුමෙන්ම ත්‍රීවීල් එකක් ගත්තා. ගාණ රුපියල් 500ක් විතර ඇති.

අැතුල් වීමේ දොරටුව. දේශීය සංචාරකයෙකුගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 200ක්.

තාම අැරපු අලුත නිසා වැඩිය සෙනග එහෙම නෑ. මෙන්න මේ වගේ පුංචි බස් රථයක තමයි උද්‍යානය නැරඹීමට එන අයව පාර්ක් එක වටේ අරන් යන්නේ.

ලෝක ශාක භක්ෂික කලාපයේ මේ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා.

නිදාගෙන සිටින සෙබඩක්. මේ උද්‍යානය මොණරුන් බහුලව ගැවසෙන ප්‍රදේශයක්.

ලංකාවේ දකුණු දිග ප්‍රදේශ වල (යාල හා කුමන යනාදී) විවධ වර්ගවල කුරුළු විශේෂ දක්නට ලැබෙනවා. මෙහෙත් වෙනසක් නෑ. නමුත් දෙහිවල සත්තුවත්තේ වගේ මෙහේ වෙනම කුරුළු කලාපයක් වෙන් කරල නෑ.

පැස්බරෙක්

අපේ මග පෙන්නන්නා එසේත් නැත්නම් ගයිඩ් මහත්තයා උද්‍යානයේ අාරක්ෂක නිලධාරියෙක් සමග කතාවක.

උද්‍යාන සැරසිලි කටයුතු වල නියතු වන පිරිසක්.

මුව රැලක්. පසුපසින් දිස්වන්නේ දිය නාමින් සිටින මී හරක් රංචුවකි.

මෙයා නං පොඩ්ඩක් කැමරාවට මූණ දෙන්න ලැජ්ජයි වගේ.

කළු සුදු රාමුවක් තුළ අලංකාර කළු සුදු සතෙක්.

අප්‍රිකානු සිංහයින් ගැවසෙන ප්‍රදේශයේ උද්‍යාන කාර්ය මණ්ඩලයෙන් වෙන් කර තබන අවසන් වැටයි මේ.

අක්කර 35ක භූමි ප්‍රදේශයකින් සමන්විත අප්‍රිකානු සිංහයින් වෙසෙන කලාපයයි මේ. දැනට මෙහි පිරිමි සිංහයන් හතර දෙනෙක් වාසය කරනවා. මේ අෑනුමක් අැර අැර ඉන්නෙ ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක්. දෙන්නෙක් (තරමක් වයසින් මුහුකුරා ගිය) දෙහිවල සත්තු වත්තෙන් ගෙනාපු අය. තරුණ සිංහයින්ගෙන් එක්කෙනෙක් ඉපදුනේ දෙහිවල සත්තු වත්තේ. අනිකා පිටරටින් ගෙන්නලා. උද්‍යානයේ භාරකරු අපට පැවසූ පරිදි මීට මාස කිහිපයකට පෙර මෙහි විසූ පස්වන සිංහයෙක් මිය ගොස් තිබුනා. පස්ඡාත් මරණ පරීක්ෂණයෙන් හෙලි වෙලා තියන ආකාරයට නම් ඒ විසකුරු සර්පයෙක් දශ්ඨ කිරීම හේතුවෙන්.

“ශ්‍රී ලාංකික” සිංහයෙක්. අපේ මාර්ගෝපදේශකයාට අනුව අවුරුද්දක් වයසැති මේ පිරිමි සිංහයා ඉපදිලා තියෙන්න දෙහිවල සත්තු වත්තෙ.

හරියටම හරි. ඔය ඉන්නේ ඔටුවෙක් තමයි. ලංකාවේ. දකුණු පලාතේ.

සූරියවැව

අක්කර 54කින් සමන්විත අාසියානු අලි කලාපයේ අලි අැතුන් නිදහසේ සැරි සරනවා.
මෙම සෆාරි උද්‍යනය දැනට අක්කර 80ක පමණ ප්‍රදේශයක් අාවරණය කරනවා. ඉදිරියේදී මෙය තවදුරටත් ව්‍යාප්ත වීමට නියමිත බවයි වාර්ථා වන්නේ. මෙම ව්‍යාපෘතියේ දෙවෙනි අදියර යටතේ උද්‍යානයේ භුමි ප්‍රමාණය අක්කර 500ක් දක්වා ඉහළ දැමීට නියමිතයි. බෙංගාල් ව්යාඝ්රයින්, දිවියන්, වලසුන්, අාසියානු හා අප්‍රිකානු ශාක්ෂ භක්ෂිකයන් හා, චීටා යනාදි සතුන් සඳහා විශේෂිත කලාප වලට අමතරව සමනල උයනක් හා සත්ව ජනන හා සංරක්ෂණ කලාපයක්ද මේ අදියර මත ඉදි වේ.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මෙම උද්‍යානය අාශ්‍රිතව සංචාරක කඳවුරු (camping sites), නිවාඩු නිකේතන හා ළමුන් සඳහා විනෝද කලාප ද ඉදිකිරීමට සූදානමින් සිටියි.
දෙවන අදියර සාර්ථකව ක්‍රියාත්මක වුවහොත් දෙස් විදෙස් සංචාරකයින් අති විශාල සංඛ්‍යාවක් මෙම උද්‍යානය නැරඹීමට පැමිණේවි. කෙසේ වෙතත්, සිර කඳවුරක් මෙන් වූ දෙහිවල සත්ව උද්‍යානයට වඩා මෙහි වෙසෙන් සතුන් නිදහසේ ඉන්න බව නම් පැහැදිලිවට දැකගන්න පුළුවන්.