Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ජනප්‍රියම කාටූන් චරිත 5ක්

කාටූන් නරඹන්නට ලොව පුරා ලොකු කුඩා කවුරුත් දක්වන්නේ මහත් වූ ඇල්මක්. මේ නිසා කාටූන් චරිත බොහොමයක් ඔවුන් අතර ජනප්‍රියව තිබෙනවා. ලොව බිහිවූ සමහර කාටූන් චරිත කෙතරම් ජනප්‍රිය වී ද යත්, ඔවුන් අඩංගු වැඩසටහන් භාෂා රාශියකට පරිවර්තනය කොට ලොව පුරා විකාශය කෙරී තිබෙනවා. ලොව එදා මෙදාතුර වැඩි වශයෙන්ම ජනප්‍රිය වූ කාටූන් චරිත 5ක් පිළිබඳ තොරතුරු ඔබ වෙත එන එන්නට අපි අදහස් කළා.

ටොම්

hollywoodreporter.com

ටොම් ඇන්ඩ් ජෙරී කාටූනයේ හමු වන බිළාලයා වන ‘ටොම්’ ලොව අතිශය ජනප්‍රිය කාටූන් චරිතයක්. නිතරම ජෙරී නම් මීයා අල්ලාගැනීමට සැලසුම් අඳින ඔහු සෑම විටම අසාර්ථක වෙනවා. බොහෝ විට ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් දෙබස් රහිත, උක්ත සිද්ධියම මූලික කොටගෙන පමණක් නිර්මිත වුවත් ලොව පුරා කුඩා දරුවන් එය ආදරයෙන් වැලඳගත්තා. ටොම් ඇන්ඩ් ජෙරී 1940 වසරේ විලියම් හැනා හා ජොසප් බාබරා විසින් නිර්මාණය කොට තිබෙනවා.

මිකී මවුස්

gregcantyfuzion.com

මිකී මවුස් ලොව වඩාත්ම ජනප්‍රිය කාටූන් චරිතයයැ යි කීමේ වරදක් නැහැ. වෝල්ට් ඩිස්නි විසින් 1928 වසරේ නිර්මාණය කෙරුණු මිකී මවුස් රතු පැහැති කලිසමක්, කහ පැහැති සපත්තු ජෝඩුවක් හා සුදු පැහැති අත්වැසුම් යුගලක් පළඳින කළු පැහැති මීයෙකු වෙනවා. මේ තදාසන්නවම නිර්මාණය කරන ලද මිනී මවුස්, ඩොනල්ඩ් ඩක්, ඩේස්, ගූෆි හා ප්ලූටෝ ද ජනප්‍රිය වුණා. කරලියට පැමිණ වසර 90කට පසුවත් එම ජනප්‍රියතාවය මඳකදු අඩු වී නැහැ.

ස්කූබි

cartoon-clipart.co

ස්කූබි ඩූ ලොව ජනප්‍රිය වූ තවත් කාටූනයක්. ෂැගී නම් තරුණයා සතුව සිටින විශාල නමුත් බියසුළු සුනඛයා වන ස්කූබි හොඳ සිතක් ඇති අයෙකු වෙනවා. ස්කූබි ශ්‍රී ලංකාව තුළ ද ඉතා ජනප්‍රිය යි. මේ කාටූන් චරිතය 1969 වසරේ දී ජෝ රූබි හා කෙන් ස්පියර්ස් විසින් නිර්මාණය කර තිබෙනවා.

කයෝටි

hollywoodreporter.com

ලූනි ටූනි කාටූන් මාලාවේ හමුවන ‘කයෝටි’ වර්ගයේ වෘකයා ‘ද රෝඩ් රනර්’ විශේෂාංගයේ පෙනී සිටිනවා. නිතරම රෝඩ් රනර් කොටුකරගන්නව විවිධ උපක්‍රම යෙදුවත් ඒ සියල්ලම අසාර්ථක වන අතර, නිතරම ඔහු අකරතැබ්බයන්ට ලක් වෙනවා. මේ කාටූනය වෝනර් සොහොයුරන් විසින් 1966 දී කරළියට ගෙන ආ අතර මෙහි වූ වේගවත් මෙන්ම විසුළු ස්වභාවය නිසා ඉක්මණින්ම කා අතරත් ජනප්‍රිය වුණා.

කාටුන් එක නරඹා තිබෙන ඔබ අප බොහෝ දෙනා, රෝඩ් රනර් එක වරක් හෝ කයෝටිට හසුවන්නේයැ යි පතා තිබෙනවා නේද?

ෆ්ලින්ස්ටෝන්ස්හි ෆ්‍රෙඩ්

costumewall.com

ද ෆ්ලින්ස්ටෝන්ස් ලොව පුරා ප්‍රසිද්ධ වූ තවත් කාටූන් මාලාවක්. ගල් යුගයේ ජීවත් වන මිනිසෙකු වටා ගෙතී ඇති මෙහි කතා නායකයා වන්නේ ‘ෆ්‍රෙඩ්’ නම් මැදිවිය අභිමුඛයේ සිටින අලස මිනිසෙකු වටා යි. ඔහු දිවියේ මුහුණපාන විවිධ සංසිද්ධි ඉතා සිත් ඇදගන්නා සුළු ලෙස මෙහි ඉදිරිපත් කර ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ ද ජනප්‍රිය වූයේ ‘ගිරිපුර ඇත්තෝ’ නමිනුයි. මෙහිදී ඔහු ‘බොරළු’ ලෙස හඳුන්වා දී තිබුණා. ද ෆ්ලින්ස්ටෝන්ස් 1960 වසරේ විලියම් හැනා හා ජෝසප් බාබරා විසින් නිර්මාණය කර තිබුණා.

කවරයේ පින්තූරය- Youtube

Related Articles