Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විවිධ ලිංගික ආශාවන් සහිත වූ රාජකීය සාමාජිකයෝ

ඉතිහාසය පුරාවට රජ මාළිගාවන් හි පමණක් ම නොව, ඕනෑම සමාජ තලයක විවිධ ලිංගික ආශාවන් සහිත පුද්ගලයින් ජිවත් වී තිබීම අරුමයක් නෙවෙයි. 19 වන සියවසේ අගභාගයේ පටන් නුතන සමාජය දක්වා කාලය තුළ ඔවුන්ගේ ආශාවන් සමලිංගික, ද්වි ලිංගික, සහ විෂම ලිංගික යනාදී වශයෙන් හැඳින්වෙනවා. අතීතය තුළ දී තමන්ගේ ලිංගික ආශාවන් නිසාවෙන් සමාජය සමගින් ගැටෙන්නට සිදු වූ චරිත අතර සිටි රාජකීය සාමාජිකයින් පිළිබඳ මේ ලිපියෙන් කියවෙන්නේ.

දෙවෙනි එඩ්වර්ඩ් රජු

Edward II, © National Portrait Gallery, London

ලන්ඩන් බලකොටුව තුළ සහ එයින් පිටත වූ මතිමතාන්තරයන්ට අනුව දෙවෙනි එඩ්වර්ඩ් (1307 – 1337) රජු සහ ඔහුගේ ප්‍රියතම දේශපාලන මිත්‍රයෙකු වූ පියර්ස් ගැවෙස්ටන් අතර ආදර සම්බන්ධතාවයක් පවතීයැ යි විශ්වාසයක් එකල තිබුණා. නමුත් මධ්‍යතන යුගයේ ඉතිහාසඥයින් ඒ පිළිබඳ වූ සත්‍ය කතාව නිරතුරුව ම දොරටු පසුපසට තබා අගුළුලන්නට කටයුතු කර තිබුණා. ඉතිහාසඥයින් විසින් ඔවුන් අතර වූ සබැඳියාව විශේෂිත සමීප භාවයක් ලෙස පමණක් හැඳින්වූවා. සරණපාවා ගත් සහෝදරයන් ලෙස හැඳින්වුණු පියර්ස් සහ එඩ්වර්ඩ් පළමුවෙන් ම හමු වූ 1297 වර්ෂයේ පටන් ඔවුන් අතර ආදර සබැඳියාවක් පැවති බව පැවසෙනවා. කෙසේ නමුත් දෙවෙනි එඩ්වර්ඩ් හැඳින්වෙන්නේ එංගලන්තය තුළ සිටි වඩාත් අසාර්ථක රජෙකු හැටියට යි. ඔහුගේ රාජ්‍ය කාලය ප්‍රශ්නවලින් පිරි ගිය යුගයක් ලෙස සැලකෙනවා.  

එමෙන්ම එඩ්වර්ඩ්ට කිසිම දිනෙක අනියම් භාර්යාවන් නොසිටි රජෙකු ලෙස ප්‍රකට යි. එඩ්වර්ඩ් රජු 1308 දී විවාහ කරගත් බිරිඳ වූ ප්‍රංශයේ ඉසබෙලා රැජිනටත් වඩා ගැවෙස්ටන් පිළිබඳ අවධානය යොමු කළ බව රජ මාළිගය තුළ ප්‍රකට කරුණක්. එඩ්වර්ඩ් රජ පියර්ස්ට ලබාදුන් ගරු නම්බු නාම සහ සැලකිලි පිළිබඳ රජ පවුලේ සහ මහජනයා තුළ පැවතියේ පිළිකුලක්. එඩ්වර්ඩ්ගේ සමලිංගික ඇසුරු පිළිබඳ නොඉවසු ඉසබෙලා රැජින, සිය සැමියාගේ රාජධානිය පැහැර ගැනීමට කටයුතු කරන්නේ ඇයගේ ප්‍රියතමයෙකු වූ වංශාධිපති රොජර් මොටිමර් සමගින් එක්ව යි. 1327 ජනවාරියේ දී සිය 14 හැවිරිදි පුත්‍රයා වූ 3 වෙනි එඩ්වර්ඩ්ට රජකම භාර දී කිරුළ අත් හරිනා ලෙස එඩ්වර්ඩ්ට බල කෙරුණා. එවැන්නක් එංගලන්ත රාජකීය ඉතිහාසය තුළ සිදු වුයේ ද ප්‍රථම වතාවට බව ඉතිහාසයේ සඳහන්.

