Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා වසංගතය සමග එන මානසික ව්‍යාකූලතා

කොරෝනාවෛරසය හේතුවෙන් මේ වන විට රටවල් බොහොමයක මූලිකවම සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරුණු බරක් පැටවී තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සලකන කළ කායික රෝගවලට අමතරව මානසික රෝගවලින් පෙළෙන රෝගීන්ට ද ඉතා අවාසනාවන්ත කාලයක් ලෙස මෙම වසංගත සමය නම් කළ හැකි යි. 

කොරෝනාවෛරසය පිළිබඳව, එහි භයානක බව පිළිබඳව, ඒ හා සම්බන්ධ ආසාදිතයන් ප්‍රමාණය, මරණ ප්‍රමාණය පිළිබඳව වූ විස්තර නිතර ඇසීමෙන් හෝ දැකීමෙන් හෝ, ඔවුන් සමග ගනුදෙනු කිරීමෙන් එය තමන්ට වැළදෙනු ඇතැ යි සිතීමෙන් මානසික ව්‍යාකූලතා ඇති වී ඇති රෝගීන්, දැනටමත් විවිධ හේතූන් නිසා මානසික රෝගයන්ට ගොදුරුව සිටින රෝගීන් ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකි යි. ඔවුන් දෙපාර්ශවයටම මෙම අභියෝගාත්මක කාල සීමාව තුළ එල්ල වෙන බලපෑම දරා ගත නොහැකි මට්ටමට පැමිණීමට හැකියාවක් පවතිනවා.

මේ හේතුවෙන් කොරෝනා වසංගත සමයේ මානසික සෞඛ්‍ය රැක ගැනීමට හා මානසික රෝග පාලනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

මේ සමයේ මානසික ව්‍යාකූලතා ඇති වීමේ අවදානම කාට ද? 

රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් 

රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් තමන්ට රෝගය ඇත්දැ යි බියෙන් පසුවෙනවා (thehealthy)

යමෙකු කොවිඩ් 19 රෝගියෙක් බව දැන හෝ නොදැන, ඔහු/ඇය සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයන් අතරින් බොහෝ දෙනෙකු තමන්ට එය වැළදෙනු ඇතැ යි උග්‍ර මානසික පීඩනයකින් පසුවන බව ජර්මනියේ පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා. ඔවුන් බොහෝ දෙනෙකු තමන් එම රෝගියෙකු සමග ගනුදෙනු කළ බව සැඟවීමට ද උත්සාහ දරනවා. 

තමන්ට රෝග ලක්ෂණ ඇතිව හෝ නැතිව සෞඛ්‍ය උපදෙස් මත ස්‌වයං නිරෝධායන වීම මෙහිදී ගත යුතු ප්‍රධානම ක්‍රියාමාර්ගය බව සෞඛ්‍ය අංශයන් පෙන්වා දෙනවා. සත්‍ය තොරතුරු සඟවා සමාජය සමග මුසු වීමෙන් ප්‍රශ්න උග්‍ර විය හැකි බැවින් එම කාලය තුළ රෝග ලක්ෂණ මතුවේ නම් අනිවාර්ය වෛද්‍ය උපදෙස් පැතිය යුතු වෙනවා. 

එය රහසක් වශයෙන් තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. එය හෙළි කිරීමෙන් සමාජයට යහපතක් වන අතර, අන් අය තමන්ට උදව් කරන්න ඉදිරිපත් වීම තුළින් මානසික සහනයක්  ලැබෙනවා.” 

ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටිනවා.

කොරෝනා සම්බන්ධ පුවත් ඇසීමෙන් මානසික ව්‍යාකූලත්වයට පත්වෙන පුද්ගලයන්

සමහර පුද්ගලයන් කොරෝනා සම්බන්ධ පුවත් ඇසීමෙන් මානසික ව්‍යාකූලත්වයට  පත්වෙනවා (mentalhealthrights)

වසංගත සමයේ දී කොරෝනා පුවත් පිළිබඳ සැලකිලිමත් වීම සාමාන්‍ය දෙයක් විය හැකි යි. නමුත් එය බොහෝ දෙනෙකුට මානසික සෞඛ්‍ය ගැටළු ඇති කිරිමට හෝ උග්‍ර කිරීමට සමත් විය හැකි යි. විශේෂයෙන් දිනකට ලෝකය තුළ හෝ රටේ වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය/මරණ ප්‍රමාණය හෝ තමන් පදිංචි ප්‍රදේශය තුළ කොවිඩ් 19 රෝගය පිළිබඳව පුවත් නිරන්තරයෙන් නැරඹීමෙන් සහ කියවීමෙන් දැඩි මානසික පීඩනයකට පත්වෙන බොහෝ දෙනෙකු සිටිනවා. එවැනි අයට කොරෝනා වසංගතය සම්බන්ධව ප්‍රවෘත්ති ඇසීම හා නැරඹීම වැළකීමෙන් ටික දිනකින් මෙම තත්ත්වය සමනය කර ගත හැකි වෙනවා. ආතතිය අවම කර ගැනීම සඳහා හාස්‍යෝත්පාදක දේ කියවීම මෙන්ම නැරඹීම ද ඔවුන්ට වඩා යෝග්‍ය යි. වගා කිරීම, මල් සිටවීම, සංගීත භාණ්ඩ වාදනය, ගී ගැයීම හෝ තමන්ට මඟ හැරුණු විනෝදාංශයක් සඳහා මෙම කාලය යොදා ගත හැකි යි. 

