Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බැස්ටීලයට පහරදීම, බොස්ටන් තේ සාදය හා මොන්කාඩා ප්‍රහාරය

තම හිමිකම් වෙනුවෙන් ජන කොට්ඨාසයක් මුලින්ම සටන් වැදුණු ප්‍රථම අවස්ථාව ලෙස හඳුන්වා දිය හැක්කේ, බ්‍රිතානයේ ජෝන් රජතුමාට විරුද්ධව 1215 වසරේ බ්‍රිතාන්‍ය ජනතාව විසින් ආරම්භ කළ කැරැල්ල යි. එම කැරැල්ලෙන් පසුව පල්ලිය හා වංශවතුන්ගේ කැමැත්ත මත ජෝන් රජතුමාව සාමාන්‍ය ජනතාවට යටත් වන නීතියෙන් ම බැඳ තබනවා. සාමාන්‍ය ජනතාව යටත් වන නීතියට රාජ වංශිකයෙක් යටත් කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ලෙස එය හඳුන්වනු ලබනවා.

ඉන් අනතුරුව විවිධ ජන කොට්ඨාස විසින් තම අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ අරගල දියත් කර තිබෙනවා. 1775 වසරේ ඇමරිකානු විප්ලවය, 1789 වසරේ ප්‍රංශ විප්ලවය, 1911 චීන විප්ලවය, 1917 වසරේ රුසියානු විප්ලවය 1949 වසරේ චීන කොමියුනිස්ට් විප්ලවය හා 1943 වසරේ කියුබානු විප්ලවය හඳුන්වා දිය හැකි යි. එම විප්ලවයන්ගේ ආරම්භක ප්‍රහාර පිළිබඳව යි අද ලිපිය ගෙන එන්නේ.

ඇමෙරිකානු විප්ලවයේ “බොස්ටන් තේ සාදය”

බොස්ටන් තේ සාදය (britannica)

බොස්ටන් තේ සාදය නම් අවස්ථාව ද ඇමරිකන් විප්ලවයේ කැපී පෙනෙන අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකි යි. 1773 වසරේ දෙසැම්බර් මාසයේ දී බොස්ටන් වරායේ නවතා තිබූ තේ නැවකට ඇමරිකානු විමුක්තිකාමීන් පිරිසක් ඇතුළු වී එහි තිබූ තේ පෙට්ටි 342ක් මුහුදට විසි කරන කරනවා. එය “බොස්ටන් තේ සාදය​” නමින් නම් නම් වෙනවා. මෙම සිද්ධිය ඇමරිකන් නිදහස් සටනෙහි වැදගත් අවස්ථාවක් ලෙස අදටත් ප්‍රකට යි.

ඇමෙරිකානු වැසියන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබාගැනීම සඳහා ගෙන ගිය සටන ඇමෙරිකානු නිදහස්‌ සටන ලෙස හැඳින්විය හැකි අතර, සංවිධානය වූ යටත් ජාතියකට බලසම්පන්න අධිරාජ්‍යයක්‌ පරාජය කළ හැකි බවට තහවුරු කළ ලොව ප්‍රථම අවස්‌ථාව මෙය ලෙස හැඳින්විය හැකි යි. ඇමෙරිකානු නිදහස් සටන ආරම්භ වූ වසර 1775 ලෙස නම් වූවත්, සටනේ ප්‍රධාන අවස්ථාව ලෙස බොස්ටන් තේ සාදය නම් කළ හැකි යි. 

ප්‍රංශ විප්ලවයේ “බැස්ටීලයට පහර දීම” 

බැස්ටීලයට පහර දීම (wikimedia)

ප්‍රංශයේ සියවස් ගණනක් පැවති රාජාණ්ඩුවට අභියෝග කරමින් එරට විප්ලවීය අරගලය ඇරඹුණේ 1789 වසරේ යි. බැස්ටීලයට පහර දීම ඔස්සේ මෙම විප්ලවය ආරම්භ වෙනවා. ප්‍රංශ විප්ලවය 1789 – 1799 දක්‌වා පැවැත්වෙනවා. දහසය වැනි ලුවී රජු ඝාතනයට ලක්‌ කිරීම ද මෙම විප්ලවය ඔස්සේ සිදුවෙනවා.

1789 ජූලි මාසයේ 14 වන දා, කැරලිකරුවන් විසින් බැස්ටීලය නම් ප්‍රංශ බන්ධනාගාරයට පහර දෙනවා. බලකොටුවක්‌ හා සිරගෙයක්‌ ලෙස සැලකුණු “බැස්‌ටීලය” පැරිස්‌ නගරය කේන්ද්‍රගතව පිහිටා තිබුණු අතර, මෙය නියෝජනය කරනු ලැබුවේ ප්‍රංශයේ රාජ්‍ය බල අධිකාරය යි. පහරදීම නැතහොත්, ප්‍රචණ්‌ඩකාරී සිදුවීම යන අවස්‌ථාවේ දී සිරගෙදර රැඳී සිටි සිරකරුවන් ප්‍රමාණය 07ක්‌ වැනි අල්පයක්.

