Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක සිනමා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම ආදායම් ඉපැයූ සිනමා කෘති 10ක්

අප සැවොම චිත්‍රපට විශාල ප්‍රමාණයක් අපගේ ජීවිත කාලය තුළ මේ වන විට නරඹා ඇතුවාට සැකයක් නැත. එහෙත්, එක් වර ම ඔබගෙන් කිසිවකු හෝ සිනමා කර්මාන්ත ඉතිහාසයේ එදා මෙදා තුර වැඩි ම ආදයම් ඉපැයූ සිනමා කෘති මොනවා ද හෝ ඒවා ගැන ඔබ දන්නේ මොනවා දැ යි යන පැනය විමසුවහොත් ඒවාට පිළිතුරු ඔබ දන්නවාද?

අද අප ලියන්නේ ඒ ගැන යි.

10 – Iron Man 3

(printerest.com)

2013 දී නිෂ්පාදිත මෙම චිත්‍රපටය Marvel සමාගමේ චිත්‍රකතාවක් ආභාස කොට ගනිමින් නිර්මාණය වී ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් මෙම චිත්‍රපටය නිෂ්පාදනය සදහා යොදවා ඇති අතර ලොව පුරා ප්‍රචාරය වීමෙන් අනතුරුව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.215 ක ආදායමක් ඉපැයීමට සමත් විය.

මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ (ටෝනි ස්ටාර්ක්/අයන් මෑන්) රොබර්ට් ඩවුනී ය.  මෙම චිත්‍රපටය විවිධ සම්මාන-ඇගයුම් රැසක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත.

ඒ අතරින් 2013 Golden Trailer Awards හි හොඳම ක්‍රියාදාම, හොඳම නාද රටා සංස්කරණය සදහා නිර්දේශ වූ අතර Best in Show හා Summer Blockbuster Trailer 2013 යන සම්මාන දිනා ගන්නා ලදී. ඊට අමතරව 2013 BMI Film & TV Awards හි දී හොඳම සිනමා සංගීතය (Film Music) සදහා වූ සම්මානයද දිනා ගති. 2013 Teen Choice Awards හි දී හොඳම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය, හොඳම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට නළුවා, හොඳම ප්‍රතිවීරයා, හොඳම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට නිළිය යනාදී සම්මාන සදහා මෙම චිත්‍රපටය නිර්දේශ වූ අතර හොඳම ක්‍රියාදාම, හොඳම ක්‍රියාදාම නළුවා යන සම්මාන එහි දී දිනා ගැනීමට සමත් විය.

People’s Choice Awards 2014 හි දී හොඳම චිත්‍රපයට, හොඳම ක්‍රියාදාම චිත්‍රපට නළුවා සහ හොඳම ක්‍රියාදාම චිත්‍රපටය උදෙසා වූ සම්මාන හිමි විය. Golden Tomato Awards 2014 හි දී හොඳම චිත්‍රකතා – චිත්‍රපටයට හිමි සම්මානය පිරිනැමුණි. එසේ ම 2014 Saturn Awards හි දී හොඳම නළුවා, හොඳම සහාය නළුවා සහ චිත්‍රකතාවක් අනුසාරයෙන් තැනූ හොඳම චිත්‍රපටය යන සම්මාන හිමි වි ඇත.

9 – Frozen

(themoviedb.org)

මෙම සිනමා පටය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.276ක් ඉපැයීමට සමත් විය. 2013 වසරේ දී තිරගත වූ මෙම ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටය ඩිස්නි සමාගමේ නිෂ්පාදනයකි. මෙය ඩිස්නි සමාගමේ 53 වැනි ත්‍රිමාන සජීවීකරණ නිර්මාණය ලෙසද සැලකේ.

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් විසින් රචිත ‘‘The Snow Queen‘‘ කතාව ආභාෂයට ගනිමින් මෙම චිත්‍රපටය නිපදවා ඇති අතර මෙය ත්‍රිමාන සජීවීකරණ සිනමාපටයක් එදා මෙදා තුර උපයා ඇති ඉහළම ආදායම ඉපැයීමට සමත්ව ඇති බවත් වාර්තා වේ.

2015 වර්ෂය වන විට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වැඩිම බ්ලූ රේ ඩීවීඩී ප්‍රමාණයක් අලෙවි වී ඇත්තේ ද Frozen චිත්‍රපටයේ ය. 2013 Academy Awards හි දී වසරේ හොඳම සජීවකරණ චිත්‍රපයට හිමි සම්මානයත්, හොඳම චිත්‍රපට ගීතයට හිමි සම්මානයත් එහි Let It Go ගීතයට හිමි විය.

