Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බදු සමඟ වෙනස් වූ Dialog Blaster පැකේජවල දැන් තත්ත්වය

2019 වසරේ සිදුකළ බදු සංශෝධන මඟින් පසුගිය වසර දෙක තුළ රජයට අහිමි වූ රුපියල් ට්‍රිලියන 1.8ක ආදායම අය කර ගැනීම සඳහා 2022 ජුනි මාසය මුලදී බදු සංශෝධනයක් ගෙන ආවා. ඒ අනුව සියලු ම දුරකථන සේවා බදු වැඩි වී ඇති අතර ඇමතුම් හා ඩේටා පැකේජවල මිල මෙන් ම ලැබෙන ඩේටා ප්‍රමාණ පවා වෙනස් වී තිබෙනවා.

විදුලි සංදේශ බද්ද 15.31% කින්, සෙස් බද්ද 2.04%කින්, සහ වැට් බදු 14.08% කින් වැඩිවීම නිසා පැකේජ ගාස්තු සං‍ශෝධනය වී තිබෙනවා. මේ නිසා ඔබ පැකේජයක් සක්‍රීය කරගන්නට රීලෝඩ් කළ යුතු ප්‍රමණය වැඩි වී ඇති අතර, ඩේටා කාඩ්වල මිල වෙනස් වී නැහැ. ඒ වෙනුවට, ඒවා සඳහා ලැබුණු ඩේටා ප්‍රමාණය අඩුවී තිබෙනවා.

පෙම්වතුන් සඳහා වූ Couple Blaster

ඔබ තෝරා ගත් අංකයකට මාසයක් පුරා Unlimited ඇමතුම් සහ SMS යවන්නට හැකි Couple Blaster පැකේජය පෙර තිබුණේ රුපියල් 123කට යි. සියලු ම ඩයලොග් පෙරගෙවුම් මෙන් ම පසුගෙවුම් පාරිභෝගිකයන්ට මෙම සේවාව ලබා ගන්නට අවස්ථාව තිබෙනවා. සක්‍රීය කළ දිනයේ සිට දින 30ක් පුරාවට මේ පහසුකම් අත්විඳිය හැකි යි. 

මෙහි විශේෂත ම වාසිය වනුයේ එක් අයෙක් Plan එක Activate කර අනෙක් අංකය රෙජිස්ටර් කිරීමෙන් දෙදෙනාට ම, එම අංක දෙක අතර UNLIMITED CALLS සහ SMS හිමිවීම යි. එනම්, දෙදෙනාම පැකේජය සක්‍රීය කර ගන්නට අවශ්‍ය වන්නේ නැහැ.

නව මිල වෙනස් වීම් සමඟ මොබයිල් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මෙම plan එක රුපියල් 132 ක් රීලෝඩ් කිරීමෙන් හා මොබයිල් පසුගෙවුම් පාරිභෝගිකයන්ට #171# ඩයල් කිරීමෙන් සක්‍රිය කරගත හැකි අතර, #171# හරහා ම අදාළ මොබයිල් අංකයත් රෙජිස්ටර් කර ගත හැකි යි.

මෙහිදී රෙජිස්ටර් කරන අනෙක් අංකය ඕනෑම ඩයලොග් මොබයිල් පෙරගෙවුම් හෝ පසුගෙවුම් සම්බන්ධතාවක් විය හැකියි. මොබයිල් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට එම අංකය මසකට එක්වරක් කිසිදු ගාස්තුවකින් තොරව වෙනස් කිරීමට ද ඉඩ සැලසෙනවා.

ඕනෑතරම් YouTube බැලිය හැකි Video Blaster

ඩේටා ගැන වච නොවී YouTube බලන්න 4G Video Blaster පැකේජය උදව් වෙනවා. මාසයකට ම Unlimited YouTube අත්දැකීමක් එයින් ලබා ගන්න පුළුවන්. එය සමඟ Anytime සහ Night Time සඳහා 1.4GB බැගිනුත්, 0.7GB 4G Bonus එකකුත් ලැබෙනවා විතරක් නොවෙයි Dialog ViU app එකත් Unlimited නරඹන්නට හැකි වෙනවා.

MyDialog App එකෙන් පහසුවෙන් ම activate කර ගන්නට පුළුවන් ‍මේ පැකේජය පෙර රුපියල් 249කට පැවති අතර නව මිල රුපියල් 259ක් ව තිබෙනවා. මෙහි buffer නොවී 360pවලින් YouTube නරඹන්නට හැකි යි.

දින 7කට ඩේටා දෙන Data Blaster

දවස් දෙකක ට්‍රිප් එකකට හෝ ගමේ යන වෙලාවක පොඩි ගාණකට ඇමතුම්, SMS, සහ ඩේටා ලබාගන්න අවශ්‍ය වුණාම Data Blaster පැකේජය පිහිටට එනවා. දින 7ක් පුරාවට D2D මිනිත්තු 250ක්, D2D SMS 250ක්, සහ ‍Anytime ඩේටා 1GB ලැබෙන මේ පැකේජය ඉස්සර රුපියල් 129ට තිබුණත් දැන් එය රුපියල් 136ක් වෙලා.

