Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුදෙව්වන්ගේ රාජ්‍යය​ – ඊශ්‍රායලය

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයකින් උණුසුම්වී ඇති ජෙරුසෙලම පිලිබද ගැටලුව ගැන අද වෙනකොට ඔබ දැනුවත්ව ඇතුවාට සැකයක් නැහැ. ඊට සම්බන්ධ රාජ්‍ය වන ඊශ්‍රායාලය පිලිබදවත් ලෝකයේ අවධානය අද වෙනකොට යොමුවී තිබෙනවා.

කතෝලික දහමේ ආගමික නායකයා ලෙස සලකන ජේසුස් වහන්සේගේ ජිවිත කතාවේ එන පරිදි එතුමන් කුරුසයේ තබා ඇන ගැසීමේ සිද්දියත් ඒ වගේම මරණින් පසු නැවත මරණින් නැගිටීමත් යන සිද්ධි දෙකම සිදුවූ ස්ථානය ලෙස සලකන්නේ ජෙරුසලමයි. එලෙස ආගමික වශයෙන් ඈත අතීතයකට දිවයන ඊශ්‍රායාල ඉතිහාසය නිසා වගේම අද වනවිට ලෝකයේ ජනතාව අතර මේ රාජ්‍ය පිලිබදව කතාබහක් ඇතිවීමට තවත් බොහෝ කරුණු බලපා තිබෙනවා.

ජෙරුසෙලමේ අද පවතින නටඹුන් (blogaultimatrombeta.files.wordpress.com)

වර්ග සැතපුම් 8000 පමණ වන පුංචි රටක් වුනාට ලෝකයට අද වනවිට බොහෝ කාරණා අතින් වැදගත් වී ඇති රටක් නිසාම මේ ලිපිය හරහා ඔබට ඊශ්‍රායාලය පිලිබදව අතීතය වගේම රටේ වර්තමානය, මේ දක්වා කාලයේ ලගාකරගත් දියුණුව වැනි කරුණු ගණනාවක් ගැන දැනගන්න පුළුවන්.

ඊශ්‍රායාල රාජ්‍යයේ අතීත තොරතුරු

ඊශ්‍රායාලය කියන වචනයෙන් දැක්වෙන්නේ දෙවියන් සමග ශ්‍රේෂ්ඨ ලෙස සටන්කලා යන්නයි. ඒ වගේම ඊශ්‍රායලය​ මැදපෙරදිග කලාපයේ, මධ්‍යධරණී මුහුදෙනුත්, ඊජිප්තුව, ජෝර්දානය, ලෙබනන් හා සිරියාවෙනුත් වටවුණු රාජ්‍යයක්. එරට ජනගහනය මිලියන 8ක් පමණ වන අතර ඔවුන්ගෙන් බොහොමයක් පිරිස යුදෙව් ජාතිකයින් වෙනවා.

ඊශ්‍රායාලයේ පිහිටීම (3.bp.blogspocom)

ඊශ්‍රායාල රාජ්‍යයේ ඉතිහාසය ක්‍රි.පු. 2000ක පමණ කාලයක සිට පැවත එන්නක්. බයිබලයේ සදහන් වන පරිදි මෝසස් ඊජිප්තුවේ වහලුන් සමග දෙවියන් විසින් නියම කල භූමියක් සොයා පැමිණෙනවා. ඒ වගේම ඒ දෙවියන් විසින් නිර්මාණය කරන ලද භුමිය ඊශ්‍රායලය ලෙසයි සලකන්නේ. එලෙසම යුදෙව් ජාතිකයින් තමන්ගේ උපන් බිම ලෙස සලකන්නෙත් මේ ඊශ්‍රායාල රාජ්‍යයයි. විටින් විට රටට එල්ලවූ විදේශීය ආක්‍රමණ නිසාවෙන් ඊශ්‍රායාලය විදෙස් රටවල් කිහිපයක් යටතේත් පාලනය වුවක්. එලෙස බැබිලෝනියාව, ග්‍රීසිය, බ්‍රිතාන්‍ය, පර්සියාව, රෝමය, අරාබිය වැනි බලවත් පාලනයක් ගෙනගිය රටවල් යටතේ පාලනයවී තිබෙනවා.

