Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හමර්: ගමනක අවසානය

1979 යුද්ධයේ දී හමර් රථයේ ඇරඹුමත්, එහි විකාශනයත් පිළිබඳව ලිපියක් මීට ප්‍රථම ඔබ වෙත ගෙන ආවා. අද ඔබ වෙත ගෙන එන්නේ එම ලිපියේ දෙවන ලිපිය යි. ඒ, SUV රථ අතරින් පුරාවෘතයක් බඳු H3 රථය ගැන යි.

1992 දී AM ජෙනරල් සමාගම විසින් හමර් සිවිල් සංස්කරණය මහජනයාට අලෙවි කිරීම ආරම්භ කරන ලදී. පළමු වසරේ “සීමිත සංස්කරණය” හම්මර් කර්මාන්ත ශාලාවෙන් කෙළින්ම විකුණන ලදී. 1993 දී AM ජෙනරල් සිවිල් හමර් අලෙවිකරණය සඳහා අලෙවිකරුවන් 50කට ආසන්න සංඛ්‍යාවක් සමග ගිවිසුම් අත්සන් කළේ ය.

1999 දෙසැම්බරයේ දී සමාගම විසින් හමර් නාමය සහ හමර් වාහන අලෙවිකරණය හා බෙදාහැරීමේ අයිතිය ජෙනරල් මෝටර්ස් වෙත විකුණන ලදී. AM ජෙනරල් මිෂවකා කම්හලේ මුල් හමර් රථ (දැන් H1 ලෙස හැඳින්වේ) තැනීම දිගටම කරගෙන ගියේ ය. 2002 මැද භාගයේ දී ඔවුන් විසින් නව හමර් H2- 2003 ආකෘතියක් ලෙස HMMWV/ H1 කර්මාන්ත ශාලාවට යාබදව නවීන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක නව මාදිලියක් ලෙස නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ ය. 

හමර් H2

H1 යුගයේම නිපදවන ලද මෙම හමර් H2 2009 වසර හයක් දක්වා කාලයක් පැවතුණි. H2 සංකල්පය 2000 දී උතුරු ඇමරිකානු ජාත්‍යන්තර ඔටෝ ප්‍රදර්ශනයේ දී හඳුන්වා දෙන ලද අතර, මිලිටරි පෙනුමැති H2 වඩාත් සුඛෝපභෝගී විය. ප්‍රිමියම් බොස් ශබ්ද පද්ධතිය, සැප පහසු ආසන, වායු සමිකරණ පද්ධති, තවත් බොහෝ පහසුකම්වලට අමතරව සහ තවත් බොහෝ දේ ගැනුම්කරුවන්ට එකතු කළ හැකි විය.

2003 නිපදවූ හමර් H2 රථයක් (Photo by: Youtube)

H2 මෙම සුඛෝපභෝගී හා කාර්ය සාධනය ඉහළ (High Performance) වූ නමුත්, එඩ්මන්ඩ්ස් සහ තවත් බොහෝ පිළිගත් වාහන සමාගම් 2007 දී H2 සඳහා දුර්වල සමාලෝචනයක් ලබාදුන් අතර, එහි ක්‍රියාකාරිත්වය සහ අඩුපාඩු විවේචනය කළේ ය. මෙම අඩුපාඩු නිසා H2 හි අවුරුදු හත තුළ විකුණුම් පහත වැටීමට හේතුව විය හැකි අතර, 2002 දී 18,000කට වඩා අලෙවි වූ අතර 2009 දී 1,000ට වඩා අඩු විය.

හමර් H3

2005 මැද භාගයේ දී හමර් විසින් 2006 හම්මර් H3 හඳුන්වා දෙන ලදී. H3 යනු කොලරාඩෝ/ කැනියොන් චැසිය මත පදනම් වූ මධ්‍යම ප්‍රමාණයේ SUV රථයක් වන අතර, එය ජෙනරල් මෝටර්ස් හි ෂ්‍රෙව්පෝට් කම්හලේ ඉදිකරන ලද්දකි. H3 හි බිම් නිෂ්කාශනය අඟල් 9.7ක් වූ අතර, එය අඟල් 20ක් දක්වා ජලය තුළ ගමන් කිරීමට සමත් විය. මාර්ගයෙන් බැහැර කාර්ය සාධනය (Off Road Performance) වැඩි කිරීම සඳහා විකල්ප ඇඩ්වෙන්චර් හෝ ඕෆ් රෝඩ් පැකේජ මිල දී ගත හැකි විය.

