Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙරී ජෝ ඩූපැරොල්ට්ගේ භයංකාර අත්දැකීම

1961 වසරේදී ජීවිතාරක්ෂක බෝට්ටුවක නැගී පාවී එන දැරියකගේ රුවක් රැගත් සේයාරුවක් මුළු ලෝකයේම කතාබහට ලක් වුණා. ටෙරී ජෝ ඩූපැරොල්ට් නම් ඇය රැගත් මේ බෝට්ටුව ඡායාරූප ගත කොට තිබුණේ බහමාස් අසල සාගරයේ දී යි. ඇය මේ බෝට්ටුවට නැගුණු හේතුව ද මේත් සමග ලෝ පරසිදු වූ අතර එය භයානක මෙන්ම සිත් අදහාගත නොහැකි මට්ටමක එකක් වුණා.

බෝට්ටුවේ පා වී ආ දැරිය

කැප්ටන් තියෝ නම් ග්‍රීක භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් 1961 වසරේ නොවැම්බර් මස දිනක බහමාස් අසළ මුහුදේ යාත්‍රා කරමින් තිබුණා. එහි දෙවන නිලධරයා වූ නිකලස් ස්පැකිඩකිස් ඒ වනට විට නෞකාව ස්ථානගත වී තිබූ ප්‍රදේශයට හොඳින් දර්ශනය වූ බහමාස් හි ප්‍රධාන දූපත් දෙක වෙන් කරවන ප්‍රොවිඩන්ස් මුහුදු තීරය දුරදක්නයක් ආධාරයෙන් නිරීක්ෂණය කරමින් සිටියා. මේ අතර අසාමාන්‍ය යමක් ඔහුගේ ඇස ගැටෙනවා. ඒ වන විට එම මුහුදු තීරයේ යාත්‍රා කරමින් තිබූ දහසකුත් එකක් යාත්‍රා අතරින් හෙමිහිට පාවී එන කුඩා බෝට්ටුවක් ඔහුගේ දර්ශන පථයට හසුවෙනවා. මෙවැනි කුඩා බෝට්ටුවක් ගොඩබිමින් මේ තරම් ඈතට පැමිණීම අසාමාන්‍ය නිසාම ඔහු මේ ගැන විමසිලිමත් වෙනවා. මේ පිළිබඳව ඔහු විසින් සිය කපිතාන්වරයා ද දැනුවත් කරන ඔහු බෝට්ටුව වඩාත් තමන්ට ළඟා වන තුරු සිටිනවා. වඩා පැහැදිලිව බෝට්ටුව දර්ශනය වන මානයට එය ළඟා වූ පසු ස්පැකිඩකිස් දුටු දර්ශනයෙන් ඔහුට සිය ඇස් අදහාගත නොහැකි වෙනවා. බෝට්ටුව තුළ වූයේ එකම එක පුදගලයෙකු වූ අතර ඇය වයස 11ක් පමණ වූ, රන්වන් පැහැ හිසකෙස් සහිත ගැහැණු දරුවෙකු වුණා. ඇය වැඩි වේලාවක් ආහාර හා ජලය නොමැතිව ගතකර තිබූ නිසා දුර්වලව සිටියා.

ටෙරී ජෝ බේරාගැනෙමින්- Crew of Captain Theo

දැරිය සහ බෝට්ටුව කැප්ටන් තියෝ නෞකාවෙන් බේරාගැණුනු අතර, එසැණින් එහි වූ සේවකයෙක් ඇය හා බෝට්ටුවේ ඡායාරූපයක් ලබාගන්නවා. මෙය පසුකාලීනව කෙතරම් ප්‍රසිද්ධියට පත්වී ද යත්, ලයිෆ් නම් සඟරාවේ මුල් කවරයේ ද පළ වුණා.

ටෙරී මුහුණදුන් ත්‍රාසජනක සිද්ධිය

ඇමෙරිකා එක්සත් ජනපදයෙහි විස්කොන්සින් හි විසූ දෘෂ්ඨිමිතිය පිළිබඳ සුප්‍රසිද්ධ වියතෙකු වූ වෛද්‍ය ආතර් ඩූපෙරෝල්ට් 1961 වසරේ නොවැම්බරයේ දී තමන් හා සිය පවුල සඳහා සුඛෝපභෝගී යාත්‍රාවක් වන බ්ලූ බෙල් වෙන් කරවාගත්තේ නිවාඩුවක් සඳහා බහමාස් කරා යන්නට යි. ඔහුගේ පවුලට බිරිඳ ජීන්, 14 වියැති බ්‍රයන්, 11 වි‍යැති ටෙරී ජෝ මෙන්ම 7 වියැති රෙනේ ද ඇතූළත් වුණා. මීට අමතරව ඔහු සිය ගමනට මිතුරෙකු වන පැරණි නාවුකයෙකු වූ ජුලියන් හාවි හා ඔහුරේ බිරිඳ ද කැඳවාගත්තා.