කෙසේ නමුත්, 1327 සැප්තැම්බර් 21 වෙනි දා ගුද මාර්ගයට රත් වූ යකඩ කුරකින් ඇනීමෙන් එඩ්වර්ඩ් රජු සාහසික ඝාතනය කර තිබුණා.  

පළමුවන සහ හයවන ජේම්ස් රජු

James I and VI c. 1620.Royal Collection Trust/© Her Majesty Queen Elizabeth II 2018

හයවන ජේම්ස් ලෙස ස්කොට්ලන්තයටත් පළමුවන ජේම්ස් ලෙස එංගලන්තයට සහ අයර්ලන්තයටත් රජු වූ ජේම්ස් රජු, 1625 දී ඔහු මියයන තුරු ම මෙම රාජධානින් හි රජකම් කළා. සිය ජිවිත කාලය පුරා ම පිරිමි පාර්ශවයට පමණක් පෙම් කළ ජේම්ස් රජු සිය පෙම්වතුන්ට නිරතුරුව ම වංශවත් නම්බු නාම සහ බලතල ප්‍රධානය කළ රජෙක් ලෙස ප්‍රකට යි.

එකල විසූ බලවත් පවුල්, සිය පුත්‍රයින් රජුගේ ආදරය දිනා ගැනීමට රාජ සභාව වෙත එවීමට හුරුව තිබුණේ බල ලෝභය නිසාවෙන්. ජේම්ස්ගේ පළමු පෙම්වතා වූ එස්මේ ස්ටුවර්ට් හමුවන විට ජේම්ස් දහතුන් හැවිරිදි වියේ පසු වුණා. එවකට 37 හැවිරිදි වියේ පසු වූ එස්මේ තරුණ වියේ දී ම රජ වූ ජේම්ස්ට උපදේශකවරයෙකු වු බව පැවසෙනවා. කෙමෙන් මහලු වියට පත් වන විට ජේම්ස් රජු තමන්ට උපදේශක තනතුරේ තබා ගත හැකි තරුණ,  කඩවසම්, ශක්තිමත් පිරිමින් කෙරෙහි ආකර්ෂණය වෙනවා. ජේම්ස් විවාහ වෙන්නේ ඩෙන්මාර්ක් හි ඈන් කුමරිය සමගින්. රජුගේ විවාහය ආසාර්ථක විවාහයක් ලෙස සැලකෙනවා.

George Villiers, 1st Duke of Buckingham attributed to William Larkin, and studio of William Larkin, circa 1616. © National Portrait Gallery, London

ජේම්ස්ට 1614 දී ජෝර්ජ් විලර්ස් හමුවෙනවා. බිෂොප්වරයෙකු වූ ගොඩ්ෆ්‍රී ගුඩ්මන් පවසන ආකාරයට විලර්ස් එංගලන්තයේ සිටි කඩවසම් ම සිරුරක් සහ මනහර චරිත ස්වභාවයක් සහිත පුද්ගලයා යි. රජුගේ අනුග්‍රාහයට පාත්‍ර වූ විලර්ස්ට, බකිංහැම් හි ආදිපාදවරයා මෙන්ම බලවත් මිනිසෙකු බවට පත් වන්නටත් හැකි වුණා. කෙසේ නමුත් 1625 දී ජේම්ස් රජු පාචන රෝගයෙන් මිය යන තුරු ඔහුට විවිධ සබඳකම් පැවති බව පැවසෙනවා.

