Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියාව වැනසූ කම්චට්කා භූ කම්පනය

ලෝකයේ ස්වභාවික ආපදාවලින් වසරකට ජිවිත හා දේපල විශාල ප්‍රමාණක් අහිමි වේ. ඇතැම් රටවල භූ කම්පන හේතුවෙන් සිදු වන ව්‍යසන නොමැති තරම් වුවත් නිරන්තරයෙන් භූ කම්පන හේතුවෙන් පිඩා විඳින රටවල් ලෝකය පුරා දක්නට ලැබේ. 2004 වසරේ දෙසැම්බර් මාසයේ ඉන්දියානු සාගරයේ ඇති වූ භූ කම්පනයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ සුනාමි තත්වයෙන් මිනිස් ජිවිත 35,000 පමණ ප්‍රමාණයක් අහිමි වූ අතර මිනිසුන් 900,000කට පමණ නිවාස අහිමි විය. ශ්‍රී ලංකාව භූ කම්පන හා සුනාමි තත්වයන්ට මුහුණ දෙන රටක් නොවන නිසා මිනිසුන්ට ඒ පිළිබඳ පවතින දැනුම හිඟ කම මෙම විපතේ බරපතල බව වැඩි කිරීමට හේතු විය.

භූ කම්පනවල ස්වභාවය අනුව සිදු වන ජිවිත හා දේපළ හානි ප්‍රමාණය තීරණය වේ. 1952 වසරේ රුසියාවේ කම්චට්කා අවට මුහුදේ ඇති වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් දරුණු සුනාමි තත්වයක් ඇති විය. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ කම්චට්කා භූ කම්පනය හා එමඟින් ඇති වූ සුනාමි තත්වය පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන ඒමටයි.

භූ කම්පනය නිසා නිසා සුනාමිය ඇති වීම

ourplnt.com

කම්චට්කා සුනාමි රළ ඇති වූයේ භූ කම්පනයක් හේතුවෙනි. මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 9ක් වූ අතර කම්පනය ඇති වූ ගැඹුර කිලෝමීටර් 30ක් පමණ බව සඳහන් වේ. භූ කම්පනයේ අපිකෙන්ද්‍රය (epicenter) උතුරු අක්ෂාංශ 52.8° හා නැගෙනහිර දේශාංශ 159.5° ලෙස දැක්වේ. මෙම සුනාමි රළ කම්චට්කා අර්ධද්වීපය, කියුරිල් (Kuril) දුපත්, සහ ඈත නැගෙනහිර රුසියාව යන ප්‍රදේශ සඳහා බලපෑම් ඇති කර තිබේ. මෙම සුනාමි ජල තරංග පේරු, චිලි, හා නවසීලන්තය දෙසටද ගමන් කර ඇති අතර අවට ප්‍රදේශ හැරුණු විට හානියට ලක් වූ ප්‍රදේශ ලෙස කැලිෆෝනියාව, ඇලස්කාව, ඇලූෂියන් දුපත්, හා හවායි දුපත් දැක්විය හැක.

සිදුවූ බලපෑම

කම්චට්කා අර්ධද්වීපයට දරුණු ලෙස බලපාන ලද්දේ 2 වන හා 3 වන රළයි. කම්චට්කා සිට ක්‍රෝනොට්ස්කි (Kronotsky) අර්ධද්වීපය දක්වා ගමන් කළ සුනාමි රළවල උස මීටර් 5 ක් පමණ විය. ක්‍රෝනොට්ස්කි අර්ධද්වීපයේ සිට ෂිපර්ස්කි (shipursky) තුඩුව දක්වා පැමිණි සුනාමි රළ මීටර් 4 -13 අතර පරාසයක පැවතුණි. භූ කම්පනයෙන් පසු පළමු සුනාමි රළ ඔල්ගා බොක්ක කරා ගමන් කිරීමට විනාඩි 42ක පමණ කාලයක් ගත වී ඇති බව සඳහන් වේ.

ngdc.noaa.gov

ෂිපර්ස්කි තුඩුවේ සිට පොව්රොට්නි (povorotny) තුඩුව දක්වා වූ සුනාමි රළ මීටර් 1-10 ත් අතර උස ප්‍රමාණවලින් යුතු විය. මෙහිදී සැලකිය යුතු ප්‍රමාණයක ජිවිත හා දේපළ හානි සිදු වූ බව සඳහන් වේ. ඇවචින්ස්කායා (Avachinskaia) තුඩුවට පැමිණි සුනාමි රළවල උස මීටර් 1.2ක් පමණ වූ අතර ඇතිවූ ප්‍රදේශයේ සිට සුනාමිය පැමිණීමට ගත වූ කාලය විනාඩි 30ක් පමණ බව සඳහන් වේ. කියුරිල් (kuril) දුපත්වල ඇති පරමුශිර් (paramushir) දුපතට පැමිණි සුනාමි රළ මීටර් 4 -18.4 ත් අතර ප්‍රමාණයක පැවතී ඇත. ඔනෙකොටන් (onekotan) දුපත්වල සුනාමි රළේ උස මීටර් 9 පමණ විය. හවායි දුපත්වලට ද සුනාමි රළ හේතුවෙන් පීඩා ඇති වූ අතර බෝට්ටු, ටෙලිෆෝන් කම්බි, වෙරළ තීරයන් ආදී යටිතල පහසුකම් ගණනාවක් විනාශ වූ බව සඳහන් වේ.  