හමර් H3 රථයක් (Photo by: auto.com)

H3 ලීටර් 3.5 සිලින්ඩර් 5 L52 එන්ජිමක් මඟින් අශ්ව බල 220ක් නිපදවීය. 2007 දී ජෙනරල් මෝටර්ස් එන්ජිම ප්‍රතිස්ථාපනය කරමින් එය 3.7-ලීටර් එන්ජිමක් සහ අශ්ව බල 242 දක්වා වැඩි කළේ ය. H3 දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, ආසියාව සහ යුරෝපය තුළ යම් සාර්ථකත්වයක් ලබා ඇති නමුත් එය නිෂ්පාදනයේ තබා ගැනීමට ප්‍රමාණවත් නොවුණි.

H3 රථයක් ඇතුළත (Photo by: hemmings.com)

මෙය වඩා ඉන්ධන කාර්යක්ෂම (ගැලුම් එකකට සැතපුම් 16 සිට 20 දක්වා) වාහනයක් වන වුවද, අඩු විකුණුම් හේතුවෙන් H1 නිෂ්පාදනය අවසන් කිරීමේ අවසන් තීරණය 2006 මැයි 9 වන අඟහරුවාදා මහජනතාවට ප්‍රකාශයට පත් කරන ලද අතර, 2006 මැයි 12 වන සිකුරාදා මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. 1992 දී හඳුන්වා දුන් දින සිට නිෂ්පාදනය කරන ලද මුළු H1 සංඛ්‍යාව 11,818කි. 2008 දී වැඩි වෙමින් පවතින ආර්ථික අර්බුදයකට සහ ඉන්ධන මිල ඉහළ යාම, පාරිසරික ගැටළු වැඩිවීමත් සමග හමර් අලෙවිය සියයට 50කට වඩා පහත බැස ගොස් තිබුණි. 2008 දෙසැම්බරයේ දී ගෝලීය අවපාතයෙන් හා වාහන අලෙවිය මන්දගාමී වීමෙන් පීඩා විඳි ජෙනරල් මෝටර්ස් සමාගමට ඩොලර් බිලියන ගණනක ෆෙඩරල් ඇප බැඳුම්කර ණයක් ලැබුණි. 2009 ජුනි 1 වන දින, මෝටර් රථ කර්මාන්ත අංශය තුළ 2008 වන තෙක් ලොව වැඩියෙන්ම අලෙවි වූ කාර් සහ ට්‍රක් රථ නිෂ්පාදකයා වූ ජෙනරල් මෝටර්ස් සිය ප්‍රතිසංවිධානය කිරීමේ සැලසුමේ කොටසක් ලෙස හමර් සන්නාමය චීන යන්ත්‍රෝපකරණ සමාගමකට විකුණන බව නිවේදනය කළේ ය.

හමර් H3 ලිමෝ රථයක් (Photo by: weselllimos.com)

ජුනි 3, 2008 ජෙනරල් මෝටර්ස් නිවේදනය කරන්නේ හමර් සන්නාමය විකිණීම හෝ වසා දැමීම පිළිබඳව සලකා බලන බව යි. 2009 ජුනි මස 1 වන දින බංකොලොත්භාවය නිසා, චීන සමාගමක් වන සිචුවාන් ටෙන්ෂොං බර කාර්මික යන්ත්‍රෝපකරණ සමාගම හමර් සන්නාමය මිල දී ගන්නා බව නිවේදනය කරයි.

හයිබ්‍රිඩ් H3

2009 මුල් භාගයේ දී, රේසර් ටෙක්නොලොජීස් සහ FEV විසින් බැටරි භාවිතා කරමින් MPG 100ට සමාන ප්‍රමාණයක් ලබා ගත හැකි මූලාකෘති ප්ලග්-ඉන් දෙමුහුන් H3 නිපදවන ලදී. මෙම වාහනය ඉලෙක්ට්‍රික් හම්මර් H3 ලෙස නම් කරන ලද අතර, පසුව කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් විසින් සක්‍රමේටෝහි ප්‍රාන්ත කැපිටල් හි පැවති මාධ්‍ය හමුවක දී හරිත වාහන ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරයක කොටසක් ලෙස ප්‍රදර්ශනය කරන ලදී.

හයිබ්‍රිඩ් H3

අවසානය

2010 අපේ‍්‍රල් 7 වන දින “ශක්‍ය” ගැනුම්කරුවන් සොයාගෙන නොමැති බවත්, එම නිසා 2010 ඔක්තෝබර් 31 වන දින ජෙනරල් මෝටර්ස් විසින් හම්මර් සන්නාමය නිල වශයෙන් වසා දමන ලදී.

Related Articles