එසේ වෙතත් තවමත් ඊශ්‍රායල රාජ්‍යයේ භාෂාව, සංස්කෘතිය යුදෙව් ආභාෂය ලබමින් වගේම යුදෙව් සංස්කෘතිකාංග​ ආරම්භයේදී පවැති ආකාරයෙන්ම අදටත් දක්නට ලැබෙනවා. යුදෙව් අනන්‍යතාවය විදහා දැක්වෙන අවස්ථාවක් විදියටත් එය සලකන්න පුළුවන්.

ඊශ්‍රායල යුධ තාක්ෂණය

යුධ තාක්ෂණය අතින් ඉතා දියුණු මට්ටමක සිටින රටක් වගේම යුධ තාක්ෂණය​ මනාව යොදාගෙන සටන් ජයගත් රටක් විදියටත් මේ රාජ්‍ය ලෝකයේ ප්‍රසිද්ධියක් උසුලනවා. යුධ උපකරණ ලෝකයට නිෂ්පාදනය අතින් මුලිකත්වය ගන්න රටක් විදියටත් ඊශ්‍රායලය හදුන්වන්න පුළුවන්.

යුධ කටයුතු වලට යොදාගන්නා රථ, ගුවන් යානා, යුධ ටැංකි, මිසයිල, හෙලිකොප්ටර්, බර අවි, නැවි හා සබ්මැරීන වැනි බොහෝ යුධ උපකරණ ඊශ්‍රායාලය සතුයි. 8,238,300 පමණ වන ජනතාවක් ජිවත්වන මේ රටේ 1,797,960ක සක්‍රිය හමුදාවක් සිටිනවා. ඒ වගේම රටේ යුදෙව් වැසියන් අතුරින් පිරිමින් අවුරුදු 3 හා ගැහැණුන් අවුරුදු 1 වශයෙන් යුධ සේවයේ නියුතු වියයුතුයි. ලෝකයේ අධ්‍යාපනය අතින් ලොව දෙවන ස්ථානය හිමිවන්නේත් ඊශ්‍රායලයටයි.

ඊශ්‍රායලයේ නිෂ්පාදනය කරන අවි (nationalinterest.org)

විදෙස් රටවල් සමග සිදුකල යුධ කටයුතු හා එයින් සාර්ථක වීම පිලිබදව ලෝකයේම ඊශ්‍රායලය ප්‍රසිද්ධියක් උසුලනවා. දින හයේ සටන නමින් හඳුන්වන​ ඊශ්‍රායාල හා අරාබි හමුදාව අතර සිදුවූ සටන ඊට හොද උදාහරණයක්. 1967 ජුනි 5 ආරම්භ වන සටන දින 6කින් පසුව ජුනි 10 සාර්ථකව ඔවුන් අවසන් කරනවා.

ඊශ්‍රායල කෘෂිකර්මාන්තය

වර්තමානයේ කෘෂිකර්මාන්තයේදී තාක්ෂණය යොදාගන්නා රටක් වගේම නව ක්‍රම ලෝකයට දායාද කරන රටක් විදියටත් ඊශ්‍රායලය හදුන්වන්න පුළුවන්. උණුසුම් දේශගුණයක් පවතින රටක් විදියට පැවතුනත් රටේ ආහාර අවශ්‍යතාවෙන් 95%ක් පමණ එරටම නිෂ්පාදනය කරනවා. නව තාක්ෂණය ගවේෂණය කිරීම නිසාම එරට ආදායමෙන් 17%ක ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයට වෙන්කරන්නත් රජය කටයුතු කර තිබෙනවා.

ඔවුන්ගේ සොයාගැනීම් විදියට බින්දු ජල සම්පාදනය (කාන්තාර දේශගුණයක් ඇති නිසා ජලය ප්‍රවේශමෙන් යොදාගන්න හැකියාව පවතී), ජංගම ගබඩා (ලංකාවේ වී අස්වැන්න ගබඩා කිරීමට මෑතකදී ආනයන කරන ලද්දේ මේ අසුරණයයි. අස්වැන්න ගොඩගැසීමෙන් පසුව සම්පූර්නයෙන්ම වැසීමට හැකියාව තිබෙනවා.), ජීව විද්‍යාත්මක කෘමි පාලනය (මීමැසි පාලනය), කිරිගව පාලනය (චීන රජයෙන්ද තම රටේ මේ කර්මාන්තය දියුණු කරගැනීමට උදව් ලබාගන්නේ ඊශ්‍රායාලයෙන්), වගාකරුවන්ට වගාවේදී අවශ්‍ය දැනුම ලබාගැනීමට මෘදුකාංගයක් සැකසීම (Tailor-made farm solutions ලෙස හදුන්වන මෙය IBM ආයතනය හා එක්ව නිපදවා තිබෙනවා. මේ හරහා වගාව ආරම්භයට සුදුසු කාලය, සුදුසු භෝග වර්ග වගේම අවශ්‍ය උපදෙස් පිළිබද තොරතුරු ලබාගන්න පුළුවන්), නව අර්තාපල් (මේවා වියළි දේශගුණයේද වගාකළ හැකි අතර මුහුදු ජලය වගාවට යොදාගන්නත් හැකියාවක් පවතිනවා)