2014 හි Annie Awards දී මෙම චිත්‍රපයට සදහා සම්මාන පහක් ද, 2015 Grammy Awards හි දී සම්මාන දෙකක් ද 2014 Critics’ Choice Movie Awards හි දී තවත් සම්මාන දෙකක් ද (හොඳම ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටය – හොඳම චිත්‍රපට ගීතය) දිනා ගන්නා ලදී.

8 – Harry Potter & The Deathly Hallows : part 2

(youtube.com)

ලෝක ප්‍රකට ලේඛිකාවක වන ජේ.කේ. රෝලින්ගේ ‘හැරී පෝටර්‘ කතා මාලාවේ අවසන් කතාව වන මෙය සිනමා පටයක් වශයෙන් එළිදැක්වෙන්නේ 2011 දී ය. මෙය 1 සහ 2 වශයෙන් කොටස් දෙකකට නිර්මාණය වන අතර එකී නිර්මාණ දෙක සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කට ආසන්න මුදල් ප්‍රමාණයක් වැය කෙරුණි. කෙසේ වෙතත් තිරගත වීමෙන් අනතුරුව මෙය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.342 ක ආදායමක් ඉපැයීමට සමත් විය.

මෙම නිර්මාණය සදහා 2011 National Movie Awards හි දී හොඳම චිත්‍රපට 10 සදහා පිරිනැමෙන සම්මානයක් ද, 2011 Hollywood Film Awards හි දී ‘වසරේ නැරඹිය යුතු ම චිත්‍රපටය‘ට හිමි සම්මානයත්, 2011 Nickelodeon Australian Kids’ Choice Awards සහ  2011 British Academy Children’s Awards හි දී ජනප්‍රියතම චිත්‍රපටය ලෙසත් සම්මාන දිනා ගත්තා.

එපමණක් නොව 2011 BAFTA Britannia Awards හි දී හොඳම කලා අධ්‍යක්ෂණය උදෙසා වූ සම්මානයත්, 2011 Teen Choice Awards හි දී හොඳම නළුවා – නිළිය – චිත්‍රපටය යන සම්මාන තුන ම දිනා ගැනීමට මෙම චිත්‍රපටය සමත් විය.

2011 Scream Awards හි දී සම්මාන 15 ක් සදහා මෙය නිර්දේශ වූ අතර ඉන් සම්මාන 6ක් දිනා ගැනීමටත්, 2011 American Film Institute Awards හි දී විශේෂ සම්මානයක් හිමි කර ගැනීමටත් සමත් විය. 2011 World Soundtrack Academy මගින් ‘වසරේ සංගීත සංයෝජනය (සිනමා)“ සදහා පිරිනමනු ලබන සම්මානය දිනා ගැනීමට ද මෙම චිත්‍රපටය සමත් වූ බව විශේෂයෙන් මතක් කළ යුතු ම ය.

මීට අමතරව 2012 වසරේ දී BAFTA Awards, 2012 MTV Movie Awards, 2012 17th Empire Awards, 2012 People’s Choice Awards සහ තවත් සම්මාන උළෙලවල් රාශියක දීත් සම්මාන 55කට අධික සංඛ්‍යාවක් සදහා මෙම චිත්‍රපටය නිර්දේශ වී ඇති අතර ඒ අතරින් ද සම්මාන රැසක් දිනාගැනීමට 2012 වසරේ දී ද සමත් විය.

7 – Avengers: Age of Ultron

(printerest.com)

2015 වසරේ දී තිරගත වූ මෙම චිත්‍රපටය ද මාර්වල් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද්දක් වන අතර මෙය ද චිත්‍රකතා අභාසය කර ගනිමින් සිදු කරන ලද නිර්මාණයකි. රොබර්ට් ඩවුනි, ක්‍රිස් හෙම්ස්වර්ත්, ක්‍රිස් එවන්ස්, මාර්ක් හුෆාලෝ, ජෙරමි රෙනර් සහ ස්කාර්ලට් ජොහැන්සන් වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් රඟපෑ මෙම කලා කෘතිය සදහා ඇමෙරිකන් ඩොලර් මිලියන 316 කට ආසන්න මුදලක් වැය කොට ඇති අතර අතර ලොව පුරා තිරගත වීමෙන් අනතුරුව ඇමෙරිකන් ඩොලර් බිලියන 1. 405 කට ආසන්න ආදයමක් උපයා ගැනීමට සමත් විය.

2015 Teen Awards හි දී සම්මාන හයක් සදහා මෙම චිත්‍රපටය නිර්දේශ වූ අතර එයින්  ‘’Choice Movie Scene Stealer’’ යන සම්මාන දිනා ගැනීමට ක්‍රිස් එවන්ස් (කැප්ටන් ඇමෙරිකා) සමත් විය. 2016 People’s Choice Awards හි දී ද සම්මාන 6 ක් සදහා මෙය නිර්දේශ වූ අතර ඉන් ‘හොඳම ක්‍රියාදාම චිත්‍රපට නළුවා“ සම්මානය ක්‍රිස් හෙම්ස්වර්ත් (තෝර්) විසින් දිනා ගන්නා ලදී.

