Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව සුපතළ මෝඩයාගේ දින විහිළු

ඇස් රතුවන අප්‍රේල් මෝඩයාගේ විහිළුවකට ඔබත් හසු ව තිබෙනවාද? සෑම වසරක ම අප්‍රේල් පළමු වැනිදාට යෙදෙන ‘මෝඩයන්ගේ දිනය’ අර්ථාන්විත ව සැමරීමට ලොව පුරා වෙසෙන සුවහසක් ජනයා මහත් උද්යෝගයකින් පසුවනවා. නොයෙකුත් ප්‍රෝඩාවන් කටින් කට පැතිරවීම, අදහාගත නොහැකි සිදුවීම් අදහාගත හැකි අන්දමින් මවාපෑම සහ හිත මිතුරන්ට උපන්දින සුබ පැතුම් එක් කිරීම යනාදී ප්‍රායෝගික විහිළු තහළුවලිනුත් මෙකී දිනය පරිපූර්ණ වනවා.

මෝඩයාගේ දවස ආරම්භ වූයේ කවදා ද යන වගට නිශ්චිත පිළිතුරක් ලබා දීමට මේ වන විටත් නොහැකි ව තිබෙනවා. ලොව ප්‍රකට මාධ්‍යය ආයතන,ලොව ප්‍රසිද්ධ වෙළෙඳ සන්නාම, අනේකවිධ පුද්ගලයන් සහ සුප්‍රසිද්ධ තාක්ෂණික සමාගම් මෝඩයාගේ දිනය සැමරූ ආකාරය පහතින් සඳහන් වනවා.

සිංහයන් නැහැවීමේ වාර්ෂික උත්සවය

ක්‍රිස්තු වර්ෂ 1698 දී ලන්ඩන් නුවර කේන්ද්‍රීයව අරුම පුදුම උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව එහි වැසියන්ට කන වැකෙනවා. London Tower නමැති ස්ථානය මූලික කොටගෙන සංවිධානය කළ ‘ සිංහයන් නැහැවීමේ උත්සවය ’ නැරඹීමට පැමිණෙන්නැයි කටින් කට පැතිරී ගිය පණිවිඩයක් ලන්ඩන් වැසියන් අතර මෙයින් අනතුරුව හුවමාරු වූවා. එනමුත් නියමිත දිනයේ (අප්‍රේල් මස 1 දා) London Tower වෙත ගිය ලන්ඩන් වැසියනට සිංහයන් නැහැවීමේ උත්සවයක අසිරිය සියැසින් දැක ගැනීමට හැකි වූයේ නෑ.

මීටත් අවුරුදු 158 කට පසු එනම් 1856 වර්ෂයේ අප්‍රේල් මස 1 වැනිදාට පෙර දිනක, සිත්ගන්නාසුලු මුද්‍රිත කඩදාසියක ‘ සිංහයන් නැහැවීමේ වාර්ෂික උත්සවය – ඔබ සැමට ආරාධනා ’ යනුවෙන් සඳහන් ව තිබූ දැන්වීම් කිහිපයක් ජනාකීර්ණ ලන්ඩන් වීදි කිහිපයකම දක්නට ලැබුණා. ලන්ඩන් වැසියන්ගේ විශ්වාසය දිනාගැනීම පිණිස නිල මුද්‍රාවකට සමාන තද රතු පැහැයකින් යුත් ලාකඩ මුද්‍රාවක්ද මෙකී දැන්වීමට පහළින් දැකගත හැකි වූවා.

සිත්ගන්නාසුලු මුද්‍රිත කඩදාසියක ‘ සිංහයන් නැහැවීමේ වාර්ෂික උත්සවය – ඔබ සැමට ආරාධනා ’ යනුවෙන් සඳහන් ව තිබූ දැන්වීම් කිහිපයක් ජනාකීර්ණ ලන්ඩන් වීදි කිහිපයක ම දක්නට ලැබුණා – todayinhistorydotblog.files.wordpress.com

සිංහයන් නැහැවීමේ උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ London Tower ස්ථානයට අප්‍රේල් මස 1 වැනිදා රොඳ බැඳි දහස් සංඛ්‍යාත ලන්ඩන් වැසියන් සිය නිවෙස් වෙත ගමන් ගන්නට වූයේ බලාපොරොත්තු කඩ වූ හැඟීමක් පෙරදැරිව යි. අප්‍රේල් මෝඩයාගේ ප්‍රෝඩාවකට තමන් ගොදුරු වූ බව ඔවුනට පසක් වූයේ මෙයින් අනතුරුව යි.

මින් පසු එළඹි වසරවල ලන්ඩන් නගරයෙන් පිටත වාසය කළ අය ඉලක්ක කොටගෙන ඉහත නාටකය වඩා හොඳින් ක්‍රියාත්මක වූවා. අප්‍රේල් මෝඩයන්ගේ වාර්ෂික දිනය අළලා සංවිධානය කළ හාස්‍යයජනක උත්සවයක් බවටත් මෙය පත් වූවා.

නියමිත දිනයේ (අප්‍රේල් මස 1 දා) London Tower වෙත ගිය ලන්ඩන් වැසියනට සිංහයන් නැහැවීමේ උත්සවයක අසිරිය සියැසින් දැකගැනීමට නොහැකි වූවා – cdn1.matadornetwork.com

අවසානයේ 19 වැනි සියවස මැද භාගය පමණ වන විට සිංහයන් නැහැවීමේ වාර්ෂික උත්සවය උදෙසා ම නිර්මාණය කළ ව්‍යාජ ප්‍රවේශපත්‍ර මුද්‍රණය කොට ජනාකීර්ණ වීදි අසල ඒවා බෙදා හරින ආකාරය සි‍යැසින් දැක ගැනීමේ අවස්ථාවත් බොහෝ ලන්ඩන් වැසියන්ට උදා වුණා.

එක්සත් ජනපද භාණ්ඩාගාරය මංකොල්ල කයි

Berliner Tageblatt නැමති ජර්මානු පුවත්පත සවිස්තරාත්මකව වර්තා කළ ප්‍රවෘත්තියකට බොහෝ දෙනකුගේ අවධානය යොමු වූවා. අදාළ පුවත්පත 1905 වසරේ අප්‍රේල් මස පළමු වැනිදා නිකුත් කළ පුවත්පතක එම සුවිශේෂී සිදුවීම පළ ව තිබුණා. දරුණු මංකොල්ල කණ්ඩායමක් සංවිධානය වී එක්සත් ජනපද ෆෙඩරල් භාණ්ඩාගාරයට යටින් උමඟක් හාරා එහි තිබූ රත්‍රන් සහ රිදී සියල්ල සොරා ගෙන ගොස් ඇති බව එම පුවත වාර්තා කළා.

යුරෝපය සහ එක්සත් ජනපදය පුරාවට මෙකී ප්‍රවෘත්තිය ලැව් ගින්නක් සේ පැතිර යන්නට වූවා. එම පුවත පළ වී තිබුණ දිනය සහ මෙයට පාදක වූ සිදුවීම සාවද්‍යය එකක් වීම හේතුවෙන් සැලකිය යුතු මට්ටමක කැළඹීමක් ජනිත කිරීමට මෙම ප්‍රවෘත්තිය අපොහොසත් වූවා.

දරුණු මංකොල්ල කණ්ඩායමක් සංවිධානය වී එක්සත් ජනපද ෆෙඩරල් භාණ්ඩාගාරයට යටින් උමඟක් හාරා එහි තිබූ රත්‍රන් සහ රිදී සියල්ල සොරා ගෙන ඇති බව Berliner Tageblatt වාර්තා කළා – s.yimg.com

ගස් වලින් නෙළන ස්පැගටි පලදාව

ස්විට්සර්ලන්ත ගොවි පවුලක් ඔවුන් වගා කළ භෝගයක අස්වැන්න නෙළා ගන්නා ආකාරය පිළිබඳ කෙටි වීඩියෝවක් රූපවාහිනියෙන් විකාශය කිරීමට බීබීසී මාධ්‍යය ජාලය පියවර ගෙන තිබුණා. ඒ 1957 වසරේ අප්‍රේල් මස පළමු වැනිදා යි. ගස්වල වැවුණ සිහින් දිගටි ස්පැගටි පලදාව නෙළාගැනීමට කඩිසර ව උත්සුක වන ගොවි පවුලක් එම වීඩියෝවෙන් මනාවට දර්ශනය වූවා. සැලකිය යුතු මට්ටමට සාපේක්ෂ ව මෙම ස්පැගටි බෝගයේ අස්වැන්න සරු වූ බවත්, මෙම භෝගයට ආවේණික පළිබෝධක කුරුමිණියා වඳ ව යාම එයට හේතු වූ බවත් වීඩියෝව නැරඹූ ප්‍රේක්ෂකයන්ට අවබෝධ වූවා.

