Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

තනිකඩ ගමන් සගයා – EHang 184

මිනිසාගේ අපූරු නිමැවුමක් ගැනයි මේ සටහන. තාක්ෂණයේ අනන්තය වෙත යන අධිවේගී ගමනකයි ලෝකය ඉන්නෙ. මිනිසා ඒ ඔස්සේ සොයා ගන්නා දේවල් හරි පුදුමාකරයි. සමහර වෙලාවට විශ්වාස කරන්නත් අමාරුයි. නමුත් ඒ විශ්වාස කරන්න අමාරු ගමන ලෝකය දැන් යමින් ඉන්නවා. සියල්ල පරිඝනක ගත වෙච්ච පරිඝන ඉලෙක්ට්‍රික් තාක්ෂනික යුගයකයි අපි මේ ඉන්නෙ. මේ පූර්විකාවත් එක්ක අපි එළඹෙන්නෙ ලෝකයේ අලුත් අත්හදා බැලීමක් ගැන ඔබට කියන්න. මේ අත්හදා බැලීම ගැන අන්තර්ජාලයේ සැරිසරන ඔබ බොහෝ විට දැනුවත් ඇති. අපි මේ කියන්න යන අත්හදා බැලීම අතිශය සාර්ථක අත්හදා බැලීමක්.

ඒ තමයි EHang 184. මේක තමයි ලෝකයේ ගුවන් නියමුවෙකු රහිතව මඟීන් ගෙන යා හැකි පළමු වැනි ගුවන් යානය. මේක නිර්මාණය කළේ චීනය. කෙටියෙන්ම කියනවානම් මේක ස්වයංක්‍රීය​ ගුවන් යානයක්. මේ ගුවන් යානය පසුගියදා චීනයේ වූචෙන් වලදී පැවැත්වුණු හතරවැනි ලෝක අන්තර්ජාල සමුළුවේදී තමයි ප්‍රදර්ශනය කෙරුණෙ.  මේ ස්වයංක්‍රීය ගුවන් යානයේ උස මීටර් 1.6 ක්. සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 200 ක්. විද්‍යුත් ශක්තියෙන් පියාසර කළහැකි මේ යානයේ බැටරි ආරෝපණයට පැය දෙකක් විතර ගත වෙනවා. පැය දෙකක බැටරි ආරෝපණයකින් පස්සේ මේ යානයට කිලෝ ග්‍රෑම් 100 ක බරක් පටවගෙන මිනිත්තු තිහක් පමණ ගමන් කළ හැකියි.‍

මෙහි නිෂ්පාදකයින් කියා සිටින්නේ මෙම යානය පරිසර හිතකාමී යානයක් වන බවයි. හරිත තාක් ෂණය යොදා ගනිමින් මෙම යානය නිෂ්පාදනය කර ඇති බව ඔවුන් කියා සිටිනවා.

පොළොවේ ඉදන් මීටර් 300-500ත් අතර ඉහළින් මෙම යානයට පියාසර කරන්න පුළුවන්. මේ යානයේ  එහි උපරිම වේගය පැයට කිලෝමීටර 100ක්. නිෂ්පාදිත සමාගම මෙයට දැනට නියම කර ඇති මිල ඇමරිකානු ඩොලර් 300,000 ක්.හෙලිකොප්ටරය සහ මේ යානය අතර ඇති ප්‍රධානම වෙනසෙක් තිබෙනවා. ඒ තමයි මේ යානයේ තිබෙන අවරපෙති ප්‍රමාණය. පොළවට සමාන්තර පාද හතරක අවරපෙති අඩංගු මෙහි හදිසියේ පාද 3ක්ම ක්‍රියා විරහිත වුණත් ඉතිරි පාදයේ අවරපෙති මගින් ආරක්ෂිතව යානය ගොඩබැස්වීම සිදු කරන්න පුළුවන්.

කෙසේ වෙතත්, යම් කිසි කාර්මික දෝශයක් ඇති වුවහොත් ළඟම ඇති සුදුසු ස්ථානයක යානය ගොඩ බැස්වීමට මෙම යානය සකස් කර ඇති බවයි මෙහි නිෂ්පාදකයන් පවසන්නේ.

මෙම යානය පාලනය කිරීම සිදු කිරීමට එහි ගමන් කරන මගියාට කිසිම හැකියාවක් නැහැ.  ඒ කාර්යය කරන්නෙ දුරස්ථ පාලක මධ්‍යස්ථානයක් මගින්. එමගින් වඩා ආරක්ෂිත ගොඩබැස්වීමක් තහවුරු කරගත හැකියි බව තමයි නිෂ්පාදිත සමාගම විශ්වාස කරන්නෙ. යානය ගොඩ නැංවිය හැකි සහ ගොඩ බැස්විය හැකි ස්ථාන කළින් සළකුණු කෙරෙන බවයි නිෂ්පාදකයින් කියා සිටින්නේ. එමෙන්ම අයහපත් කාළගුණ තත්ත්වයන්වලදී යානය ගුවන් ගතවීම සඳහා පාලක මධ්‍යස්ථානයෙන් අවසරය ලැබෙන්නේ නැහැ. එහෙයින් අනතුරුදායක පියාසැරියන් වැළැක්වෙන බව බලාපොරොත්තු වනවා.දැනටමත් මේ ගුවන් යානයට විදෙස් ඇණවුම් දාහකට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා. 2018 ජුනි මාසයේදී මගී ප්‍රවාහන ඩ්‍රෝන සේවයක් ආරම්භ කිරීමටත් නියමිතයි.

මෙම යානය නිෂ්පාදනය කරන්නේ චීනයේ EHang සමාගමයි. එය මෙවන් කුඩා ප්‍රමාණයේ ගුවන් යානා සහ ඩ්‍රෝන පිළිබඳ විශේෂඥතාවක් දක්වන සමාගමක් වනවා. චීනයේ ග්වංජෝ හි මූලස්ථානය ඇති මෙම සමාගමේ ශාඛා චීනයේ ෂැංහයි සහ බීජිං, ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය​, ජර්මනියේ ඩසල්ඩෝර්ෆ් යන ප්‍රදේශවල පිහිටුවා තිබෙනවා. මෙම සමාගම අරඹා වැඩි කලක් නැතත් මේ වනවිට එය ජාත්‍යන්තර වෙළෙඳපොළ ද ආක්‍රමණය කරමින් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

Related Articles