Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැය මිලියන ගණනක් පැවැති ලොව විදුලිය බිඳ වැටීම්

පසුගිය දින කිහිපයේ ම ශ්‍රී ලංකාවේ අපට විදුලි ඇනහිටීම් රැසකට මුහුණ දෙන්න සිදු වුණා. අපේ එදිනෙදා වැඩ නොසෑහෙන්නට අතපසු වෙන්නත්, කලින් නොදැම්නුවත් ව කරන විදුලි කප්පාදු කිරීම් නිසා අපහසුතාවන්ට පත්වෙන්නටත් අපට එ නිසා සිදුවුණා. මේ බිඳ වැටීම එක්ක විවිධ හේතු ඈඳෙන්නත් වැඩි කාලයක් ගත වුණේ නැහැ. කොහොම වුණත් ඉදිරි කාලයේ අප හැමෝ ම තව විදුලි බිඳවැටීම්වලට සුදානම් ව සිටීම නුවණට හුරු යි. අප දැනට ශ්‍රී ලංකාවෙන් එළීයට ඇවිත් ලෝකය දිහා බලමු.

ලෝකයේ පැය මිලියන ගණනක් පැවැති විදුලිය බිඳ වැටීම් වගේම මිලියන ගණනකගේ ජීවිත අඩාල කරමින් සිදු වූ විදුලි බිඳවැටීම් තියෙනවා කිව්වොත් ඔබ පිළිගන්නවද? අපට පැය ගණනක බිඳ වැටීම් මේ විදිහට දැනුණා නම් ඔවුන්ට කොහොම වෙන්න ඇති ද? සාමාන්‍යයෙන් මෙවැනි බිඳ වැටීම් ලට බලශක්ති කළමනාකරණ ගැටලු සහ බලශක්ති පද්ධති නිසි අයුරින් නඩත්තු නොකිරීම් වැනි හේතු වගේ ම ස්වභාවික හේතු ද බලපාන්න පුළුවන්. මේ ලිපියේ ඉදිරියට අපි ඒ ගැන වැඩි විස්තර කතා බහ කරනවා. ඒවගේම අපේ සබැඳි ලිපි හරහා ඔබට ලංකාවේ බලශක්ති අර්බුදය ගැනත් ඉතාම හොඳ අදහසක් ලබාගන්න පුළුවන් වේවි.

නිතර සිදුවන විදුලි බිඳ වැටීම් හා ඉන්දියානු ජන ජීවිතය – arcpublishing.com

 

ඉන්දියානුවන් මිලියන ගණනක ජීවිත අඩාල කළ විදුලිය බිඳවැටීම – 2012

2012 වසරේ ජූලි මාසයේ 30 සහ 31 කියන්නේ ඉන්දියානුවන් ගෙවූ දීර්ඝත ම දවස් කිහිපය කිව්වොත් නිවැරදි යි. මෙතෙක් ලෝකයේ වැඩි ම පිරිසකට බලපෑම් එල්ල කළ විදුලි බිඳ වැටීම ලෙසයි එය සැලකෙන්නේ. මේ මේ බිඳ වැටීම මිලියන 620ක් දෙනාට බලපෑම් ඇති කළා. ආසන්න වශයෙන් මේ නිසා ලෝක ජනගහනයෙන් 9% ක් දෙනාට අඳුරු දින කිහිපයක් ගෙවා දමන්නට සිදු වුණා. අගෝස්තු පළවෙනිදා නැවතත් විදුලිය යතා තත්ත්වයට ගන්නට ඉන්දියානු විදුලිබල සේවකයන්ට හැකි වුණා. මේ බිඳ වැටීම එක් බිඳ වැටීමක් ලෙස සිදු නොවුණු අතර ප්‍රාන්ත ගණනාවක් පුරාවට කඩින් කඩ සිදු වුණා.

දින දෙකක් පුරා සිදු වූ මේ මහා බිඳ වැටීම ගැන පර්යේෂණ පවත්වන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් වුණා. (S. C. Shrivastava, A. Velayutham සහ A. S. Bakshi) මේ කමිටුවේ අවසන් වාර්තාව සමඟ ඒ බිඳ වැටීමට හේතු ලෙස කරුණු කිහිපයක් ප්‍රධාන වශයෙන් දක්වා තිබුණා.

ඒ අතරට දුර්වල අන්තර් කලාපීය බල සම්ප්‍රේෂණ කොරිඩෝ, Bina,Gwalior සහ Agra යාකරමින් දිවෙන අධි බලැති (400 kV ) රැහැන් සහ එහි ආරක්ෂණ පද්ධතිය වැරදි ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් Bina සිට Gwalior දක්වා සිදුවූ සබඳතා බිඳ වැටීම, SLDC  ඒකකවල අක්‍රමවත් ක්‍රියාවලීන් දක්වා තිබුණා. මේ බිඳ වැටීම නිසා ඉන්දියානු ව්‍යාපාරවලට සිදුවූ පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වන බව ගණන් බලා තිබුණා.