ගස්වල වැවුණ සිහින් දිගටි ස්පැගටි පලදාව නෙළාගැනීමට කඩිසර ව උත්සුක වන ගොවි පවුල – www.newsweek.com

මෙම කාල වකවානුව වන විට එංගලන්ත ජන සමාජය තුළ ස්පැගටි නමති ආහාරය එතරම් ජනප්‍රියත්වයට පත්ව තිබුණේ නෑ. අද්භූත සම්භවයකින් පැවත එන අහරක් ලෙසත් ඔවුන් මෙය සලකා තිබුණා. මෙම වීඩියෝව රූපවාහිනියෙන් දුටු විගස කලබලයට පත් ප්‍රේක්ෂක ජනතාව, ස්පැගටි භෝගය ගෙවත්තක සිටුවා ගන්නේ කෙසේ දැයි හිත මිතුරන්ගෙන් පවා විමසීමට අමතක නොකළා. සමහර ප්‍රේක්ෂකයන්ට මතුව තිබූ බරපතළ පැනය වූයේ ස්පැගටි භෝගයක් සොයා ගැනීමට පුළුවන්කමක් තිබෙනුයේ කොතනින්දැයි යනුවෙනුයි.

ස්විට්සර්ලන්ත ගොවි පවුලක් ඔවුන් වගා කළ භෝගයක අස්වැන්න නෙළා ගන්නා ආකාරය පිළිබඳ වීඩියෝවක් විකාශය කිරීමට බීබීසී මාධ්‍යය ජාලය පියවර ගෙන තිබුණා – upload.wikimedia.org

ප්‍රණීත තක්කාලි සෝස් බහාලූ ටින් ඇසුරුමක ස්පැගටි පැළයක් වගා කළ විට හොඳ ම දේ බලාපොරොත්තු වීමට හැකි වනු ඇතැයි මෙයට ප්‍රතිචාරීව බීබීසී මාධ්‍ය ජාලය යෝජනා කළා.

ලොච් නෙස් රාක්ෂයාගේ දුර්ලභ ඡායාරූපය

ස්කොට්ලන්ත ජනප්‍රවාදයට අයත් ලොච් නෙස් රාක්ෂයා (Loch Ness Monster) උණුසුම් පුවත් මවා පාන සත්ත්වයකු බවට පත්ව තිබෙනවා. 1972 වසරේදී පුද්ගලයකු ලබා ගත් ඡායාරූපයක දක්නට ලැබුණේ ලොවක් මවිතයට පත් කළ ලොච් නෙස් රාක්ෂයාගේ සිරුර බව එකී සේයාව ඡායාරූප ගත කළ පුද්ගලයා පවසා සිටියා. ලොච් නෙස් රාක්ෂයා ඒ මොහොත වන විට මිය ගොස් සිටින්නට ඇති බව සේයා රුව ලබාගත් තැනැත්තා සිය මිතුරන්ට පහදා දී තිබුණා.

යෝක්ෂයර් හි ෆ්ලෙමින්ගෝ පාර්ක් සත්වෝද්‍යාන සේවකයකු වූ මොහු ස්වභාවික හේතුවක් මත මිය ගිය Bull Elephant Seal සත්ත්වයකුගේ ශරීරයක් අසළ තිබූ වැවකට දමා එම සිරුර ඡායාරූපයට නඟා තිබූ බව හෙතෙම සිය සගයන්ට පසුව පැහැදිලි කරන්නට වූවා.

