Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිප්ටො මුදල්වලට පොළියක් දෙන Pillow

ක්‍රිප්ටො ආයෝජනවල මූලික වාසිය ඇත්තේ එහි විනිමය ඉහළ යාමත් සමඟ තමන් සතු ක්‍රිප්ටො මුදල් ප්‍රමාණයේත් වටිනාකම ඉහළ යාම යි. එවිට කොටස් වෙළෙඳපොළේ දී වගේම වටිනාකම අඩු අවස්ථාවක දී මිල දී ගෙන, වටිනාකම වැඩි වූ විට විකිණීමෙන් තමන්ගේ ලාභය උපයා ගත හැකි වෙනවා. මෙලෙස දීර්ඝ කාලීන ව මුදල් රඳවා තිබිය දී එයට පොළියකුත් ලබා ගැනීමට අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට Pillow සමත් වෙනවා.

දැනට Bitcoin, Etherium, Polygon, USDC, USDT යන ක්‍රිප්ටො විනිමය ඉතිරි කිරීම වෙනුවෙන් 20.5%ක් දක්වා පොළියක් ලබා දෙන මෙම ඇප් එකේ නිර්මාතෘවරුන්ගේ මූලික අරමුණ Web 3.0 වෙත පරිශීලකයන් ගෙන යමින් විමධ්‍යගත මූල්‍යකරණය ප්‍රවර්ධනය කිරීම යි.

විමධ්‍යගත මූල්‍යකරණය කියන්නේ මොකක්ද?

මධ්‍යගත ආයතන නොමැති මූල්‍ය සේවා DeFi නම් වේ – bis.org

විමධ්‍යගත මූල්‍යකරණය කියන්නේ, අප එදිනෙදා භාවිතා කරන මුදල් වලට බැංකු, කොටස් වෙළෙඳපොළ, තැරැව්කරුවන් ආදිය සමඟ මධ්‍යගත වෙලා තිබුණත්, ක්‍රිප්ටො ලෝකය තුළ ඒ සියල්ලන් ම ඉවත් කර, විමධ්‍ය ගත කර ඒ බලය ඔබේ අතට ලබා දෙන එකට යි. ක්‍රිප්ටො සහ බ්ලොක්චේන් (Blockchain) මත ක්‍රියා කරන මෙම විමධ්‍යගත මූල්‍යකරණය ඉංග්‍රීසියෙන් Decentralised Finance ලෙසත්, කෙටියෙන් DeFi ලෙසත් හැඳින්වෙනවා.

සාමාන්‍යයෙන් බැංකුවක ඉතිරි කරද්දී ඔබට 2.0%ක පොළියක් ලැබෙනවා. බැංකුව ඔබ තැන්පත් කළ මුදල වෙනත් අයකුට 10%ක පමණ පොළියකට ලබා දී 8%ක ලාභයක් ලබනවා. නමුත් Pillow වැනි සේවා නිසා මේ සම්පූර්ණ 10%න් ම වැඩි ලාභයක් ඔබට ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා. 

ඔබේ ඉතිරි කිරීම්වලින් ජනනය වන මුදලින් ඉතා සුළු ප්‍රතිශතයක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙනුත්, තවත් සුළු ප්‍රතිශතයක් Pillow හි සංචිත ලෙසත් රඳවා ගෙන වැඩි ප්‍රතිශතයක් පරිශීලකයා වෙත ලබා දෙනවා. ඒ අනුව, BitCoin සඳහා 6.02%ක්, Etherium සඳහා 6.03%ක්, USDC/USDT සඳහා 13.68%ක්, සහ Polygon (Matic) සඳහා 20.5% ක් ඔබට ලබා ගන්නට පුළුවන්. උදාහරණයක් ලෙස ඔබ USDC 1ක් (රු. 350) Pillow හරහා ඉතිරි කළහොත් මාසයකට රු. 4ක් පමණ ලැබෙනවා. 2%කට බැංකුවකින් ලැබෙන්නේ සත 50යි.

මුදල්වලට ලැබෙන ආරක්ෂාව

USDT/USDC සඳහා 13.68% ක පොළියක්

ප්‍රතිලාභයට අමතර ව මූල්‍ය සේවාවක ඊළඟ වැදගත්කම වන්නේ එයින් අපේ මුදල්වලට කෙතරම් ආරක්ෂාවක් ලැබෙනවා ද යන්න යි. Pillow සේවාව BitGo නමැති අමෙරිකානු ඩිජිටල් වත්කම් රක්ෂණ සමාගමෙන් ඩොලර් මිලියන 250ක රක්ෂණයක් ලබාගෙන තිබෙනවා. BitGo යනු Rakuten Wallet (වයිබර් හි මව් සමාගමේ eWallet සේවාව) වැනි සමාගම් පවා තම රක්ෂණ කටයුතු සඳහා භාවිත කළ ක්‍රිප්ටො ලොවේ  නම් දැරූ සමාගමක්.

බැංකුවල ණය දීමෙන් ආදායම් උපදනවා වගේ, Pillowවල සිදුවෙන්නේ ඔබ USDT/USDC වැනි ස්ථාවර විනිමයකින් (stablecoin) හෝ Bitcoin වැනි ක්‍රිප්ටො විනිමයකින් ඉතිරි කළා ම Pillow විසින් ඒවා වෙනත් ක්‍රිප්ටො විනිමය වෙත ආයෝජනය කර, ඒවායෙන් ඔවුන්ට ලැබෙන ලාභය පොළිය ලෙස ඔබට ලබා දීම යි. මෙම ආයෝජන කිරීම් සඳහා ඉහළ ආරක්ෂාවක් හා වැඩි ප්‍රතිලාභයක් ‍ලැබෙන ක්‍රිප්ටො දාම ගැන නිරන්තරයෙන් වෙළඳපොළ පරීක්ෂාවන් සිදු කරන කණ්ඩායමක් සිටිනවා.

