
2020 මහා මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන ජූලි 13 වැනිදා ආරම්භ වීමට නියමිත යි. තවමත් ලොව පුරා කොරෝනා වසංගතය පැතිර යමින් පවතින නිසා මෙවර මහා මැතිවරණය පැවැත්වීමට සිදුව තිබෙන්නේ දැඩි නීතිරීති මධ්‍යයේ යි. එම නිසා අදියර තුනක් යටතේ පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීම ජූලි 13 වැනිදා සිට ජූලි 21 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා සිටියා.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුස්සන්
ශ්‍රී ලංකාව තුළ පවතින ඕනෑම ආකාරයේ මැතිවරණයක දී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුස්සන් වන්නේ පහත දැක්වෙන පාර්ශවවලට අයත් පිරිස යි.
1) රාජකාරි හේතුවෙන් නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ ඇති ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්, සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්
2) රාජකාරි හේතුවෙන් නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන්
3) රාජකාරි හේතුවෙන් නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ ඇති තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන්
4) රාජකාරි හේතුවෙන් නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ ඇති විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන්
5) රාජකාරි හේතුවෙන් නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ ඇති මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් සහ සේවකයන්
6) අපේක්ෂකත්වය නිසා නියමිත ඡන්ද පොළේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ වරම අහිමි වන අපේක්ෂකයන්
7) ඡන්දය පැවැත්වෙන දිනයේ දී ඡන්ද වැඩ කටයුතු සඳහා සම්බන්ධ වීමට නියමිතව සිටින පළාත් පාලන, පළාත් රාජ්‍ය සේවයේ, රාජ්‍ය සේවයේ නිලධාරීන්, සහ සේවකයන්
8) ඡන්ද වැඩ කටයුතු සඳහා යොදවා ගැනීමට අපේක්ෂා කරන රජයේ පාසල්වල විදුහල්පතිවරු සහ ගුරුවරුන්
නමුත් මෙවර මහා මැතිවරණය සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පැනවූ දැඩි නීතිරීති යටතේ ක්‍රියාත්මක වීම හේතුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ද මැතිවරණ ක්‍රියාවලිය සඳහා යොදාගැනීමට සූදානමින් සිටින නිසා, ඔවුන්ට ද මෙවර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ වරම හිමි වුණා.

මෙවර තැපැල් ඡන්ද විමසීම අදියර 3ක් යටතේ සිදුවෙයි
මෙවර තැපැල් ඡන්දය අදියර 3ක් යටතේ පැවැත්වීමට නියමිත යි. ඒ අනුව ජූලි 13 වැනිදා තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි වන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් යන සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශවයන්ට යි.
තැපැල් ඡන්දයේ දෙවන අදියර ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන්නේ ජූලි 14 වැනිදා සිට ජූලි 17 වැනිදා දක්වා යි. එම දින හතරේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන්නේ තැපැල් ඡන්ද අයිතිය හිමි සෙසු රජයේ සේවකයන්ට යි. ජූලි 20 සහ 21 දෙදින තුළ පැවැත්වෙන තෙවන අදියරේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන්නේ දෙවන අදියරේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වුණු තැපැල් ඡන්ද දායකයන්ට යි.
අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත උපදෙස්
කොරෝනා වසංගත තත්ත්වය නිසා මෙවර තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන්නේ පහත සඳහන් දැඩි නීතිරීති යටතේ යි:
1) ඡන්ද විමසීම පැවැත්වෙන ශාලාව තුළ ඡන්ද දායකයන්ට මීටරයක දුරකින් සිටීමට ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් තිබිය යුතු යි.
2) දේශපාලන පක්ෂවල නියෝජනය හැකිතාක් අවම කළ යුතු යි.
3) ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙන යම් ඡන්ද දායකයෙකු උණ රෝගයෙන් පෙළෙන්නේ නම් එම ඡන්ද දායකයාට සිය ඡන්දය ප්‍රකාශ කළ හැකි වන්නේ අනිකුත් සියලුම ඡන්ද දායකයන් ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කර අවසන් වීමෙන් පසුව යි.
4) සියලුම නිලධාරීන් සහ ඡන්ද දායකයන් මුඛ ආවරණ පැළඳිය යුතු යි.
5) ඡන්ද මධ්‍යස්ථානයේ නිළධාරීන් සහ ඡන්ද දායකයන් උපරිම දුරස්ථභාවය තබා ගත යුතු යි.
6) සියලුම ඡන්ද දායකයන් ඡන්දය දෙන ස්ථානයට පැමිණීමට පෙර දෑත් සේදීම හෝ විෂබීජහරණය කළ යුතු යි.
7) ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන් ඡන්ද දායකයින්ගේ හැඳුනුම්පත් හෝ ඡන්ද පත්‍රිකා ඇල්ලීම නොකළ යුතු යි. එය ඈත සිට ප්‍රදර්ශනය කරන මෙන් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිය යුතු යි. නමුත් එසේ ස්පර්ශ කිරීමට සිදු වුණොත් එම නිළධාරියා හැකි ඉක්මනින් දෑත් විෂබීජහරණය කළ යුතු යි.
8) ඡන්දය ලකුණු කරන කුටිය සෑම පැයකටම වරක් විෂබීජහරණය කළ යුතු යි.
9) සියලුම ඡන්ද දායකයන් ඡන්දය ලකුණු කරන කුටියෙන් පිට වුණු පසුව දෑත් සබන් යොදා සේදීම හෝ විෂබීජහරණය කළ යුතු යි.