සත්වෝද්‍යාන සේවකයකු ස්වභාවික හේතුවක් මත මිය ගිය Bull Elephant Seal සත්ත්වයකුගේ ශරීරයක් අසල තිබූ වැවකට දමා එම සිරුර (Loch Ness Monster) ලෙස ඡායාරූපයට නඟා තිබූ බව හෙතෙම සිය සගයන්ට පැහැදිලි කරන්නට වූවා – www.thoughtco.com

මෝඩයාගේ දවස සැමරීමට සිදුකළ ප්‍රායෝගික විහිළුවක වුවත් යෝක්ෂයර් ජන සමාජය තුළ දැඩි කතාබහකට ලක් වූ මාතෘකාවක් බවට මෙකී සිදුවීම පත් වූවා.

බිග් බෙන් ඔරලෝසුව ඩිජිටල් වෙයි

මෝඩයාගේ දවස උත්කර්ෂවත්ව සැමරීමට බ්‍රිතාන්‍යය වැසියන් දැඩි උනන්දුවකින් පසුවනවා. 1980 වසරේ අප්‍රේල් මස පළමු වැනිදා විකාශය වූ බීබීසී විදේශ සේවා වැඩසටහනන් විග්‍රහයකදී ප්‍රකාශ වූයේ ලන්ඩන් අගනගරයේ මනස්කාන්ත සිහිවටනය – බිග් බෙන් ඔරලෝසුව යාවත්කාලීන කිරීමේ සැලසුමක් පවතින බව යි.

1980 වසරේ අප්‍රේල් මස පළමු වැනිදා විකාශය වූ බීබීසී වැඩසටහනන් විග්‍රහයකදී ප්‍රකාශ වූයේ ලන්ඩන් බිග් බෙන් ඔරලෝසුව ඩිජිටල් කිරීමේ සැලසුමක් පවතින බවයි – i.pinimg.com

මෙයට සමගාමීව බිග් බෙන්, ඩිජිටල් ඔරලෝසුවක් බවට පරිවර්තනය වන බවත් එම වැඩසටහන හුවා දැක්වූවා. බලාපොරොත්තු වූ ආකාරයට මෙම විහිළුව සාර්ථක නොවූ අතර සමස්ත බ්‍රිතාන්‍යය වැසියන්ගෙන් සමාව අයැද සිටීමටත් බීබීසී මාධ්‍යය ජාලය පසුව පියවර ගෙන තිබුණා.

ලෙනින්ගේ මෘත දේහය ඩිස්නිලන්තයට ?

1995 වසරේ අප්‍රේල් මස පළමු වැනිදා The Irish Times නමැති පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සුප්‍රකට වෝල්ට් ඩිස්නි සමාගම ව්ලැඩිමීර් ලෙනින්ගේ දේහය මිලදී ගැනීමට රුසියානු රජය සමඟ ගිවිසුමකට එළඹ ඇති බව යි. එලෙස මිලදී ගන්නා ලෙනින්ගේ දේහය මහජන ගෞරවය පිණිස යුරෝ ඩිස්නි උද්‍යාන පරිශ්‍රයේ ප්‍රදර්ශනයට තබන බව ඉහත පුවත්පත වැඩිදුරටත් නිවේදනය කළා.

බොල්ෂෙවික්වාදය සහ සෝවියට් සංගමය බිහිවීමට උරදුන් ඒ අසහාය පුද්ගලයාගේ දේහය දැකබලා ගැනීමට යුරෝ ඩිස්නි උද්‍යානයට පැමිණෙන ලෙසත් ඔවුන් මහජනයාගෙන් ඉල්ලා සිටියා. මෙම සුවිශේෂ අවස්ථාව වෙනුවෙන්ම නිර්මාණය කරන ලද සිහිවටන කමිස ඇතුළත් අලෙවිසලක් පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබෙන බවත් එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කොට තිබුණා.

The Irish Times නමැති පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සුප්‍රකට වෝල්ට් ඩිස්නි සමාගම ව්ලැඩිමීර් ලෙනින්ගේ දේහය මිලදී ගැනීමට රුසියානු රජය සමඟ ගිවිසුමකට එළඹ ඇති බවයි – hoaxipedia.s3.amazonaws.com

ලිබර්ටි ඝන්ඨාරය මිලදී ගත් ටැකෝ බෙල්

සුප්‍රසිද්ධ ක්ෂණික ආහාර සන්නාමයක් වන Taco Bell, 1996 වසරේ අප්‍රේල් මස පළමු වැනිදා ප්‍රධාන පුවත්පතක සම්පූර්ණ පිටුවක් ආවරණය වන පරිදි දැන්වීමක් පළ කළා. එක්සත් ජනපද ඉතිහාසය කදිමට කියාපාන ලිබර්ටි ඝන්ඨාරය (Liberty Bell) තම සමාගම මිලදී ගත් බවත්, මෙයින් පසු එහි නම Taco Liberty Bell වන බවත් එමඟින් දැනුම් දී තිබුණා.

