Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.
වසංගතය ආරම්භ වීමත් සමඟම කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ග ක්‍රමයෙන් අහිමි වීමට පටන් ගත්තේය. බොහෝ දෙනෙක් තම ප්වුල් පෝෂණය කිරීමට සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දැරූහ. එවන් අර්බුදකාරී කාල පරිච්ඡේදයකදී කාන්තාවන්ගේ ශාරීරික හා මූල්‍යමය සුරක්ෂිතතාවය තර්ජනයට ලක් කරන අපගේ සමාජයේ පවතින අසමානතාවයන් හඳුනා ගැනීමට අපට අවකාශ ලැබුණි.
මේ, කාන්තාවන් තම ආර්ථික පුනර්ජීවය වෙනුවෙන් විඳින දුක් ගැහැට ගෙන මෙන්ම, දේශයේ ආර්ථිකයට ඔවුන්ගෙන් ලද හැකි දැවැන්ත මෙහෙය පිළිබඳව ගෙන එන වාර්තා වැඩසටහනකි.
වසංගතයෙන් පීඩාවට පත් කාන්තාවන්ට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ජපාන රජයේ ආධාර ඇතිව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා UN Women සංවිධානයත් අත්වැල් බැඳගෙන ඉලක්කගත ධාරිතා වර්ධනයක් සහ සහයෝගයක් ලබා දෙයි. මෙම උත්සාහයන් මඟින් වර්තමානයේ සහ අනාගතයේ දී ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සහ අර්බුද හමුවේ නොපසුබට වීම සහතික කෙරේ