Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා මැතිවරණ ඉතිහාසය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු හැටි

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු මාතලේ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල සිව්වරක් ජයග්‍රහණය කරන විට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල තෙවරක් ජයග්‍රහණය කළා. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ 1994 සහ 2000 වසරවල පැවති මහා මැතිවරණවල දී ප්‍රධාන පක්ෂ දෙක අතර ඡන්ද පරතරය ඡන්ද 8000ට වඩා අඩු වීම යි.

එක් එක් ආසනයේ සිටින ඡන්ද දායකයන් ගණන 

මාතලේ දිස්ත්‍රික්කය ආසන 4කින් සමන්විත වනවා. පහත දැක්වෙන්නේ වර්තමානය වන විට (2019 ඡන්ද දායකයන්ගේ ලැයිස්තුව අනුව) එම එක් එක් ආසනය තුළ සිටින ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය යි.

1) දඹුල්ල- 132,221            2) ලග්ගල- 69,632 3) මාතලේ- 84,842

4) රත්තොට- 93,503

පසුගිය මහා මැතිවරණවල දී එක් එක් ආසනයේ සාමාන්‍ය හැසිරීම 

මාතලේ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ආසන 4 අතුරින් මාතලේ සහ රත්තොට ආසන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණේ දඹුල්ල සහ ලග්ගල යන ආසන යි. 

දඹුල්ල ආසනය

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වුණු දඹුල්ල ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දඹුල්ල ආසනය තුළ රඳවා ගත් 70.36%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

ලග්ගල ආසනය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන ලග්ගල ආසනය ඔවුන්ගේ පාර්ශවය පරාජයට පත් වුණේ 1989 වසරේ පැවති මහා මැතිවරණයේ දී පමණ යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලග්ගල ආසනය තුළ රඳවා ගත් 74.66%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙසින් සටහන් වුණා.

මාතලේ ආසනය 

කවදත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට මාතලේ ආසනය වඩාත් වාසිදායක වුණා. එම නිසාම සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ඔවුන්ගේ පාර්ශවය මෙම ආසනය පරාජයට පත් වුණේ 2010 මහා මැතිවරණයේ දී පමණ යි. 1989 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය මාතලේ ආසනය තුළ රඳවා ගත් 68.85%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය බවට පත් වුණා.

රත්තොට ආසනය 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන රත්තොට ආසනය, ඔවුන් පරාජයට පත් වුණේ 2000 සහ 2010 මහා මැතිවරණවල දී පමණ යි. එක්සත් ජාතික පක්ෂය 1989 මහා මැතිවරණයේ දී රත්තොට ආසනය තුළ රඳවා ගත් 65.02%ක ඡන්ද ප්‍රතිශතය, යම් පක්ෂයක් සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී මෙම ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා.

පසුගිය මහා මැතිවරණවල දී දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය 

1989-2015 කාල සමය තුළ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී මාතලේ දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ මෙසේ යි. 

1989 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- 1

1994 මහා මැතිවරණය

පොදුජන එක්සත් පෙරමුණ- 3

එක්සත් ජාතික පක්ෂය- 2

2000 මහා මැතිවරණය

පොදුජන එක්සත් පෙරමුණ- 3

එක්සත් ජාතික පක්ෂය- 2

2001 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 3

පොදුජන එක්සත් පෙරමුණ- 2

2004 මහා මැතිවරණය

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 3

එක්සත් ජාතික පක්ෂය- 2

2010 මහා මැතිවරණය

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 4

එක්සත් ජාතික පක්ෂය- 1

2015 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය- 3

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 2

මාතලේ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප වාර්තා වුණු අවස්ථා

රංජිත් අළුවිහාරේ (News 1st)

1989 වසරේ සිට මේ දක්වා පැවති මහා මැතිවරණවල දී මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් යම් අපේක්ෂකයෙකු මනාප 70,000කට වැඩියෙන් ලබාගත් අවස්ථාවන් 5ක් හමුවනවා. 

1) ලක්ෂ්මන් වසන්ත පෙරේරා (එක්සත් ජනතා නිදහස් සන්ධානය)-මනාප 79,309 (2015 මහා මැතිවරණය)

2) වසන්ත අළුවිහාරේ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 75,926 (2015 මහා මැතිවරණය)

3) ඇලික් අළුවිහාරේ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 75,620 (2001 මහා මැතිවරණය)

4) රංජිත් අළුවිහාරේ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 74,785 (2015 මහා මැතිවරණය)

5) රංජිත් අළුවිහාරේ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 72,553 (2001 මහා මැතිවරණය)

මූලාශ්‍රය- මහා මැතිවරණ ප්‍රතිඵල (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles