Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වීඩියෝ හලෙන් බිහිවුණු අධ්‍යක්ෂකවරයා ක්වින්ටින් ටැරන්ටිනෝ

ලෝකය පුරා විවිධාකාරයෙන් බිහිවුණු අධ්‍යක්ෂකවරුන් සිටිනවා. ඉතින් මේ අපි කියන්න යන ලෝක පූජිත අධ්‍යක්ෂවරයා, රචකයා බිහිවී තිබෙන්නේ තමන් සේවය කල වීඩියෝ සිනමාපට අලෙවි හලෙනුයි. ඔහු එහි තිබූ සිනමාපට නරඹා ලබා ගත් දැනුමෙන් සිනමා ක්ෂේත්‍රයට ඇතුලත් වී තිබෙනවා.

කුඩා කාලය

අපි අහලා තියෙනවා කතාවක් හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙයි කියලා. ක්වින්ටින් ටැරන්ටිනෝගේ කුඩා කාලයත් අන්න ඒ වගෙයි. ටැරන්ටිනෝ උපත ලබන්නේ 1963 මාර්තු 27 වෙනිදා ටෙනිසි කියන රටේ නොක්ස්විල් කියන නගරයේයි. ටැරන්ටිනොගේ පියා ටෝනි ටැරන්ටිනෝ රංගන ශිල්පියෙක්. ඔහු ටැරන්ටිනෝ ඉපදීමට පෙර පවුලෙන් වෙන්ව තිබෙනවා. ඔහුගේ මව කොනි මැක්හියු වූ අතර ඇය චෙරෝකියානු හා අයර්ලන්ත සම්භවයක් සහිත කාන්තාවක් වුණා.

කැලිෆෝනියාවට වයස අවුරුදු 4දී සංක්‍රමණය වීමත් සමඟ ටැරන්ටිනෝට සිනමාපට කෙරෙහි වූ ඇල්ම වැඩි වුණා. ඔහුගේ ළමා කාලයේ මුල්ම සිනමාපට අත්දැකීම ලෙස ඔහු සිය මිත්තනිය සමඟ ජෝන් වෙනෙගේ සිනමා පටයක් නැරඹීමට යාම සටහන් වී තිබෙනවා. එමෙන්ම ටැරන්ටිනෝ සැලකෙන්නේ දක්ෂ කතා ලියන්නෙකු ලෙසයි. වරක් ඔහුගේ මව Entertainment Weekly වෙබ් අඩවිය හා පවසා තිබුණේ ඔහු ඇයට ඇගේ ජීවිතයේ දුක් වූ දින ගැන ලියා දෙන බවයි. ඒවා කියවා ඔහු තමන් ගැන කෙතරම් අාදරේ සිතනවා ද යැයි සිතී ඇස අගට කඳුලක් ගෙන ඒමට සමත් වූ බව ඇය පවසනවා.

ක්වින්ටින් ටැරන්ටිනෝ (wordpress.com)

ආසාව ඔබව ජයග්‍රහණයට ගෙන යාවී

ටැරන්ටිනෝ සැළකෙන්නේ එතරම් දුරට පාසලට ප්‍රිය වූ චරිතයක් ලෙස නෙමෙයි. ඔහු පාසලේ ඉගෙනීම් කටයුතු කරනවා ට වඩා වැඩි කාලයක් යොමු කලේ චිත්‍රපටි නැරඹීමට හා චිත්‍ර කතා කියවීමටයි. ඔහු වරක් පවසා තිබුණේ තමන් ඉතිහාසය විෂයට ඉතා ආස කරන බව හා එයත් යම් ආකාරයක සිනමාපටයක් ලෙස තමා දකිනවා යනුවෙනි. උසස් අධ්‍යාපනය නිම කළ පසු ටැරන්ටිනෝ වැඩිහිටි සිනමාපට ප්‍රදර්ශන ශාලාවක අසුන් පෙන්වන අයෙකු ලෙස සේවයට යනවා. ඒ අතර තුර ඔහු රංගනයද ඉගෙන ගෙන තිබෙනවා. ඉන්පසුව ඔහු එම ස්ථානයෙන් ඉවත් වී කැලිෆෝනියාවේ මැන්හැටන් වෙරළේ වීඩියෝපට අලෙවිසැලක සේවයට යනවා.