10) මැතිවරණ කටයුතු සඳහා භාවිතා කරන ගෘහ භාණ්ඩ සහ වෙනත් භාණ්ඩ විෂබීජහරණය කළ යුතු යි.
11) තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ සමස්ත ක්‍රියාවලිය පුරාම සෞඛ්‍යය ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම සඳහා වගකිව යුතු නිලධාරියෙකු පත් කළ යුතු යි.

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල
අවසන් වරට ශ්‍රී ලංකාව තුළ පැවති ජාතික මට්ටමේ මැතිවරණය බවට පත් වුණේ 2019 ජනාධිපතිවරණය යි. එම මැතිවරණයේ දී ඊට පෙර වසරවල පැවැත්වුණු ජාතික මැතිවරණවලට සාපේක්ෂව වැඩි තැපැල් ඡන්ද දායකයන් ප්‍රමාණයක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා. පහත දැක්වෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී එක් එක් දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.
1) කොළඹ දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 21,717 (65.88%)
සජිත් ප්‍රේමදාස- 8,294 (25.16%)
අනුර කුමාර දිසානායක- 2,229 (6.76%)
2) ගම්පහ දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 30,918 (65.37%)
සජිත් ප්‍රේමදාස- 12,125 (25.64%)
අනුර කුමාර දිසානායක- 3,181 (6.73%)
3) කළුතර දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 22,586 (66.00%)
සජිත් ප්‍රේමදාස- 9,172 (26.80%)
අනුර කුමාර දිසානායක- 1,912 (5.59%)
4) මහනුවර දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 34,748 (63.69%)
සජිත් ප්‍රේමදාස- 16,303 (29.88%)
අනුර කුමාර දිසානායක- 2,683 (4.92%)
5) මාතලේ දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 13,405 (64.43%)
සජිත් ප්‍රේමදාස- 6,165 (29.63%)
අනුර කුමාර දිසානායක- 987 (4.74%)
6) නුවරඑළිය දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 9,151 (51.77%)
සජිත් ප්‍රේමදාස- 7,696 (43.54%)
7) ගාල්ල දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 25,099 (67.49%)
සජිත් ප්‍රේමදාස- 9,093 (24.45%)
අනුර කුමාර දිසානායක- 2,450 (6.59%)
8 මාතර දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 19,379 (70.23%)
සජිත් ප්‍රේමදාස- 5,782 (20.95%)
අනුර කුමාර දිසානායක- 2,153 (7.80%)
9) හම්බන්තොට දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 12,983 (68.94%)
සජිත් ප්‍රේමදාස- 3,947 (20.96%)
අනුර කුමාර දිසානායක- 1,731 (9.19%)
10) යාපනය දිස්ත්‍රික්කය: සජිත් ප්‍රේමදාස- 17,961 (84.69%)
ගෝඨාභය රාජපක්ෂ- 1,563 (7.37%)
11) වන්නි දිස්ත්‍රික්කය: සජිත් ප්‍රේමදාස- 8,402 (79.30%)
ගෝඨාභය රාජපක්ෂ- 1,703 (16.07%)
12) මඩකලපුව දිස්ත්‍රික්කය: සජිත් ප්‍රේමදාස- 9,221 (81.83%)
ගෝඨාභය රාජපක්ෂ- 1,255 (11.14%)
13) දිගාමඬුල්ල දිස්ත්‍රික්කය: සජිත් ප්‍රේමදාස- 11,261 (47.67%)
ගෝඨාභය රාජපක්ෂ- 10,831 (45.85%)
14) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය: සජිත් ප්‍රේමදාස- 7,871 (56.79%)
ගෝඨාභය රාජපක්ෂ- 5,089 (36.72%)
15) කුරුණෑගල දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 45,193 (61.10%)
සජිත් ප්‍රේමදාස- 23,432 (31.68%)
අනුර කුමාර දිසානායක- 4,400 (5.95%)
16) පුත්තලම දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 7,645 (57.36%)
සජිත් ප්‍රේමදාස- 4,685 (35.15%)
අනුර කුමාර දිසානායක- 764 (5.73%)
17) අනුරාධපුර දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 28,957 (60.62%)
සජිත් ප්‍රේමදාස- 15,367 (32.17%)
අනුර කුමාර දිසානායක- 2,740 (5.74%)
18) පොළොන්නරුව දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 9,285 (55.71%)
සජිත් ප්‍රේමදාස- 5,835 (35.01%)
අනුර කුමාර දිසානායක- 1,234 (7.40%)
19) බදුල්ල දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 21,772 (60.80%)
සජිත් ප්‍රේමදාස- 11,532 (32.20%)
අනුර කුමාර දිසානායක- 2,046 (5.71%)
20) මොණරාගල දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 13,754 (63.42%)
සජිත් ප්‍රේමදාස- 6,380 (29.42%)
අනුර කුමාර දිසානායක- 1,340 (6.18%)
21) රත්නපුර දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 19,061 (65.72%)
සජිත් ප්‍රේමදාස- 7,940 (27.37%)
අනුර කුමාර දිසානායක- 1,678 (5.79%)
22) කෑගල්ල දිස්ත්‍රික්කය: ගෝඨාභය රාජපක්ෂ- 19,869 (62.65%)
සජිත් ප්‍රේමදාස- 9,868 (31.12%)
අනුර කුමාර දිසානායක- 1,497 (4.72)