මේ විදුලි ඇණ හිටීමෙන් ඉන්දියාවේ ප්‍රධාන මාවත් සියල්ලේ ම පාහේ ඉතාම දැඩි වාහන තදබදයන් නිර්මාණය වුණා. ඒ විදුලි සංඥා පුවරු අකර්මණ්‍ය වීම නිසා යි.

දෙවන විශාලත ම විදුලිය බිඳ වැටීම (ඉන්දියාව) – 2001

ලෝකයේ වැඩි ම පිරිසක් වෙත බලපෑ දෙවන විශාලත ම විදුලි බිඳ වැටීමත් වාර්තා වෙන්නේ ඉන්දියාව දෙසින්. ඉන්දියානුවන් මිලියන 230ක් පමණ පිරිසක ජීවිත අඩාල කරන්න මේ බිඳ වැටීම සමත් වුණා. 2001 වසරේ ජනවාරි දෙවැනිදා තමයි මේ විදුලි ඇණහිටීම සිදු වෙන්නේ. මේ බිඳ වැටීම නිසා ඉන්දියානු ව්‍යාපාර වෙත සිදුවූ පාඩුව අමෙරිකානු ඩොලර් මිලියන 107ක් පමණ වන බව ගණන් බලා තිබුණා.

 පිලිපීනය ම දණ ගැස්වූ Haiyan සුළි කුණාටුව – oxfamamerica.org

 

පිලිපීනයේ මිනිස් පැය බිලියන 6.1ක් අහිමි කළ විදුලිය බිඳ වැටීම – 2013

2013 වසර කියන්නේ පිලිපීන ජනතාවට එතරම් හොඳ වසරක් නම් නෙමෙයි. Haiyan සුළි කුණාටුව රටවල් ගණනාවක් හරහා දැඩි හානි පමුණුවමින් හමා ගිය කුණාටුවක්. මෙය පස්වන කාණ්ඩයේ දරුණුත ම කුණාටුවක් ලෙසත් හඳුන්වන්නට පුළුවන් (super typhoon). දින 9ක් පමණ කාලයක් පැයට කිලෝ මීටර 185  ක වේගයෙන් හමාගිය කුණාටුව එරටට අමෙරිකානු ඩොලරි බිලියන 2.98 පමණ හානියක් සිදු කළා.

6300 ක් දෙනාට දිවි අහිමි වුණා. 1,800ක් දෙන අතුරුදහන් වුණා. මේ දරුණු කුණාටුව හේතුවෙන් දින 11 ක් පමණ පමණ විදුලි බලය රහිත ව දිවි ගෙවන්නට පිලිපීන වැසියන්ට සිදු වුණා. මේ හේතුවෙන් මිනිසුන් මිලියන 6.7 ක පමණ ප්‍රමාණයට ගැටළු මතු වුණා. පාරිභෝගික පැය බිලියන 6.3ක් පමණ අපතේ ගිය බවත් ගණන් බලා තිබුණා.

Maria අඳුරු කළ අමෙරිකාවේ Puerto Rico – 2017

ලෝකයේ මෙතෙක් සිදු වූ දෙවන දීර්ඝත ම විදුලිය බිඳවැටීම ලෙස අමෙරිකාවේ Puerto Rico හි 2017 වසරේ සිදු වූ විදුලි බිඳ වැටීම දක්වන්නට පුළුවන්. මෙයට හේතුව බවට පත් වෙන්නේ Maria නම් කුණාටුව යි. මේ කුණාටුවේ බලපෑමෙන් විශාල ම අලාභහානිය සිදුවෙන්නේ විදුලි පද්ධතියට වන අතර ම පාරිභෝගික පැය බිලියන 3.4ක් පමණ විදුලිය නොමැතිව පැවතුණා. මිනිසුන් 2059 කට පමණ ජීවිත අහිමි කරන්නටත් මේ කුණාටුව සමත් වුණා.

මේ හා සබැඳි තවත් ලිපිවලට පහතින් පිවිසෙන්න.

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සරල ව (පළමු කොටස)

ලංකාවේ බලශක්ති අර්බුදය සරල ව සිංහලෙන් (දෙවන කොටස)

ඔබගේ විදුලි බිල්පත ගණනය කරන්නේ කෙසේද ?

 

කවරය: විදුලි සම්ප්‍රේෂණ පද්ධතියක් - Asianews.it

මූලාශ්‍ර:
Wikipedia.org
Ieso.ca
Cnn.com
Theblackoutreport.co.uk
Abcnews.go.com
Edition.cnn.com
Archive.org
Ndtv.com
Rhg.com

Related Articles