Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව අපහසු ම රැකියා 5ක්

නිවැරදි ව, කාර්යයක්ෂ්ම ව සිදු කරනවානම් ලොව කිසිදු වෘත්තියක් පහසු නැහැ. කෙසේ නමුත් තමන් ප්‍රිය කරන ක්ෂේත්‍රයක වෘත්තියක් තමන්ගේ ජීවනෝපාය ලෙස තෝරාගතහොත් එම අපහසුකම් බොහෝ සෙයින් නොදැනෙනු ඇති. ගැටලුව වන්නේ, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක තමන් ප්‍රිය ක්ෂේත්‍රයක රැකියාවක් තෝරා ගැනීම ප්‍රායෝගික ද යන්න යි.

ලොව බොහෝ රට වල තත්ත්වය ද එසේ වන අතර, මේ නිසා සමහරක් දෙනාට, දැඩි අවදානම් හෝ පරිශ්‍රමයක් ගෙන සිදු කළ යුතු වෘත්තීන් තම වෘත්තිය ලෙස තෝරා ගන්නට සිදු වී තිබෙනවා. මේ ලිපිය වෙන් වන්නේ ලොව අපහසු ම එවැනි  වෘත්තීන් කිහිපයක් වෙනුවෙනු යි.

විදුලි කාර්මික ශිල්පී – withfrank.org

 

විදුලි කාර්මික ශිල්පී

විදුලි කාර්මික ශිල්පී වෘත්තිය, සමහර විටෙක සිය ජීවිතය පරදුවට තබා සිදු කළ යුතු, ඉතාමත අවදානම් සහගත රැකියාවක් වෙනවා. ඔවුන් සජීවී විදුලි කම්බි සමඟ සමීප ව කටයුතු කිරීම ඊට හේතු වෙනවා. සුළු අත්වැරදීමකින් වුවද සිය ජීවිතය පවා හානි විය හැකි මේ වෘත්තියේ නිරතවන අයකුට ඉවසීම සහ මනා සංයමය සහ මානසික ඒකාග්‍රතාව ඉතා ඉහළින් තිබිය යුතු වනවා. පරිපථ එකට සම්බන්ධ කිරීම, බිම් මට්ටමේ සිට ඉහළින් ඇති විදුලි රැහැන් සහ උපාංග සම්බන්ධ කටයුතු සිදු කිරීම වැනි දේ මේ වෘත්තියට සම්බන්ධ ක්‍රියාකරකම් වෙනවා.

විදුලි කාර්මික ශිල්පියෙක් මුහුණදෙන ප්‍රධානත ම අවදානම් සාධක ලෙස විදුලි සැර වැදීම, බිම ඇද වැටීම, ගිනි අනතුරු, කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය වීම සහ පිපිරීම්වලට ගොදුරු වීම වැනි දේ ගත හැකි යි. ඔවුන් භාවිත කරන උපකරණවලින් පවා සුළු දෝෂයකින් පහසුවෙන් මරණය ළඟා කරවීමට හැකි යි. එමෙන්ම වැඩෙහි නිරත වීමේ දී විශාල ශබ්දවලට මෙන් ම දෙදරීම්වලට ද ලක් වන්නට ඔවුනට සිදුවෙනවා.

ගිනි නිවන භටයන් – U.S. Air Force/Airman Eugene Oliver

 

ගිනි නිවන භටයෝ

ගිනි නිවන භටයන් ඉතාමත් හොඳින් ඒ සඳහා පුහුණුව ලැබූ අය වෙනවා. ඔවුන්ට මිනිසුන් හා දේපළවලට හානි කරන, බලවත් ගිනි නිවන්නට සිදු වෙනවා. ගින්නට හසු වී හෝ කොටු වී සිටින අය බේරා ගැනීමටත් සිදුවෙනවා. මේ සුන්බුන් අතර වැටී, සිරවී ඇති අය මෙන් ම ගොඩනැඟිලි තුළ සිටින්නන් මෙන්ම සම්පූර්ණයෙන් ම ගිනි දළු ගැවසීගත් ස්ථානවල සිටින්නන් ද වෙනවා. මෙලෙස කටයුතු කිරීමේදී සිය ජීවිතාරක්ෂාව ගැන සිතන්නට ඔවුනට ලැබෙන්නේ ඉතා අඩු අවස්ථාවක්.

ගිනි නිවන භටයකුට උණු වී ගිය ඇස්බැස්ටෝස් වැනි මිනිස් ශරීරයට විෂ ද්‍රව්‍ය ආඝ්‍රාණය වීම මෙන් ම ශරීරයේ දැවටීම ද පහසුවෙන් සිදුවන්නට පිළිවන්. මීට අමතර ව උණු වූ දේ ඇඟ වැටීම, වහල වැනි දේ කඩා වැටීමද ඔවුන් මුහුණපාන ප්‍රධානත ම අභියෝග වෙනවා. දීර්ඝ කාලයක් දුහුවිලි, රසායන ද්‍රව්‍ය, කුඩා ප්‍රමාණයේ වෙනත් අපද්‍රව්‍යවලට මෙන් ම දුම් වලටත් නිරාවරණය වීම නිසා ඔවුනට සෞඛ්‍යමය ගැටලු ද ඇති විය හැකි යි.