ඊශ්‍රායලයේ වගාභුමියක් දැක්වෙන ඦායාරුපයක් (portalnoar.com.br)

ඊශ්‍රායලයෙන් බිහිවූ ලෝක ප්‍රසිද්ධ චරිත

මුදල් හරහාම දියුණුවීමට හැකියාවක් රටකට නැහැ. අනිවාර්යෙන්ම ක්‍රීඩාවෙන්, තාක්ෂණයෙන් හා වෙනත් අංශ වලිනුත් රටක දියුණුව මනිනු ලබනවා. එසේ දියුනුවීමේදී රටේ බිහිවූ දක්ෂ පුද්ගලයින් අමතක කළ​ නොහැකියි. ඒ වගේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු ගැන විස්තරයක් ඔබට ගෙන එන්නට අප සිතුවා.

ගැල් ගැඩොට් (wonder woman චිත්‍ර පටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවූ නිළිය), Anna Smashnova, Shahar Pe’er (මොවුන් දෙදෙනාම ලෝක ටෙනිස් පිටියේ දක්ෂකම් දක්වන ක්‍රීඩිකාවන්). මීට අමතරව ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයින් කතුවරුන් බොහොමයක් සිටිනවා.

ගැල් ගැඩොට් රංගනයක යෙදෙන අවස්තාවක ඡායාරූපයක් (www.hdwallpapers.in)

ලංකාව හා ඊශ්‍රායලය අතර මිත්‍රත්වය

ලංකාව හා ඊශ්‍රායාලය අතර සම්බන්ධතා පැවතීම බොහෝ කාලයක සිට පැවත එන්නක්. ලංකාවේ කටයුතු වෙනුවෙන් කෘෂිකාර්මික අංශයෙන්, තාක්ෂණය හා යුධ කටයුතු වෙනුවෙන් ඊශ්‍රායලය සහය ලබාදී තිබෙනවා. ඒ වගේම ලංකාවේ පුද්ගලයින් 7000ක පමණ ප්‍රමාණයක් අද වනවිට එරට රැකියාවේ නිරතවීමත් සිදුකරනවා.

වසර 20ක පමණ කාලයක් සිදුකල යුද්ධය නිමාකිරිමේදී දැවැන්ත සහයක් ලංකාවට ලබාදීමට ඊශ්‍රායලය කටයුතු කලා. ලංකාවේ හමුදා සතු කෆීර් ප්‍රහාරක යානා, ඩෝරා යාත්‍රා මිලදී ගැනීම සිදුකරනු ලැබුයේ ඊශ්‍රායලයෙන්. ඒ වගේම මුල් අවස්ථාවේ ලංකාවේ ගුවන් නියමුවන් පුහුණු කිරීමත් එරටින් සිදුකල අතර අවශ්‍ය සියලු තාක්ෂණික දැනුම ලබාදීමත් සිදුකලා.

ඊශ්‍රායාලයේ නිපදවූ කෆීර් යානාවක් (lh3.googleusercontent.com)

කුඩා ප්‍රදේශයක් තුල නමුත් දැවැන්ත සංවර්ධනයක් ළඟාකරගත් රටක් ලෙස​ ලංකාවේ අපට ආදර්ශයක් ලබාගන්න පුළුවන් රටක් විදියට ඊශ්‍රායාලය හදුන්වන්න පුළුවන්. නමුත් පලස්තීන අර්බුදයේ දී ඔවුන්ගේ හැසිරීම ගැන කිසිසේත්ම ප්‍රසාදයට පත්වෙන්න නම් අමාරු යි. 

මුලාශ්‍ර:

https://www.israel21c.org/the-top-12-ways-israel-feeds-the-world/

https://www.thefamouspeople.com/israel.php

https://www.greenleft.org.au/content/sri-lanka-ties-israel-expose-duplicity

Cover Image: ජෙරුසලම (gadventures.com)

Related Articles