මේ පැකේජය සතිය අවසානයේ ස්වයංක්‍රීය ව නැවත Activate වෙන්නේ නැහැ. එනිසා පසුගෙවුම් මෙන් ම පෙරගෙවුම් පාරිභෝගිකයන්ට අවශ්‍යතාව අනුව මෙය Activate කරගන්න පුළුවන්. ඒ වගේම, එක් වරකට වඩා මෙය සක්‍රීය කර ගනිමින් Quota එක වැඩි කරගන්නටත් අවස්ථාව ලබා දී තිබෙනවා.

ඇමතුම්, SMS, සහ ඩේටා තුන ම රැගත් Triple Blaster

Triple Blaster පැකේජ 3ක් ඇති අතර, එකක් D2D ඇමතුම් සඳහාත් අනෙක් දෙක වෙනත් ජාලවලට ඇමතුම් ගැනීමටත් හැකි ඒවා යි. මේ සියල්ල දින 30ක් දක්වා වලංගු පැකේජ යි.

නව ගාස්තු යටතේ රුපියල් 367ක් බවට පත්වන පළමු පැකේජය D2D මිනිත්තු 1150ක්, SMS 1150ක්, සහ Anytime ඩේටා 1.5GB ගෙන එනවා.

පෙර 498ට තිබූ පැ‍කේජය දැන් රුපියල් 530 යි. ඉන් ඕනෑම ජාලයකට මිනිත්තු 1000ක්, SMS 1000ක්, සහ Anytime ඩේටා 1.5GB ලැබෙනවා.

වත්මන් මිල රුපියල් 612ක් වන තෙවන පැ‍කේජයෙන් D2D මිනිත්තු 1000ක්, D2D SMS 1000ක්, ඕනෑම ජාලයකට මිනිත්තු 1000ක්, SMS 1000ක්, සහ Anytime ඩේටා 3GB ලැබෙනවා.

සමාජ මාධ්‍ය සඳහා ම වූ Fun Blaster

WhatsApp හරහා යාළුවෝ එවන ඡායාරූප, වීඩියෝ Auto-download වෙද්දී නොදැනුම්වත් ව ම ඩේටා විශාල ප්‍රමාණයක් වැයවෙනවා. ඒ වගේ ම නිතර WhatsApp Calls ගන්නවා නම්, ෆේස්බුක් වීඩියෝ බලනවා නම්, සහ විශේෂයෙන් Facebook Feed එකේ තිබෙන වීඩියෝ Auto play වෙනවා නම් ඩේටා අධික ලෙස වැයවෙන එක පුදුමයක් නොවෙයි.

Instagram එකත් ඊට දෙවැනි නැහැ. කෑම වර්ග, අත්කම් නිර්මාණ හදා ගන්න විදිය, පූසන්ගෙ cute වීඩියෝ, කොමඩි වගේ දේවල්වලින් Instagram එක පිරිලා. ඉතින් එක දිගට ම අපිට වීඩියෝ බලන්න හිතෙනවානේ. ඉතින් මේ ගැටලු සියල්ල ම Fun Blaster පැකේජවලින් විසඳෙනවා.

නව මිල ගණන් යටතේ ෆේස්බුක්, වට්ස්ඇප්, සහ යූටියුබ් සඳහා රුපියල් 101කට දින 7ක් දක්වා Unlimited data ලැබෙනවා.

නැත්නම්, රුපියල් 102කට Facebook, WhatsApp, Instagram සහ Spotify සඳහා දින 14කට 5GB ලබා ගන්න පුළුවන්.

දින 30කට Facebook, WhatsApp සඳහා 15GB ලැබෙන රුපියල් 109 පැකේජයකුත් තිබෙනවා. එය මීට පෙර රුපියල් 105ක් වුණා.

ගාස්තු වැඩිවීමට පෙර රුපියල් 347ට පැවති Facebook, WhatsApp සහ YouTube Unlimited පැකේජය දැන් රුපියල් 360යි. මෙහි විශේෂත්වය වන්නේ අමතර ගිගාබයිට් 2කුත් (Anytime 1GB, රාත්‍රී 1GB) ලැබීම යි.

පෙරගෙවුම් මෙන්ම පසුගෙවුම් පාරිභෝගිකයන්ටත් MyDialog app එකෙන් මේවා සක්‍රීය කරගන්න පුළුවන්.

 වැඩි විස්තර සදහා www.dialog.lk වෙත පිවිසෙන්න.

කවරයේ ඡායාරූපය: freepik.com

Related Articles