ධීවරයෝ – insightguides.com

 

ධීවරයෝ

ධීවර වෘත්තිය ලොව අපහසු ම වෘත්තියක් ලෙස සැලකෙන්නේ, මහා සමුද්‍රය මැද, ජීවිතය අවදානමේ හෙළමින් එය සිදුකළ යුතු නිසා යි. සමුද්‍රයේ හදිසියේ ඇතිවන වෙනස්වීම් නිසා, යාත්‍රා පෙරළී පහසුවෙන් ම ඔවුන්ගේ ජීවිතය හානි විය හැකි යි. ධීවරයන් අතරිනුත්, ඇලස්කාව වනි ශීත පෙදෙස්වල කකුළුවන් ඇල්ලීම සිදුකරන ධීවරයන් සාපේක්ෂ ව විශාල ජීවිත අවදානමක් ගන්නවා. ඇලස්කාවේ අයිස් මෙන් ශීතල, සමුද්‍ර දිය කඳ සමඟ පොරබදා කකුළුවන් ඇල්ලීම සිදුකරන විට, මුහුදට වැටීම වැනි දේ නිසා වසරකට මෙම ‘කකුළු ධීවරයන්’ කිහිප දෙනෙක් හෝ මිය යනවා.

ශ්‍රී ලංකාව වැනි රටවල ද ධීවරයන් වැඩි ජීවිත අවදානමක් ගන්නවා. ඒ තාක්ෂණයේ ඇති අඩු ලුහුඬුකම් නිසා සමුද්‍රයේ දී පහසුවෙන් පාර වැරදීමත්, මුහුදෙහි ඇති, නිතර රළු වන, පෙරැයීම් කිරීමට අපහසු මුහුදු තීරයක් තිසා යි.

ඉදිකිරීම් කරන ස්ථානයක ෆෝමන් – freepik.com

 

ඉදිකිරීම් කරන ස්ථානයක ෆෝමන්

ඉදිකිරීම් ලොව ඉතාමත් අපහසු කර්මාන්තයක් වෙනවා. මෙහි ඉදිකිරීම් නිවැරදි ව, ශක්තිමත් ව සිදුවෙනවා ද යන්න පිළිබඳ සොයා බලා කටයුතු කිරීම ෆෝමන් වරයකුගේ වගකීම යි. මේ නිසා ඉදිකිරීම්වල සෑම තැනකට ම ගොස් ඔවුන් ඒවා පරීක්ෂා කළ යුතු වෙනවා. මේ අතර නිසි ආකාරයෙන් ආරක්ෂා කර නැති, අපහසු ස්ථාන කරා ළඟා වීමට ද ඔවුනට සිදුවෙනවා.

මෙලෙස පරීක්ෂා කිරීමට යාමේ දී ඉතා දරුණු අනතුරුවලට ලක් වී මොවුන්ගේ ජීවිතය විනාශ වන්නටත් හැකි යි. උස් ස්ථානයක දී, තමන්ගේ සපත්තුවක සිදුවන ඉතා කුඩා වෙනසක් ජීවිත හානියක් දක්වා වූ බරපතල තත්වයක් ඇති කරන්නට සමත් වෙනවා. මීට අමතරව, විදුලි සැර වැදීම, සුන්බුන්වලට යට වීම මොවුනට සිදුවිය හැකි අතර, විෂ සහිත රසායන ද්‍රව්‍ය, දුම් හා දූවිලි වලටද නිතරම නිරාවරණය වී සෞඛ්‍ය ගැටලු නිර්මාණය වන්නට පිළිවන්.

පතල් සේවකයෝ – nationaljewish.org

 

පතල් සේවකයෝ

පතල් කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ ද සැලකිය යුතු මට්ටමකින් ව්‍යාප්ත වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් දැක ගත හක්කේ මිනිරන් හා මැණික් පතලු යි. පතල් කර්මාන්තයේ නිරත වන්නකුට අභියෝග රැසක් තිබෙනවා. සම්පූර්ණයෙන් ම අඳුරු දෝනාවක් තුළ සෑහෙන කාලයක් ගත කිරීමේ මානසික පීඩාව මෙන් ම, හදිසි අනතුරක් සිදු වී ඒවා කඩා වැටී තවත් අනතුරු සිදුවීම ද බොහෝ දෙනා කෙරෙහි මේ වෘත්තිය පිළිබඳ ව කැමැත්තක් ඇති නොවීමට හේත්තු වෙනවා. කෙසේ නමුත් තවත් සමහරෙක් මීට කැමති අතර, නිතර ම සිය නිවෙස්වලින් ඉවත් වී, පතල් වෙත ගොස්, ඒවයේ වැඩ කිරීම සිදුකරනවා.

පතල් කර්මාන්තයේ දී සිදුවිය හැකි ප්‍රධානත ම අනතුරක් ලෙස, විෂ වායු පැමිණීම නිසා පෙනහළුවලට හානි වීම ගත හැකි යි. මෙලෙස විෂ වායු මෙන්ම, මිනිරන් කුඩු, පස් කොටස්, දුම් වැනි දේ නිතර ම ආඝ්‍රාණය වීම නිසා ඔවුනට පෙනහළුවල ගර්ත අවහිර වීම හේතුවෙන් විවිධාකාරයේ සංකූලතා ඇතිවෙනවා. බොහෝ පහසුවෙන් දෝනා කඩා වැටී, ඒවා තුළ සිරවීම ද සිදු විය හැකි යි. මීට කලකට පෙර එවන් අනතුරනට මුහුණ පෑ චිලී රාජ්‍යයේ පතලක වෘත්තිකයන් ගැන ඔබට මතක ඇති.

කවරයේ ඡායාරූපය - dailysabah.com

මූලාශ්‍ර:
Careeraddict.com
Wonderslist.com
Salary.com

Related Articles