මේ නිසා සාමාන්‍ය ක්‍රිප්ටො ආයෝජනයක් හෝ කොටස් වෙළෙඳපොළේදී මෙන් ඔබට නිරන්තරයෙන් වෙළෙඳපොළ අගය දෙස බලමින් මුදල් ගන්නවා ද, දානවාදැයි සිතමින් කල් ගෙවන්නට සිදු වන්නේ නැහැ. සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් මෙන් මුදල් තැන්පත් කරලා, මාසය අවසානයේ ඔබට වැඩි පොළියක් ලබා ගන්නට හැකි වෙනවා.

ඔබට රුපියල් වලින් ක්‍රිප්ටො විනිමය මිලදී ගැනීමටත්, ඕනෑම වෙලාවක මුදල් තැන්පත් කිරීමට හා ලබා ගැනීමටත් අවස්ථාව ඇති අතර, මේ සඳහා කිසිදු ගනුදෙනු ගාස්තුවක් (transaction fees) අය කෙරෙන්නේත් නැහැ.

Pillow ගැන

Pillow Fund හි නිර්මාතෘවරු

Pillow ඇරඹෙන්නේ මෘදුකාංග සංවර්ධන ආයතන දෙකක රැකියාව කරමින් සිටි DeFi පිළිබඳ උනන්දුවක් පැවති මිතුරන් තිදෙනකුගෙන්. අරින්දම්, රජත්, කාර්තික් යන මේ තිදෙනාට අවශ්‍ය වුණේ සාමාන්‍ය පුද්ගලයකුට පවා DeFi භාවිත කළ හැකි ලෙස එහි සංකීර්ණ බව ඉවත් කරවීමට යි. පසුව එය ඔවුන්ගේ ප්‍රධාන රැකියාව බවට පත්වූ අතර, මේ වන විට Pillow Fund ආයතනය ආයෝජකයන්ගෙන් ඩොලර් මිලියන 3ක ආයෝජන ලබන්නට සමත්ව තිබෙනවා.

2022 මැයි මස සිට ශ්‍රී ලංකාවට ද විවෘත කළ මෙම සේවාවේ නිර්මාතෘවරුන් පවසන්නේ Crypto wallet එකකට හිමිකම් කියන හෝ on-chain ගනුදෙනුවක් සිදු කළ   හෝ වෙනත් Web 3.0 සේවාවක් භාවිත කළ පුද්ගලයන් සිටින්නේ ඉතාම අඩු ප්‍රමාණයක් බවත්, මෙලෙස එහි ඇති සංකීර්ණත්වය බිඳැලීමෙන් Web 3.0 ආර්ථිකය මිලියන 100ක පමණ ජනතාවක් වෙත ගෙන යා හැකි බව යි.

Pillow හි ප්‍රධාන විධායක නිලධාරී අරින්දම් රෝයි පවසන්නේ ඔවුන්ගේ අරමුණ වන්නේ වැඩි පිරිසකට DeFi භාවිත කළ හැකි අනාගතයක් නිර්මාණය කිරීම බව යි. ඒ සඳහා ඔවුන් Pillow හරහා ජනතාවට සරල සහ ආරක්ෂිත ආකාරයකින් DeFi වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසනවා.

භාවිත කරන ආකාරය

App එක විවිධ Wallets දර්ශනය කරන ආකාරය, සහ මුදල් ලබා ගැනීමේ අතුරුමුහුණත

Pillow සේවාව ඔබට ඇන්ඩ්‍රොයිඩ් හෝ iOS App එකක් ලෙස දුරකථනය හරහා භාවිත කළ හැකි යි. Android සඳහා Play Store වෙතින් හා ඇපල් දුරකථන සඳහා App Store වෙතින් බාගත කරගන්න.

එහි ලියාපදිංචි වීමේදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ඔබේ ජංගම දුරකථන අංකය ලබා දිය යුතු අතර, ඉන්පසු රියදුරු බලපත්‍රයේ ඡායාරූපයක් සහ ඔබේ සෙල්ෆි ඡායාරූපයක් ඇප් එක හරහා ම ලබා දිය හැකි යි. ලබා දෙන අනන්‍යතා තොරතුරු පරීක්ෂාවෙන් පසුව ඔබට ගනුදෙනු කිරීමේ හැකියාව විවෘත වෙනවා.

Pillow වෙත USDT තැන්පත් කරන ආකාරය දැන ගන්න Pillow Fund ගෙන එන Binance P2P හරහා USDT මිල දී ගෙන ඔබේ Pillow ගිණුමට තැන්පත් කරන්නේ කෙසේද? ලිපිය බලන්න. Pillow විසින් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ම Telegram සමූහයක් ද හදුන්වාදී ඇති අතර ඊට මෙතැනින් පිවිසිය හැක.

වගකීමෙන් මිදීමේ ප්‍රකාශය: මෙම ලිපිය Pillow සේවාව හඳුන්වා දීම සඳහා Roar සිංහල ඔබ වෙත ගෙන එන ලද්දක් පමණක් වන අතර, එය මූල්‍ය හා ආයෝජන උපදෙසක් ලෙස සැලකිය යුතු නොවේ. Pillow Fund සම්බන්ධ කිසිදු වගකීමක් Roar ආයතනය දරන්නේ ද නැත.

 

මූලාශ්‍ර: 

  • businesstoday.in
  • yourstory.com
  • forbes.com

Related Articles