Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උතුරු අහස එකලු කළ යාපන සරුංගල් සැණකෙළිය

යාපනයේ වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී තෛපොංගල් දිනයට සමගාමී ව මෙවර වාර්ෂික සරුංගල් සැණකෙළිය සැමරෙද්දී සරුංගල් 200 කට අධික සංඛ්‍යාවක් පසුගිය සෙනසුරාදා (14) අහසට නැඟිණි. ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇති ව වැල්වැටිතුරෙයි උදයසූරිය ක්‍රීඩා සමාජය සහ විග්නේෂ්වර කමිටුව සංවිධානය කළ තෛපොංගල් උත්සවයේ කොටසක් ලෙස වැල්වැටිතුරෙයි වෙරළ තීරයේ දී මෙම සරුංගල් උත්සවය පැවැත්විණි.

එම්. ප්‍රශාන් (31) ඔහුගේ සරුංගලය සඳහා ප්‍රථම ත්‍යාගය දිනා ගත් අතර, එය ඔහු පිට පිට ලද හයවැනි ජයග්‍රහණය විය. මෙම තරගයට සහභාගි වූ සියලු ම දෙනාට ත්‍යාගවලට අමතර ව පළමු ස්ථාන තුන ලබාගත් තරගකරුවන්ට ද විශේෂ සම්මාන පිරිනැමිණි.

සරුංගල් ඉහළ නැංවීමට පවතින සුළඟ ප්‍රශස්ත වන තයි (ජනවාරි) මාසයේ උතුරු සුළඟේ අවසන් සමයේ දී සරුංගල් උත්සවය පැවැත්වේ.

Related Articles