ගමනේ පළමු දින 5 කිසිදු හාවකින් හූවකින් තොරව ගෙවුණු අතර එම නිස්කලංක භාවය ක්ෂණයකින් වියැකී යන්නේ 5 වන දින රාත්‍රියේ කෑගැසීමක් නිසා ටෙරී ජෝ ගැස්සී ඇහැරීමත් සමග යි. හඬ නැගුණු බෝට්ටුවේ ඉහළ තට්ටුව දෙසට ඇය පිය මැන්න අතර දුටු දෙයින් භ්‍රාන්ත වෙනවා. ඇයගේ මවත්, සහෝදරයෙකුත් ලේ විලක් මත වැටී සිටින ඇය දුටු අතර, සිහි එළවාගන්නටත් මත්තෙන් ඇය අසලට පැමිණෙන හාවි ඇයට කම්මුල් පහරක් දී පහළට යන ලෙසට අණ කරනවා. ඇය පහළ තට්ටුවට පිවිසියත් එය ජලයෙන් පිරී යාමට පටන්ගත් නිසා නැවත් ඉහළ තට්ටුවට යන ටෙරී හාවිගෙන් බෝට්ටුව ගිලෙන්නේදැ යි විමසනවා. ඔහු ඊට ‘ඔවු’ යනුවෙන් පිළිතුරු දෙනවා.

ජුලියන් හාවි හා ඝාතනයට ඔහු අතින් ඝාතනයට ලක්වූවන්- Sarasota Herald-Tribune

ඉන් අනතුරුව හාවි ටෙරීට පසෙක වූ ජීවිතාරක්ෂක බෝට්ටුවකට නගින ලෙස පවසනවා. ඇය ඊට අවනත වෙන අතර ඔහු එය බෝට්ටුවෙන් ඉවතට පා කර හරිනවා. ඉන් අනතුරුව පැය 84ක කාලයක් ටෙරී ජෝ ආහාර හෝ ජලය නොමැතිම මුහුදේ ඔහේ පාවෙනවා. ටෙරීට අපහසුකම් එල්ල කළ තවත් එක් සාධකයක් වූයේ කවදත් ඝර්ම කලාපීය මුහුදු සීමා වල පවතින දැඩි හිරු රශ්මිය යි.

ඝාතන රැසක් හෙළි වෙයි

ටෙරී ජෝ ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත් වූ පසු ඇයගෙන් වැඩිදුර විස්තර අසා දැනගැනීමට බලධාරීන් ක්‍රියා කළා. මේ අනුව පර්යේෂණ පැවැත්වූ පොලීසියේ නිලධාරීන්ට හෙළි වූයේ ටෙරී ජෝ ගේ ඇස ගැටන අවස්ථාව වන විටත් හාවි සිය බිරිඳව හා ටෙරීගේ පියාව ඝාතනය කොට මුහුදට දමා තිබෙන්නට ඇති බවයි. හාවිගේ බිරිඳට අයත් රක්ෂණාවරණයක් ලබාගනු වස් මෙම ඝාතන සිදුකරන්නට ඇති බවට අනුමාන කෙරෙනවා. හාවි විසින් ඔහුගේ බිරිඳ ඝාතනය කරද්දී ටෙරී ගේ පවුලේ අය විසින් එය දැකීම නිසා සෙසු ඝාතන සිදු කරන්නට ඔහු පෙළෙඹෙන්නට ඇති බැව් අනුමානිත යි.

ඝාතන හසු නොවීම සඳහා බෝට්ටුව ගිල්වා දමන්නට තීරණය කරන හාවි එය හිල් කර දමන අතර, කුඩා ටෙරී ජෝ ජීවිතාරක්ෂක බෝට්ටුවකට දමා පිටත් කිරීමෙන් අනතුරුව තමන් ද තවත් ජීවිතාරක්ෂක බෝට්ටුවකට නැගෙනවා. ඉන් අනතුරුව ගිල්වා ඝාතනය කරන ලද ඔහුගේ බිරිඳගේ මළසිරුර ද ඊට පටවාගන්නා ඔහු ඔහේ පාවෙමින් සිටිය දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ගල්ෆ් ලයන් නෞකාවට හමු වී බේරාගැනෙනවා.

පරසිදු වූ සේයාරුව- Crew of Captain Theo

වැරදුණු සැලැස්ම

හාවි ඔහුගේ නාටකයේ මුල් පරිච්ඡේද කිහිපය ඉතා හොඳින් රඟ දක්වනවා. කාර්මික දෝෂයක් හේතුවෙන් බ්ලූබෙල් බෝට්ටුව ගිලී යාම නිසා සිය බිරිඳ මියගිය බැව් ඔහු සාර්ථකව බොහෝදෙනෙකුට ඒත්තු ගන්වා තිබුණා. එහෙත් ඔහුට කණකොකා හඬන්නට ගත්තේ ටෙරී ජෝ නිරුපද්‍රිතව බේරාගැණුනු පුවත සැලවීමත් සමගයි. මෙය ආරංචි වූ සැණින් තමන්ට සියල්ල වැරදී ගිය බැව් වටහා ගත් හාවි ගොත ගසන්නට පටන්ගත් බවට වාර්තා වූ අතර පසුව හෝටල් කාමරයක දී බ්ලේඩ් තලයක් ආධාරයෙන් ගෙල, කලව හා වළලුකර කපාගෙන සියදිවි නසාගෙන තිබුණා.

ටෙරී ජෝ පසුකාලීනව- funtobebad.blogspot.com

සිය රහස රැකීම සඳහා බෝට්ටුවේ හුන් සියළු දෙනා ඝාතනය කළ ජුලියන් හාවි ටෙරී ජෝ නිරුපද්‍රිතව පිටත් කර හරින්නට තීරණය කළේ ඇයි ද යන්න අදටත් නොවිසඳුණු ගැටළුවක්.

Related Articles