ජිවිත හා දේපළ හානිය

භූ කම්පනය ඇති වූ කම්චට්කා හා කියුරිල් දුපත් අවට සිදු වූ මිනිස් ජිවිත අහිමි වීම් ප්‍රමාණය 10,000 – 15,000 ත් අතර ප්‍රමාණයක් බව ඇස්තමේන්තු කර ඇත. හවායි දුපත්වලට සිදු වී ඇති හානිය ඇමරිකානු ඩොලර් මිලියන 17ක් පමණ බව දැක්වේ. නමුත් ඇතැම් ලිපි වල මෙම හානිය ඇමරිකානු ඩොලර් 800,000 – 1,000,000 ත් අතර බව සඳහන් වේ. මෙමගින් හවායි වෙරළ තීරය හා යටිතළ පහසුකම්වලට දැඩි හානියක් සිදු වී ඇත. හවායි දුපත්වල කිසිදු මිනිස් ජිවිත හානියක් වාර්තා වී නැතත් ගවයින් හය දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන් වේ.

wsspc.org

මීට අමතරව ඇලස්කාවේ Adak නැමැති වරායේ ඉවුරු පිටාර ගැලීමට ලක් වී ඇත. කෙසේ නමුත් ඒ හැර වෙනත් හානියක් සිදු වූ බව වාර්තා නොවේ. ඇලස්කාවේ Attu ප්‍රදේශයේ සුනාමියත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් කුඩා හානි සිදු වී ඇත. කැලිෆෝනියාවේ Cescent නගරයට ඇති වූ සුළු සුනාමි තත්ත්වය නිසා බෝට්ටු 4ක් පෙරලී ගිලී ගොස් තිබේ. කැලිෆෝනියාවේම Santa Cruz ධිවර නැව් දියත් කරන්නකට හානි වී ඇත.

මීට අමතරව චිලී සහ නවසීලන්තය වැනි රටවල් දක්වා ද මේ සුනාමි රළ ගමන් කර ඇතත් ප්‍රබල හානියක් සිදු වී නැත.

කම්චට්කා අර්ධද්වීපයට මීට පෙර බලපා ඇති වෙනත් භූ කම්පන

walrus.wr.usgs.gov

කම්චට්කා අර්ධද්වීපය භූ තැටි හමු වන රේඛාවක පිහිටන හෙයින් එම ප්‍රදේශයට වරින් වර ප්‍රබල භූ කම්පන ගණනාවකට මුහුණ දෙන්නට සිදු වී ඇත. 1737 හා 1923 යන වසරවලදී කම්චට්කාවට ප්‍රබල භූ කම්පන ඇති වූ අතර මේ හේතුවෙන් සුනාමි තත්වයන්ද නිර්මාණය විය.

1737 වසරේ ඇති වූ භූ කම්පනය ගැන වැඩි විස්තර නැතත් මෙය පොළව මතුපිට සිට කිලෝමීටර් 40ක් ගැඹුරට වන්නට සිදු වී ඇති බව සොයාගෙන ඇත. මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපාංක 9 ක් පමණ වන්නට ඇතැයි තක්සේරු කර තිබේ.

1923 පෙබරවාරි 04 වන දින ද මෙහි ප්‍රබල භූ කම්පනයක් සිදු විය. මෙහි තක්සේරු කර ඇති ප්‍රබලත්වය රිච්ටර් මාපාංක 8.3 – 8.5 අතර වේ. මෙමගින් මීටර් 8 ක් පමණ උසැති රළ සහිත ප්‍රබල සුනාමි තත්ත්වයක් ඇති වී තිබෙන අතර කම්චට්කාවට සැලකිය යුතු ප්‍රමාණයේ හානියක් ද සිදු වී ඇත. මෙම භූ කම්පනය හේතුවෙන් හවායි දූපතටද මීටර් 6 ක පමණ සුනාමියක් ඇති වූ අතර ඉන් පුද්ගලයන් කිහිප දෙනෙකු මිය ගොස් තිබේ. මීට අමතරව ඉන් මාස දෙකක් ගත වීමටත් පෙර අප්‍රේල් මාසයේ තවත් භූ කම්පනයක් ඇති වූ අතර එමගින් Ust’ Kamchatsk ප්‍රදේශයට පමණක් බල පෑ ප්‍රාදේශීය සුනාමි තත්ත්වයක් ඇති විය. මෙම සුනාමිය හේතුවෙන් තැන්පත් වූ රොන් මඩ තට්ටු භූ විද්‍යාඥයන්ගේ විශේෂ අවධානයට ලක් වී තිබේ.

කවරයේ පින්තුරය loopjamaica.com

Related Articles