‘ කිසියම් මතභේදයකට තුඩු දෙන කාරණාවක සේ ඉහත සිදුවීම පෙනෙන්නට තිබුණත්, රටේ පවතින වැදගත් සංධිස්ථාන මනාව සංරක්ෂණය කිරීමට අප අනුගමනය කළ මෙකී ක්‍රියාමාර්ගයෙන් හැකියාව ලැබෙනවා. සංචාරක ආකර්ෂණය දිනා ගත් මෙවැනි ස්ථාන නඩත්තුවට රජයට දැරිය යුතු වාර්ෂික වියදම් වෙනත් පලදායි වැඩකට යොමුකිරීමට අවකාශය සලසා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මහා පරිමාණව ක්‍රියාත්මක වන අනෙකුත් සමාගම් අප පියනැඟූ අඩි පාර අනුගමනය කළ විගස ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ සිතා බලන්න. සමස්ත රාජ්‍ය වියදම සැලකිය යුතු පහළ අගයකට ගෙන ඒමට එමගින් හැකියාව ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.’ යනුවෙනුත් එකී දැන්වීම හුවා දැක්වූවා.

එක්සත් ජනපද ඉතිහාසය කදිමට කියාපාන ලිබර්ටි ඝන්ඨාරය (Liberty Bell) තම සමාගම මිලදී ගත් බවත්, මෙයින් පසු එහි නම Taco Liberty Bell බවත් එමඟින් දැනුම්දී තිබුණා – www.cbsnews.com

මෙම දැන්වීම මුල සිට අගට කියවූ බොහෝ දෙනා Taco Bell මූලස්ථානයට දුරකථන ඇමතුම් ලබා දෙන්නට වූවා. Taco Bell මූලස්ථානයට අයත් දුරකතන ජාලා කිහිපයක් මෙම සිදුවීමෙන් පසු අතිශය කාර්යයබහුල තත්ත්වයට පරිවර්තනය වූවා. Liberty Bell සිදුවීම පදනම් විරහිත අමූලික බොරුවක් බවත්, මෝඩයාගේ දිනය නිමිත්තෙන් එවැනි දැන්වීමක් තම සමාගම පළ කළ බවත් දුරකථන ඇමතුම් ලබා දුන් සුවහසක් ජනතාවට ටැකෝ බෙල් සමාගම දැනුම් දී තිබුණා.

වමත හුරු අයට The Left-handed Whopper

ලොව ප්‍රකට Burger King සමාගම USA Today නමැති පුවත්පතක සම්පූර්ණ පිටුවක් ආවරණය වන පරිදි ප්‍රචාරණ ව්‍යාපාරයක් සිදු කළා. වමත හුරු අමෙරිකානුවන් උදෙසා විශේෂයන් ම නිර්මාණය කළ නව තම බර්ගරයක රූප සටහනක් එමඟින් නිරූපණය වූවා. The Left-handed Whopper යන නාමයෙන් මෙම ආහාරය හඳුන්වා දී තිබුණා.

‘ වාමාවර්ත ක්‍රමයට අනුභව කළ හැකි බර්ගරය සමන්විත වන්නේ සලාද කොළ, තක්කාලි, චීස්, මස් ඇතුළු අනෙකුත් ටොපිංස් (Toppings) සියල්ල වමත දිශාවට පමණක් නැඹුරු වන සේ පිළියෙළ කොට තිබෙනවා. අප අනුගමනය කළ මෙකී ක්‍රියාමාර්ගය බර්ගරයේ අන්තර්ගත අනෙකුත් ටොපිංස් ප්‍රමාණය දකුණතට චලනය වීම සහමුලින්ම අවම වන බවත් කිව යුතුයි.’

