Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දේශගුණ වෙනස්වීම් සහ ලිංගික සරුබව අතර සම්බන්ධයක් ඇති බව දන්නවා ද?

දේශගුණික වෙනස්වීම් සාමාන්‍ය මිනිස් ජිවිතය විවිධ සංකීර්ණ ආකාරයන් ඔස්සේ වෙනස් කිරීමට, සහ හැඩ ගැස්සවීම් සිදු කිරීමට සමත්. මිනිස් ජිවිතයේ බොහෝ පැතිකඩ මෙන්ම ලිංගික සාඑල්‍යතා අනුපාතිකය සඳහා ද දේශගුණික තත්ත්වයන් බලපෑම් සිදු කරන බව විවිධ නව විශ්ලේෂණයන් ඔස්සේ හෙළි වී තිබෙනවා. විශේෂයෙන් නිවර්තන දේශගුණයක් සහිත රටවල ලිංගික සරුබව අනෙක් රටවලට සාපේක්ෂව ගත්කල තරමක් වැඩි බව මේ විශ්ලේෂණයන් ඔස්සේ හෙළි වී තිබෙනවා. සමකය ආසන්නයේ පවතින නිවර්තන දේශගුණයක් සහිත බොහෝ රටවල් ආර්ථිකමය වශයෙන් යම් තරමකට දුර්වල වීමට මේ කාරණය හේතු වී තිබෙනවා. වක්‍රාකාරව දුප්පත් රටවල් සහ පොහොසත් රටවල් අතර ආර්ථික තත්ත්වයන්හි විශාල පරතරයන් ඇති වන්නේ මේ දේශගුණික වාතාවරණයන් නිසාවෙන් බව විශ්ලේෂණයෙන් හෙළිවුණු කරුණක්.

පවුලේ කෘෂිකර්මාන්ත කටුතු වෙත යොමුවන දරුවන් – institutfrancais-nigeria.com

මෙම අධ්‍යයනය සිදු කිරීමේ දී විශ්ලේෂකයන් සම්මත ආර්ථික න්‍යායන් සංයුක්ත කරමින් ආර්ථිකයේ විවිධ අංශවලට දේශගුණික විපර්යාසයන් ඔස්සේ බලපෑම්  ඇතිවිය හැකි ආකාරය පිළිබඳ ආකෘතියක් ගොඩනගා තිබෙනවා. ආර්ථිකයේ අනෙක් කොටස් කාලගුණයට එතරම් සංවේදී නොවුන ද දේශගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මාන්තය නිසාවෙන් ආර්ථිකයට සිදු වන බලපෑම් ඉහළ මට්ටමක තිබෙනවා. කොලොම්බියාව මත පදනම් වූ උපකල්පිත ආර්ථික මොඩියුලයක් ආශ්‍රයෙන් දේශගුණික විපර්යාසවල ආර්ථිකමය බලපෑම පිළිබඳව ඔවුන් විශ්ලේෂණය සිදු කළා. දිගින් දිගටම වැඩිවන ජනගහනය සහ අධික කාබන් විමෝචනය දිගටම පැවතුනහොත්, දේශගුණික විපර්යාස නිසාවෙන් කෘෂිකාර්මික ඵලදායිතාව වෙත  දැඩි ලෙස බලපෑම් ඇතිවන බව ඔවුන් නිරීක්ෂණය කළා. මේ හරහා කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙත ශ්‍රම වෙළඳපොළෙන් වැඩි කොටසක් යොමු වීම සිදු වන්නට පුළුවන්.

සාමාන්‍යයෙන් සමකය ආසන්නයේ පවතින, බොහොමයක් නිවර්තන දේශගුණික තත්ත්වයන් පවතින රටවල  ප්‍රධාන ජීවනෝපාය සහ ප්‍රධාන ආර්ථික පෝෂකයක් ලෙසින් කෘෂිකර්මාන්තය හඳුන්වන්න පුළුවන්. මේ ක්ෂේත්‍රයේ යෙදීම සඳහා අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවීම, සහ පවුලේ දරුවන් සියල්ලන් වෙත අධ්‍යාපනය ලබා දීමට තරම් ආර්ථිකමය හැකියාව නොමැති වීම නිසාවෙන් තමන්ගේ කෘෂිකර්මාන්ත රැකියාව වෙත තම දරුවන් යොමු කිරීම බහුලව සිදුවන්නක්. මෙලෙසින් අඩු අධ්‍යාපනයක් යටතේ ඉදිරි සමාජයක් වෙත දරුවන් යොමු කිරීම හරහා රටෙහි සාක්ෂරතාව පහළ බසිනවා වගේම උද්ධමනය වැනි ගැටළු රැසකට මේ හේතුව මුල පුරනවා. උදාහරණයක් විදිහට කොලොම්බියාව වැනි රටක ලිංගික සරුබව හා අඩු අධ්‍යාපන මට්ටමක් සහිත බව නිසාවෙන් ආර්ථිකය දැඩි ගැටලුකාරී තත්ත්වයන් වෙත පත්ව තිබේ. මෙය චක්‍රයක් ලෙසින් සිතුවහොත් ආර්ථික අවපාතයන් වෙත ලිංගික සාපල්‍යතා මට්ටම ඉහළ බව බලපෑම් එල්ල කර තිබෙනවා.

අවසානයේ පර්යේෂකයන් ඔවුන්ගේ මොඩුලයන් සහ පර්යේෂණ ස්විස්ටර්ලන්තය වෙත ආදේශ කළ විට එක හා සමාන රටාවන් දැකගන්නට ලැබී තිබුණා. ඔවුන් පැමිණි නිගමනය බවට පත් වුණේ නිවර්තන දේශගුණයක් පවතින රටවල කාලගුණික වෙනස්කම් හේතුවෙන් ලිංගික සාපල්‍යතා අගයන් ඉහළ අතර සාපේක්ෂව අඩු අධ්‍යාපනික මට්ටමක් පවතින අතර, ඉහළ අක්ෂාංශවල පවතින රටවල මෙහි ප්‍රතිවිරුද්ධ රටාවන් දැකගන්නට ලැබෙනවා.

ජනගහණ වර්ධනය වක්‍රාකාරව දේශගුණික විපර්යාස වෙත බලපෑම් එල්ලකරනවා – cherryblossomboutique.co.za

දේශගුණික, කාලගුණ විපර්යාසයන් වගේම සරු භාවය කෙරෙහි බලපාන වෙනත් යාන්ත්‍රණ විශාල ප්‍රමාණයක් පවතිනවා. අනෙක් ආර්ථික සාධක, සංස්කෘතික වෙනස්කම්, සහ ස්වාභාවික විපත් හා යුද්ධ වැනි සිදුවීම් ඒ යටතට ගැනෙනවා. විශ්ලේෂණයන්ට අනුව සරු භාවය පිළිබඳ බලපෑම “ධනවත් ඉහළ-අක්ෂාංශික රටවල් සහ දුප්පත් සමක ආසන්න රටවල් අතර ආදායම් පරතරය වැඩි කළ හැකි බව” ඔවුන්ගේ මතය යි. මේ මතයන්වලට වඩා වෙනස් මතධාරින් ද සිටින බව කිව යුතුම යි.

මූලාශ්‍රයයන්:

Thenextweb.com

Anthropocenemagazine.org

Msn.com

Youtube.com

Cherryblossomboutique.co.za

institutfrancais-nigeria.com

Related Articles