Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිහිපිට අධික වේගවත්ම ක්ෂීරපායි සත්ත්වයා – චීටා

ලෝකයේ සිටින වේගවත්ව ක්ෂීරපායි සත්ත්වයා ලෙස හැඳින්වෙන්නේ චීටායි. මොහුගේ මෙම අපූරු හැකියාවත්, එම හැකියාවට උචිත පරිදි ස්වාභාවිකවම සිරුර සැකසී තිබෙන ආකාරයත්, මොවුන්ගේ ගොදුරු ගැනත්, චීටා පැටවුන් හා මව ගැනත්, වර්තමානය වන විට මෙම සත්ත්ව වර්ගය වඳ වීමේ තර්ජනයකට මුහුණ පා තිබෙන අයුරුත් මෙම ලිපිය මඟින් අවධානය යොමු කරනවා.

චීටාවන්ගේ හැකියාවන් හා සිරුරේ සැකැස්ම

stuffpoint.com (වේගයෙන් දුවන අවස්ථාවක්)

මෙම සතුන්ට වේගවත්ම යන නාමය පට බැඳීමට හේතුව වන්නේ, පැයට සැතපුම් 60ක තරම් වේගයෙන් ගොදුරක් කරා ළඟා වීමේ හැකියාවක් තිබීම නිසයි. ඒ වගේම තත්පර 20ක් වැනි ඉතා කෙටි කාලයකින් යාර 200ක වටපිටාවක් නිරීක්ෂණය කිරීමේ හැකියාවද මොවුන්ට තිබෙනවා.

චිටාගේ මෙම දිවීමේ හැකියාවට ශරීරයේ ඉන්ද්‍රියන්ද සහයෝගය දක්වනවා. වේගයෙන් දිවීම සඳහා විශේෂයෙන්ම කොඳු ඇට පේළිය උදවු වෙනවා. මෙම වේගය වැඩි කර ගැනීම සඳහා ඉතාමත් දැඩි තද පේශී සහිත චීටාගේ පාද ද සහයෝගය දක්වනවා.

චීටාවන්ගේ ගොදුරු

youtube.com(ඉම්පාලා මුවෙක් අල්ලා ගනිමින්)

චීටාවන් බළල් පවුලේ අනිකුත් සතුන් මෙන් ගොදුර සමඟ පොර නොබදින බවක් සඳහන් වෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේ මොවුන් දඩයමේ නිරත වීමක් සිදු වන්නේද නැත. ඉතිරි වන ආහාර කොටස් සඟවාගෙන තබා ගනිමින් නැවත ආහාරයට ගැනීමක් මෙම සතුන් විසින් නොකරයි. මේ හේතුවෙන් බඩගින්නක් දැනුන විට පමණක් දඩයම් කිරීමක් සිදු වෙනවා. චීටාට ගොදුරුවන සත්ත්ව කොටස් අතර ඇන්ටිලොප් Gazell, Wildbeest හා ඉම්පාලා යන මුවන් විශේෂ බව ද දැක්වෙනවා. මෙම සතුන්ගේ දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් වන්නේ වතුර බීමට උනන්දුවක් නොදැක්වීමයි. දින දහයකට පමණ වරක් වතුර පානය කිරීම සිදු කරන අවස්ථාත් තිබෙන බවයි දැක්වෙන්නේ.

චීටා මව හා පැටවුන්

vidya-gaweshana.blogspot.com (චීටා මව හා පැටවුන්)

චීටා ගැහැණු සතුන්ට වසරේ ඕනෑම කාලයකදී පැටවුන් දැමීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම වරකට පැටවුන් තුන් හතර දෙනෙකු බිහි කිරීමේ හැකියාවක්ද තිබෙනවා. ගොදුරු පසුපස හඹා යෑමට මෙම පැටවුන්ට පුරුදු පුහුණු කරනු ලබන්නේ සති හතක පමණ ගත වීමෙන් අනතුරුවයි. මේ ආකාරයට සිදු කරන පුහුණු කිරීම් සඳහා චීටා මව විසින් ආරක්‍ෂිත ස්ථානයක් සොයා ගැනීමට කටයුතු කරන බව දැක්වෙනවා. ඉන් අනතුරුව සති 10කින් පමණ පැටවුන්ට තනියම දඩයම් කර ගැනීමේ හැකියාව තිබෙනවා.

වඳ වී යාම හා ජීවිත තර්ජන

flashmctours.com(චීටාවෙක් අල්ලන් සිටින අයුරු)

වර්තමානය වන විට චීටා ගහනය ශීඝ්‍රයෙන් අඩු වී යාමක් පෙන්නුම් කරනවා. මේ හේතුවෙන් ලෝකය තුළින් මෙම සත්ත්වයින් වඳ වී යාමේ තර්ජනයක් ඇති වී තිබෙන බව දැක්වෙනවා. එමෙන්ම දැනට ඉතිරිව සිටින ප්‍රමාණය 25000 කටත් අඩු බව දැක්වෙනවා.