ලොව ප්‍රකට Burger King සමාගම USA Today නැමති පුවත්පතක සම්පූර්ණ පිටුවක් ආවරණය වන පරිදි නවතම බර්ගරයක ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කළා – www.creativemoment.co

එම දැන්වීම නෙත ගැටුණ දහස් සංඛ්‍යාත පාරිභෝගික ජනතාව Burger King අවන්හල් වෙත ඇදී ගොස් Left-handed Whopper බර්ගරය ඇණවුම් කිරීමට උනන්දු වූවා. මෙයට සමගාමී ව දකුණත හුරු පාරිභෝගිකයින් Right-handed Whopper ඉල්ලා සිටීමටත් උත්සුක වූවා.

ටෙලිපති ක්‍රමයෙන් වැඩ පෙන්වන Google

සුප්‍රසිද්ධ ගූගල් සමාගම මෝඩයාගේ දිනයට සමගාමීව තම ප්‍රථම විහිළුව 2000 වසරේ අප්‍රේල් මස පළමු වැනිදා සිය පරිශීලකයන්ට තිළිණ කළා. ගූගල් වෙබ් අඩවියට පිවිසෙන දහස් සංඛ්‍යාත පරිශීලකයන්ට ටෙලිපති ක්‍රමය භාවිතයෙන් කිසියම් හෝ තොරතුරක් සොයාගැනීමේ හැකියාව පවතින බව මෙකී විහිළුව තුළ සඳහන් වූවා.

මේ සඳහා භාවිත කළ තාක්ෂණය “ MentalPlex ” බව ගූගල් සමාගම සිය පරිශීලකයන්ට දැනුම් දී තිබුණා. එයට පරිගණක යතුරුපුවරුව ( Keyboard ) භාවිත කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් පැන නොනඟින බව ගූගල් සමාගම වැඩිදුරටත් පවසා සිටියා. MentalPlex යෙදවුම පරිශීලනය කිරීමට අදාළ උපදෙස් කිහිපයක් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධියට පත් කිරීමටත් එම සමාගම අමතක නොකළා.

ගූගල් වෙබ් අඩවියට පිවිසෙන දහස් සංඛ්‍යාත පරිශීකලයන්ට ටෙලිපති ක්‍රමය භාවිතයෙන් කිසියම් හෝ තොරතුරක් සොයා ගැනීමේ හැකියාව පවතින එම සමාගම දැනුම්දී තිබුණා – www.gizmochina.com

MentalPlex භාවිතයට උපදෙස් -:

  1. ඔබ හිස් වැසුමක් පැළඳගෙන සිටී නම් එය පසෙකින් තබන්න. ඔබ ඇස් කණ්නාඩි පළඳින අයකු වේ නම් එයත් ඉවත් කොට පසෙකින් තබා ගන්න.
  2. ඉන්පසු MentalPlex වෘත්තය දෙස මද වේලාවක් බලා සිටින්න. ඔබගේ හිස චලනය නොවීමට මෙහිදී වග බලා ගත යුතු යි.
  3. සෙවුම් යන්ත්‍රය භාවිතයෙන් යම් දෙයක් පිරික්සීමට ඔබට අවැසි නම්, එයට අදාළ රූප සටහන චිත්ත බලයෙන් උපකල්පනය කිරීමට උනන්දු වන්න.
  4. මානසික උපකල්පනය අහවර වූවාට පසු ඔබගේ පරිඝණක මූසිකය MentalPlex කවය වෙත රැගෙන යන්න. ඉන්පසු එකී වෘත්තය මත Double Click කරන්න.

බලන්න කෙතරම් සරල ද කියා. ඔබගේ සිතැඟියාව ඉටු වූවා නේද?

ගූගල් සමාගමේ නවතම නිෂ්පාදනය – Google Gulp

මෝඩයාගේ දිනය අර්ථාන්විතව සැමරීමට ගූගල් සමාගම හැකි සෑම උත්සහයක්ම ගෙන තිබෙනවා. දේශීය වෙළඳපලට නව පානයක් හඳුන්වා දීමේ සැලසුමක් තම සමාගමට පවතින බව ගූගල් ආයතනය 2005 වසරේ අප්‍රේල් මස පළමු වැනි දිනක පවසා සිටියා. මෙම පානයට Google Gulp යන නාමය ලබා දී තිබුණා.