පළමුවන චාර්ල්ස් රජු

ජේම්ස් රජුගේ පුතුණුවන් වූ පළමුවන චාර්ල්ස් කෙරෙහි ද තමන්ගේ බලය යොදවන්නට ජෝර්ජ් විලර්ස් සමත් වෙනවා. හම්ප්ටොන් රජ මැදුරේ වූ ඇපලෝ සහ ඩයනා නම් සිතුවමෙහි පළමුවන චාර්ල්ස් රජු සහ ජෝර්ජ් විලර්ස් ද දැක්වෙනවා. එම සිතුවමට අනුව පළමුවන චාර්ල්ස් (ඇපලෝ) සහ ඔහුගේ බිරිඳ වූ හෙන්රිටා මාරියා රැජින (ඩයනා) අසුන් ගෙන සිටිනවා. අනෙක් පසින් බකිංහැම් හි ආදිපාදවරයා වූ විලර්ස් සහ ඔහුගේ බිරිඳ සිටිනවා. සිතුවමට අනුව තමන්ගේ බිරින්ඳෑවරුන්ට දක්වනවාටත් වඩා සෙනෙහසකින් ඔහු එකිනෙකා දෙස බලාගෙන සිටිනවා. මෙය ඔවුන්ගේ බැඳීම් පිළිබඳ කදිම සාක්ෂ්‍යයක් ලෙස සැලකෙනවා.

Apollo and Diana by Gerrit van Honthorst. Royal Collection Trust/© Her Majesty Queen Elizabeth II 2017.

ඈන් රැජින

ඈන් රැජිනට (1702 – 1707) ඇයගේ සමීපතම සහ විශ්වාසවන්තම මිතුරිය වූ සාරා චර්චිල් හමුවන්නේ කුඩා අවධියේ දී ම යි. එකිනෙකා වෙත ලියන ලද ලිපි තුළ දී මිසිස් ෆ්‍රිමන් සහ මිසිස් මොර්ලි ලෙස තම තමන් වෙත ආමන්ත්‍රණය කරනු ලැබුවේ ඈන්ගේ අදහසක් අනුව බව පැවසෙනවා. හණ වැනි කෙස් සහ නිල් ඇස් සහිත සාරා නිරතුරුව ආත්ම අභිමානයෙන් යුතු, මඳක් කෝප ගන්නා චරිතයක් ලෙස හැඳින්වෙනවා. 1702 දී රැජිණිය බවට පත් වූ ඈන් සාරාට දැඩි ව ආලය කිරීම නිසාවෙන් මාළිගාව තුළ බලතල සහ තනතුරු රැසක් ප්‍රදානය කළ බව පැවසෙනවා.

Queen Anne and her eldest son William, Duke of Gloucester, studio of Sir Godfrey Kneller. © National Portrait Gallery, London

කෙසේ නමුත් සාරාගේ ඉහවහා ගිය ආත්ම අභිමානය ම ඇයගේ විනාශයට හේතු වූ බව පැවසෙනවා. සාරාගේ ඥාති සහෝදරියක වූ අබිගේල් මාෂම් වෙත ආකර්ෂණය වන්නට වූ ඈන් රැජින, කෙමෙන් සාරාව නොසලකා හරිනවා. අබිගේල් ඉතා මෘදු භාවාත්මක චරිතයක් ලෙස පැවසෙනවා. ඈන් රැජිනට අවශ්‍යය වන්නේත් එවන් බැඳීමක් නිසාවෙන් ඔවුන් එකිනෙකාට දැඩි ව ආලය කරන්නට පටන් ගැනෙනවා.