රූපවාහිනියට අමතරව නිරන්තරයෙන් සාමාජ මාධ්‍ය ජාලාවලට ඇබ්බැහි වී සිටින අයට මෙම පීඩනය උග්‍ර ලෙස ඇති විය හැකි බව ද වාර්තා වෙනවා. සමාජ මාධ්‍ය ජාලා තුළ වසංගත තත්ත්වය පිළිබඳව ව්‍යාජ පුවත් බොහොමයක් ද සංසරණය වෙමින් පවතිනවා. සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, සෞඛ්‍ය අමාත්‍යංශය හා  ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම වෙනත් වගකිව යුතු ආයතන නිකුත් කරන ප්‍රවෘත්තීන් පමණක් විශ්වාස කළ යුතු බවට ශ්‍රී ලංකාවේ රජය මහජනයා වෙත නිරන්තරයෙන් පවසා සිටිනවා. 

සමාජ මාධ්‍ය ජාලවල සැරිසැරීම ආතතිය අඩු කිරීමට ක්‍රමයක් වුවද කොරෝනාවෛරසය ගැන කියවීම සීමා කිරීම කළ යුතු වෙනවා.

හුදෙකලා වූවන් 

බොහෝ දෙනෙකුට තමන්ගේ දරුවන් දෙමාපියන් සමීපයට යා ගත නොහැකි කමින් මානසික ආතතියට ලක්වෙනවා. (commonwealthfund)

අත්‍යවශ්‍ය සේවාවන්ගේ සේවය කරන්නන් මෙන්ම ප්‍රදේශ වසා දැමීම හේතුවෙන් තම නිවාස කරා ඒමට නොහැකි වූවන් මෙහිදී තම සමීපතමයන් නොමැතිව හුදෙකලා වූවන් ලෙස හැඳින්විය හැකි යි. එසේම, හුදෙකලාව ජිවත් වෙන තැනැත්තන් ද, ඇඳිරි නීතිය සහ රැකියාස්ථානයන් වසා දැමීම නිසා තම සාමාන්‍ය සමාජ ආශ්‍රය ලබාගත නොහැකිව මානසික ආතතියට සහ පීඩාවට පත්වීමේ විශාල ඉඩක් තිබෙනවා. 

එසේම සෞඛ්‍ය සේවාවන්ගේ සේවය කරන පුද්ගලයන් තමාගෙන් රෝගය තම සමීපතමයන්ට වැළදෙනු ඇතැ යි සිතමින් බොහෝ විට මානසික පීඩනයෙන් කල්ගත කරනවා. එම අවදානම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයින් බොහෝ පිරිසක් තමන්ගේ දරුවන්, සහකරු/ සහකාරිය,දෙමාපියන් සමීපයට යා ගත නොහැකි කමින් මානසික ආතතියට ලක්වෙනවා. 

පවතින මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයන් 

කොළඹ ජාතික රෝහල මානසික රෝග අංශය හරහා රෝගීන් වෙත බෙහෙත් තැපැල් කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා. (afd)

දැනටම පවතින විවිධ මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මෙවැනි කාලයක් තුළ සිය රෝගී තත්ත්වය උත්සන්න වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ, ඔවුන්ට අවශ්‍ය ඖෂධ නියමිත ලෙස නොලැබීමෙන්. ලෝකයේ විවිධ රටවල මෙම කාල සීමාවේ දී මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා අය වෙනුවෙන් ඖෂධ ලබා දීමට විවිධ ක්‍රම අනුගමනය කරනවා. ශ්‍රී ලංකා රජය ද කොළඹ ජාතික රෝහලේ මානසික රෝග අංශය හරහා රෝගීන් වෙත බෙහෙත් තැපැල් කිරීමේ ක්‍රමවේදය හදුන්වා දී තිබෙනවා.

කවරයේ පින්තූරය - inquirer 

මූලාශ්‍රයයන් - 

BBC

Nytimes

DW

Related Articles