මුල් කාලයේ නිර්මාණ

එම ස්ථානයේ සේවය කරමින් සිටින අතරතුර ටැරන්ටිනෝ “True Romance” හා “Natural Born Killers” හා එවැනි සිනමාපට කිහිපයකට සම්බන්ධ වී තිබෙනවා. 1990 දී තම සේවා ස්ථානයෙන් ඉවත් වෙන ටැරන්ටිනෝ ඉන්පසුව “සිනේටෙල්” නිෂ්පාදන ආයතනයේ සේවයට පැමිණ තිබෙනවා. සිනමාපට නිෂ්පාදකයෙකු වූ ලෝරන්ස් බෙන්ඩර් සමඟ සේවය කරන අතරතුර ඔහු විසින් රචනා කරන ලද “Reservoir Dogs (1992)” සිනමාපටය අධ්‍යක්ෂණය කිරීමටද ඔහුට හැකියාවක් ලැබී තිබෙනවා.

සිනමාපට නළුවෙකු වූ හාර්වේ කෙයිටෙල් විසින් එම තිර පිටපත කියවා පුදුමයට පත්වී ඔහු මෙවැනි පිටපතක් වසර ගණාවකින් කියවා නැති බවට ඔහුට පවසනවා. එමෙන්ම කෙයිටෙල් නළුවෙකු ලෙස පමණක් නොව නිෂ්පාදකයෙකු ලෙසද එම සිනමාපටයේ කටයුතු කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. මේ ස්වාධීන සිනමාපටය ටැරන්ටිනෝට හොලිවුඩය තුළ ජනප්‍රියවීමට බලපෑවා පමණක් නොව එය එක්සත් ජනපදය හැර අනෙක් රටවල ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ එකක් වුණා.

“Reservoir Dogs (1992)” සිනමාපටය (movieposter.com)

‘Pulp Fiction’ සිනමා පටය

මෙම සිනමා නිර්මාණය තුල එකිනෙකට වෙනස් කතා තේමා තුනක් එකට ගමන් කරමින් තිබුණා. වර්ෂ 1994 දී නිර්මාණය වූ සිනමා නිර්මාණයේ රඟපෑ රංගන ශිලිපියෙකු වූ එරික් ස්ටෝල්ස් පවසා තිබුණේ ටැරන්ටිනෝ විසින් මෙම තේමා තුනම අපූරුවට සම්මිශ්‍රණය කර ප්‍රේක්ෂකයා වශී කරන සිනමා නිර්මාණයක් නිර්මාණය කර තිබූ බවයි.

“ඔහුගේ මනස ටස්මේනියානු යකෙක් බුලට් දුම්රියක ගමන් කරන ආකාරයෙන් වැඩ කරා. එය ඉතා වේගවත්” යනුවෙන් ඔහු පවසා තිබුණා. එම සිනමා නිර්මාණය වාණිජ අතින් ඉතා සාර්ථක එකක් වූ අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 108කට වඩා වැඩි මුදලක් උපයා තිබුණා. බොක්ස් ඔෆිස් වාර්තා අතර එය සටහන් වුණේ එවැනි දස්කමක් කළ පළමු ස්වාධීන සිනමා නිර්මාණය ලෙසයි. එය 1994 දී කාන්ස් සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වුණා පමණක් නොව එය ඇකඩමි සම්මාන 7ක් වෙනුවෙන් නිර්දේශ වුණා. ඒ අතර හොඳම සිනමා නිර්මාණය හා හොදම අධ්‍යක්ෂණය යන සම්මානද අන්තර්ගත ව තිබුණා.

‘Pulp Fiction’ සිනමා පටය (fanpop.com)

‘Kill Bill’ සිනමා පටය

ඉන්පසුව ටැරන්ටිනෝ සිනමා නිර්මාණ කිහිපයකටම තම දායකත්වය දක්වනු ලැබුවා. නමුත් තරමක් වෙනස් මගක් ගත් නිර්මාණයක් ලෙස මෙම ‘Kill Bill’ සිනමා පටය හඳුන්වන්න හැකියාවක් පවතිනවා. එය සටන් කලාව ආශ්‍රිතව නිර්මාණය වූ කතාවක් වූ අතර මෙය ‘Pulp Fiction’ සිනමා පටය නිර්මාණය කරන අතරතුර ටැරන්ටිනෝට හා උමා තර්මන්ට පැමිණි අදහසක්ව තිබුණා.