2016 Annie Awards හී දී සම්මාන දෙකක් සදහාද මෙය නිර්දේශ වූ අතර 2016 Saturn Awards හි දී ‘හොඳම ඇදුම් නිර්මාණය‘ සම්මානය දිනා ගැනීමින් තවත් සම්මාන තුනක් සදහා නිර්දේශ වූ අතර 2016 MTV Movie Awards හි දී ක්‍රියාදාම සජීවිකරණ දෘශ්‍ය සංයෝජනය‘ යන සම්මානය දිනාගත් අතර 2016 Visual Effects Society හී දී සම්මාන තුනක් සදහා නිර්දේශ විය. 2016 Kids Choice Awards හි දී සම්මාන 3ක් සම්මාන හයක් සදහා මෙම චිත්‍රපටය නිර්දේශ විය. එසේ ම 2016 Hugo Awards සහ 2015 Australian Academy of Cinema and Television Arts Awards යන අවස්ථා දෙකේ දී එක් සම්මානයක් සදහා නිර්දේශ වුණි.

6 – Furious 7

(prineterst.com)

මෙය ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්‘ කතා මාලාවේ 7 වැන්න වන අතර 2015 දී තිරගත වීම අරඹන ලදී. කෙසේ වෙතත් රූ ගත කිරීම් සිදු වෙමින් පවතින අතරතුර මෙම කතා මාලාව පුරාවට ම රගපෑ ප්‍රධාන රංගන ශිල්පියකු වූ පෝල් වෝකර් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වීමත් සමග මෙම චිත්‍රපටය වඩ වඩාත් කතාබහට ලක් වන්නට වූ අතර විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සහ තාක්ෂණික සහයෝගයන් යොදා ගනිමින් පෝල්ගේ චරිතය සිනමා පටය තුළ ඉදිරිපත් කිරීමට නිර්මාණකරුවන් විශේෂ පරිශ්‍රමයක් දැරූ බවට වාර්තා වේ.

මෙම චිත්‍රපයට සදහා ඇමෙරිකන් ඩොලර් මිලියන 176 ක් වැය කොට ඇති අතර ඇමෙරිකන් ඩොලර් බිලියන 1.516 ක ආදායමක් උපයන්නට සමත් වී ඇත.

2015 Teen Choice Awards හි දී හොඳම ක්‍රියාදාම චිත්‍රපටය ලෙසත් හොඳම චිත්‍රපට නළුවා (පෝල් වෝකර්) සම්මානයත් මෙම චිත්‍රපටය විසින් දිනා ගත් අතර එහි දී තවත් සම්මාන 5 ක් සදහා නිර්දේශ වීම ද සිදු විය. එසේ ම  2016 People’s Choice Awards හී දී ජනප්‍රියම චිත්‍රපටය සහ ජනප්‍රියම ක්‍රියාදාම චිත්‍රපටය යන සම්මාන දෙක දිනාගත් අතර තවත් සම්මාන දෙකකට නිරේදේශ විය.

2016 Critic’s Choice Awards සහ 2016 Las vegas Film Critics’ Society හි දී එම චිත්‍රපටයේ තේමා ගීතය වූ ‘See You Again“ ගීතය සදහා සම්මාන හිමි වූ අතර 2016 Satellite Awards, 2016 Golden Globe Awards, 2016 Houston Film Critics’ Awards සහ 2016 St. Louis Gateway Film Critics’ Association යන අවස්ථාවල දී ‘හොඳම චිත්‍රපට ගීතය“ සදහා එය නිර්දේශ වී තිබිණ.

පසුවදන

ලෝක සිනමාව කෙතරම් පුළුල් දැ යි අපට  වැටහෙන්නේ මෙම කරුණු දෙස අවධානය යොමු කරන විට ය. වාණිජ සිනමාව වුව හුදෙක් ආදායම් ලැබීම යන කරුණ මත පමණක් පිහිටා සිදු කළ නිර්මාණ නොවන බව මෙයින් පැහැදිලිව පෙනී යන කරුණක් වන අතර විශාල වියදමක් ද දරා එකී නිර්මාණ සිදු කර ඇති බව මෙම තොරතුරු අධ්‍යයනයේ දී පැහැදිලිව ම පෙනී යයි.

ලෝක සිනමා ඉතිහාසයේ එදා මෙදා තුර ඉහළ ම ආදායම් ඉපැයූ පළමු චිත්‍රපට 5 පිළිබද ලිපිය මෙහි 2 වැනි කොටසින් බලාපොරොත්තු වන්න.

Related Articles