නමුත් මේ සබඳතාවය නිසාවෙන් ඉතා කෝපයට පත් වන සාරා ඈන්ගේ විශ්වාසය බිඳ දමමින් ඇය පිළිබඳ හෙළිදරව් කරන්නට කටයුතු කරනවා. සාරාගේ ලේකම්වරයා වූ ආතර් රැජිනට එරෙහිව දේශපාලන පත්‍රිකාවක් බෙදා හරින්නට කටයුතු කරනවා. රැජිනගේ ප්‍රේම සබඳතාවන් බලතල ප්‍රධානයන් පිළිබඳවත් රාත්‍රි කාලයේ ඇයගේ ජීවිතය පිළිබඳවත් එහි සඳහන් වෙනවා.

එවකට බිරිඳක් සහ මවක් වූ ඈන් රැජින, දුර්වල සෞඛ්‍ය හේතුන් නිසාවෙන් පිඩා විඳිමින් සිටි කාලයක්. බොහෝ වාරයක් ගැබ් ගත්තත් ඒ ගැබ් ගැනීම් ගබ්සා වීම් සහ මල දරු උපත් ලෙස අවසන් ව තිබුණා. කෙසේ නමුත් සාරාගේ හෙළිදරව් කිරීමෙන් අනතුරුව කෙන්සින්ටන් මාළිගා පරිශ්‍රයේ රැජිනගේ පෞද්ගලික කාමර තුළ රැජින සහ සාරා අතර, දරුණු වාදයක් පැන නැඟී තිබුණු බවත් ඉන් අනතුරුව කිසිම දිනෙක රැජින සහ සාරා එකිනෙකාට කතා නොකළ බවත් පැවසෙනවා.

ඇරබෙලා හන්ට්

දෙවන මේරි රැජිනට සහ ඈන් රැජිනට සංගීතය ඉගැන්වූ දක්ෂ සංගීතඥවරියක වූ ඇරබෙලාගේ හඬ ගී ගයන කුරුල්ලෙක් තරම් ම මනහර වූ බව ඉතිහාසඥයින් පවසනවා. සුන්දර ව වීණා වයන්නියක ලෙස සාමාන්‍ය ජනයා අතර වඩාත් ප්‍රකට ව සිටි ඇරබෙලා 1680 දී ජේම්ස් හොවාර්ඩ් නම් පුද්ගලයෙකු සමගින් විවාහ ව මාස හයක් පමණ ඇරබෙලාගේ මවගේ නිවසේ එක්ව ජිවත් ව තිබෙනවා. කොහොම නමුත් ජේම්ස් යනු පිරිමි ඇඳුමින් සැරසී සිටි ඇමි පෞල්ටෙර් නම් වූ කාන්තාවක් බවත්, ඒ වන විටත් ඇමි, ආතර් පෞල්ටෙර් නම් වූ මිනිසෙකු සමගින් විවාහ ව සිටි බවත් පැවසෙනවා.

කෙසේ නමුත් පසු ව ඇරබෙලා සහ ද්වි ලිංගික කාන්තාවක වූ ඇමි අතර වූ විවාහය අවලංගු කරන්නට කටයුතු සිදුකර තිබෙනවා. ඇරබෙලා පමණක් ම නොව රජ මැඳුරේ සිටි තවත් සේවකයින් අතර ද, සාමාන්‍ය ජනයා අතර ද ඈත අතීතයේ පටන් සමලිංගික, ද්වි ලිංගික, සහ විෂම ලිංගික බැදීම් තිබී ඇති බව ඉතිහාසය තුළින් කියවෙනවා. එකල එවැනි බැදීම් නිත්‍යනුකූල නොවූ නිසා ම ඒවා දොරටු පිටුපසින් සඟවා තබන්නටත් ඉතිහාසඥයින් උනන්දුව තිබූ බව පැවසෙනවා.

Arabella Hunt (1662-1705) Playing a Lute by Godfrey Kneller, © Government Art Collection

මූලාශ්‍රයයන්:

Hrp.org.uk

bbc.com

කවරයේ පින්තුරය: howcast/youtube

Related Articles