උත්සවයකදී හමු වූ විට ඇය විසින් පසුව ඔහු එම අදහසට අදාලව කිසියම් දෙයක් සිතුවා දැයි අසනු ලැබුවා. නමුත් ඔහු පැවසුවේ එය තිර පිටපතක් ලෙස සති දෙකකින් පැමිණෙන ඇයගේ උපන් දිනයේදී තෑගි කරන බවයි. නමුත් එය නිම කිරීමට ඔහු වසරක කාලයක් ගෙන තිබුණා. එම සිනමා නිර්මාණය දැක්වුණේ රූපගත කිරීමේ කාලසටහන් හා අපේක්ෂිත නිෂ්පාදන පිරිවැය ඉක්මවා ගිය සිනමා නිර්මාණයක් ලෙසයි. නමුත් එම නිර්මාණය අවසානයේදී එය කොටස් දෙකකින් යුක්ත වුණා. ඉන් පළමු කොටස 2003 අග භාගයේදී ඉදිරිපත් කළ අතර අනිත් කොටස ඉදිරිපත් කරනු ලැබ තිබුණේ එයට මාස කිහිපයකට පසුවයි.

‘Kill Bill’ සිනමා පටය (ssl.com)

ළඟදි කරපු වැඩ

‘Kill Bill’ සිනමා පටයෙන් පස්සේ ටැරන්ටිනෝ රූපවාහිනීයට අත්පොත් තබනු ලැබුවා. ඔහු විසින් අපරාධ පරීක්ෂණ ආශ්‍රිතව රූපවාහිනී කතා මාලාවක් නිර්මාණය කරනු ලැබුවා. එය “එමි සම්මානයකට” පවා නිර්දේශ වී තිබුණා. නැවතත් ඔහු රොබට් රොඩ්රිගස් හා එක්ව සිනමාපටයක් නිර්මාණය කරණු ලැබුවා. ඒ Grindhouse ලෙස 2007 දී තිරගත වුණා. ටැරන්ටිනෝ ලෝක යුද්ධය හා සම්බන්ධව නිර්මාණයක නිරත වෙමින් සිටි අතර ඔහු 2009 වසරේදී එය ප්‍රදර්ශනයට ඉදිරිපත් කළා. ඒ “Inglourious Bastards” නමින්.

මෙය තරමක් විවාදයට පත්වුණු සිනමා නිර්මාණයක් වූ අතර ඔහු පවසා තිබුණේ ඔහු ගුණදොස් දැක්වීම අගය කරන බවත් නමුත් බොහෝ දෙනා සිනමා නිර්මාණයට වඩා ඔහුව විවේචනය කරනවාත් යනුවෙනි. නමුත් එම සිනමා නිර්මාණය ඇකඩමි සම්මන 8කට නිර්දේශ වී තිබූ අතර ඒ අතර හොඳම අධ්‍යක්ෂණය හා හොඳම තිරපිටපත් යන සම්මානත් අන්තර්ගතව තිබුණා.

ඉන්පසු 2012 දී “Django Unchained” චිත්‍රපටය ද, 2015 දී “Hateful Eight” සිනමාපටය ද නිකුත් කළ ඔහුගේ නවතම සිනමාපටය වන “Once Upon a Time In Hollywood” ලබන වසරේ දී තිරගත වීමට නියමිත යි.

ඇකඩමියානු අධ්‍යක්ෂවරයෙකු නොවන ටැරන්ටිනෝගේ සිනමා නිර්මාණ තුළ එක රාමුවකට කොටු නොවූ බවක් දැක ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔබත් ඔබ දන්නා මෙවැනි ලෝ පතල අධ්‍යක්ෂවරුන් ගැන තොරතුරු අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.

කවරයේ රූපය : wallpapersdsc.net

Related Articles