මෙම සත්ත්ව විශේෂය ආහාර සොයා මිනිසුන් වාසය කරන ප්‍රදේශ වලට පැමිණීම හේතුවෙන් මෙම කොටස් දෙක අතර ගැටුම් උග්‍ර වී තිබෙන බව දැක්වෙනවා. ඒ වගේම මොවුන්ගේ එක් සිරිතක් ලෙස වාර්තා වන්නේ ආරක්‍ෂිත වනෝද්‍යාන වලින් පිටතට යමින් මිනිසුන්ගේ වාස භුමි වල සැරිසැරීම වනවා. එමෙන්ම මිනිස් වර්ගයා විසින් ආහාර හා වාසය උදෙසා වනාන්තර එලි කිරීමද මොවුන්ගේ ජිවිත වලට තර්ජනයක් වී තිබෙනවා. වාසභූමි ක්‍රමයෙන් කුඩා වීමක් සිදු වන අතරම දඩයම් සිදු කල දඩබිම් අහිමි වීමක් සිදුව තිබෙනවා. චීටාවන්ට වාසය කිරීමට ඉතා විශාල භූමි ප්‍රදේශයක් අවශ්‍ය වන බව දැක්වෙනවා.

ඒ වගේම අහන්නට ලැබෙන ශෝචනීයම කාරණය වන්නේ ගොදුරු නොමැති වීම හේතුවෙන් මෙම සත්ත්ව විශේෂයට බඩගින්නේ සිටීමට පවා සිදුවන බවයි. ඒ වගේම මෙසේ බඩගින්නේ සිටීමට සිදු වීම හේතු කොටගෙන චීටා ගැහැනු සතුන්ට පැටවුන් බිහිකිරීමේ ශක්තිය හීන වී තිබෙන බවද දැක්වෙනවා. ඒ වගේම පර්යේෂණ වලින් හෙළි වී තිබෙන්නේ ඉපදෙන පැටවුන්ටද ඇතැම් අවස්ථා වල බඩගින්නේ මිය යාමට සිදු වන බවයි. චීටාවන් මෙලොවින් තුරන් වේ යැයි බියක් දක්වන්නේ මේ හේතුව නිසයි.

එමෙන්ම චීටාවන්ගේ ශරීරයේ කොටස් සඳහා ඉහළ වෙළෙඳපොළක් තිබෙන බවත් වාර්තා වනවා. මේ හේතුවෙන් මෙම සතුන් දඩයම් කිරීමටද ජාවාරම් කරුවන්  උත්සාහ කරනවා. මේ ආකාරයට චීටා සතුන්ගේ ශරීර කොටස් විකිණීම අතීතයේ පටන්ම තිබුණ බව දැක්වෙනවා. ඒ අනුව 16 වන සියවයේදීත් මේ ආකාරයට ජාවාරම් සිදු කර තිබෙනවා. ඒ අතර අරාබි ජාතිකයන් ඇබිසීනියන්වරු, මෝගල් අධිරාජ්‍යවාදීන් ප්‍රධාන වනවා. ගල්ෆ් කලාපීය රටවල දී සාමාන්‍යයෙන් චීටා පැටවෙකු ඩොලර් දස දහස දක්වා මුදලකට විකිණිය හැකි බව දැක්වෙනවා.

Cheetah Conservation Fund නමැති සංවිධානය ප්‍රකාශ කරන්නේ පහු ගිය වසර 10 තුළ පමණක් චීටා පැටවුන් 1200ක් පමණ නීති විරෝධී ආකාරයෙන් අප්‍රිකාවෙන් රැගෙන ගොස් තිබෙන බවයි. එමෙන්ම ඉන් 85% පමණ ගමන් කරන අතර තුර මිය ගොස් තිබෙන බවද දැක්වෙනවා.

එමෙන්ම මේ ආකාරයේ නීති විරෝධී ජාවාරම නැවත්වීම උදෙසා දකුණු අප්‍රිකාවේ පැවැත් වූ ජාත්‍යන්තර සමුළුවක දී සහභාගී වූ රටවල් එකඟ වී තිබෙනවා.

මේ ආකාරයට මෙම සතුන් මුහුණ දෙනු ලබන තර්ජන මෙපමණ කාලයක් කිසිවෙකුගේත් අවධානයට යොමු නොවූ බවටත් පර්යේෂකයන් මත පළ කරනවා ඒ වගේම පරිසර වේදීන් ප්‍රකාශ කරන්නේ මේ සඳහා ඉක්මණින් තවත් පියවර ගත යුතු බවයි.

කවරයේ පින්තුරය: xtrafondos.com

Related Articles