බැස්ටීලයට එල්ල කළ ප‍්‍රහාරයත් සමග ප‍්‍රංශයේ රාජාණ්ඩුව පෙරළුණු අතර, එදා සිට ජූලි 14 ජාතික නිදහස් දිනය ලෙස ප‍්‍රංශය ජාතිකයන් අදටත් සමරනු ලබනවා. බැස්ටීලයට පහර දීම ප‍්‍රංශ විප්ලවයේ පළමු හා ප්‍රධානතම ප්‍රහාරය ලෙසත්, ඉතාමත් ම වැදගත් හැරවුම් ලක්ෂය ලෙසත් හඳුන්වනු ලබනවා.

කියුබානු විප්ලවයේ මොන්කාඩා ප්‍රහාරය 

මොන්කාඩා ප්‍රහාරය (googleusercontent)

පිදෙල් කස්ත්‍රෝ, රාහුල් කස්ත්‍රෝ හා චේ ග්වේරා යන විප්ලවීය නායකයන් විසින් අණ දුන් කියුබානු විපලවයේ පළමු ප්‍රහාරය වන්නේ 1953 වසරේ ජූලි 26 වනදා සිදු වූ මොන්කාඩ ප්‍රහාරය යි. “ජූලි 26 කැරැල්ල” ලෙසත් මෙය හදුන්වනු ලබනවා. මෙහි දී සිදුවන්නේ එවකට පාලක බැටිස්ටා රජයේ හමුදා බැරක්කයක් වෙත පහර දීම යි. මෙය කියුබානු විප්ලවයේ පළමු ප්‍රහාරය වෙන අතරම අසාර්ථක වූ ප්‍රහාරයක් ලෙස නම් කරන්න පුළුවන්. බැටිස්ටාගේ හමුදාව කැරලිකරුවන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර තවත් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත් කැරලිකරුවන් විශාල ප්‍රමාණයක් ද මරා දැමු බවට පිදෙල්, පසුව චෝදනා කරනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් ද පිදෙල් කැස්ත්‍රෝ ද අත්අඩංගුවට පත් වෙනවා.

ප්‍රහාරය සඳහා සහභාගී වූ 160 දෙනා අතරින් විශාල පිරිසක් අවුරුදු 20 ගණන්වල තරුණයන් වූ බව සඳහන්. ප්‍රහාරය සඳහා පැහැදිලි ලෙස කොමියුනිස්ට් සංවිධානයක් මුල් නොවූ අතර, බැටිස්ටා පාලනයට විරුද්ධ වූ පහළ මධ්‍යම ප්‍රාන්තිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ලෙස ජූලි 26 ව්‍යාපාරය හඳුන්වන්නට පුළුවන්. ප්‍රහාරකයන් 160 දෙනාගෙන් හතර දෙනෙක් පමණක් උසස් අධ්‍යාපනය ලද පුද්ගලයන් වූ අතර, බහුතර පිරිස ප්‍රාථමික අධ්‍යාපනය පමණක් ලැබූ තරුණයන් වුණා.

ප්‍රහාරය එල්ල කිරීමට පෙර දා රාත්‍රියේ  සන්තියාගෝ නගරයට ආසන්න සිබෝනි (Siboney) ගම්මානයේ ගොවිපොළක ප්‍රහාරකයන් 160 දෙනා රැදී සිටි අතර, 26 වන දා හිමිදිරියේ ඔවුන් ප්‍රහාර එල්ල කිරීම සඳහා සන්තියාගෝ බලා පිටත්ව යනවා.

1953 ඔක්තෝම්බර් 16 වන දා පිදෙල් ඇතුළු පිරිසට  විරුද්ධව අධිකරණයේ දී නඩු විභාග වූ අතර, සටන මෙහෙය වූ පිදෙල්ට වසර 15ක සිර දඩුවම් හිමි වෙනවා. අනෙකුත් ප්‍රධාන නායකයින් වන රාහුල් (Raúl Castro), ඔස්කාර් ඔල්කල්ඩේ (Oscar Alcalde), පෙද්රෝ මෙරැට් (Pedro Miret) හා අර්නෙස්ටෝ ටිසොල් (Ernesto Tizol)ට වසර 13ක සිරදඬුවමක් හිමිවනවා. අනෙකුත් පිරිස්වලට අවුරුදු 10ක, අවුරුදු 3ක හා මාස 7ක සිර දඩුවම් හිමි වෙනවා.

නඩු විභාගය අතරතුර තම අදහස් දැක්වීම යටතේ ෆිදෙල්, පැය හතරක් පුරාවට බැටිස්ටා පාලනයට විරුද්ධව ඔහු ගත් ක්‍රියාමාර්ගයේ සාධාරණීත්වය පිළිබඳව කරුණු දක්වන අතර, වසර කිහිපයකින් පසු එම කතාව ඇතුළත් “ඉතිහාසය මා නිදොස් කරනු ඇත” (History Will Absolve Me) නමින් කෘතියක් පළ වෙනවා.

මූලාශ්‍රයයන්: 

Ducksters.com

History.com

thoughtco.com

කවරයේ පින්තූරය- Wikimedia

Related Articles