දේශීය වෙළඳපලට Google Gulp යන පානය හඳුන්වා දීමේ සැලසුමක් තම සමාගමට පවතින බව ගූගල් ආයතනය 2005 වසරේ අප්‍රේල් මස පළමු වැනි දිනක පවසා සිටියා – assets.entrepreneur.com

‘ Google Gulp ’ පානය කිරීමෙන් ඔබගේ ශරීරය උපරිම ප්‍රශස්තකරණ මට්ටමකට ළඟා වන බවක් හැඟී යාමට පටන් ගන්නවා. අවම කාබෝහයිඩ්රේට් ප්‍රතිශතයකින් සමන්විත මෙම පානය රසවිඳීමට ඔබත් අදම උත්සුක වන්න. ’ යනුවෙනුත් එකී දැන්වීම හුවා දැක්වූවා.

ගූගල් සමාගම හඳුන්වා දෙන ක්‍රීඩාව – Pokémon Go

2014 වසරේ අප්‍රේල් මස පළමු වැනි දා ගූගල් සමාගම නිවේදනයක් අනුසාරයෙන් පවසා සිටියේ Google Maps යෙදවුම භාවිත කරමින් Pokémon නමැති ක්‍රීඩාවේ නියැළීමට අන්තර්ජාල පරිශීලකයන්ට අවකාශය උදා වී ඇති බව යි. නොයෙකුත් හැකියාවන්ගෙන් සමන්විත ජීවී කාණ්ඩ කිහිපයක් සැබෑ ලෝකයේ විවිධ ගොඩනැඟිලි සහ මංමාවත් ආශ්‍රිතව සැඟව සිටින බවත්, Google Maps භාවිතයෙන් ඔවුන් සිටින ස්ථානය සොයාගෙන ඉන්පසු මොවුන් අල්ලා ගැනීම මෙම ක්‍රීඩාවේ මූලික අරමුණ බව ගූගල් සමාගම පවසා තිබුණා. තම ග්‍රහණයට නතු කර ගැනීමට නියම වන ජීවීන්ගේ රූප සටහන් ක්‍රීඩකයන්ගේ ජංගම දුරකථන තිරය මත නිරූපණය වන බවත් ගූගල් සමාඟම පෙන්වා දුන්නා.

2014 වසරේ අප්‍රේල් මස පළමු වැනි දා ගූගල් සමාඟම නිවේදනයක් අනුසාරයෙන් පවසා සිටියේ Google Maps යෙදවුම භාවිත කරමින් Pokémon නැමති ක්‍රීඩාවේ නියැළීමට අන්තර්ජාල පරිශීලකයන්ට අවකාශය උදා වී ඇති බව යි – i.insider.com

වැඩි ම ජීවීන් පිරිසක් ග්‍රහණය කර ගන්නා පුද්ගලයාට ගූගල් සමාගමේ Pokémon පුහුණුකරුවකු ලෙස රැකියාවක් ලබා දෙන බවත් මෙම විහිළුව වැඩිදුරටත් පෙන්වා දුන්නා. ගූගල් සමාගම සිදු කළ හාස්‍යජනක විහිළුවක වුවත් මෙම අදහස සැබෑවක් බවට පත් කිරීමට ‘ Niantic Labs ’ හි සේවය කළ මෘදුකාංග ඉංජිනේරුවන් පිරිසක් සමත් වූවා. Pokémon Go නැමති ක්‍රීඩාව බිහි වූයේ මෙලෙසිනුයි.

වැඩි ම ජීවීන් පිරිසක් ග්‍රහණයට කර ගන්නා පුද්ගලයාට ගූගල් සමාඟමේ Pokémon පුහුණුකරුවකු ලෙස රැකියාවක් ලබා දෙන බවත් මෙම විහිළුව වැඩිදුරටත් පෙන්වා දුන්නා – www.sunnyskyz.com

නිරුවත් සතුන්ගේ ඡායාරූප ගැනීම ප්‍රතික්ෂේප කළ නැෂනල් ජියෝග්‍රැෆික්

නැෂනල් ජියෝග්‍රැෆික් ආයතනය ද මෝඩයාගේ දිනය සැමරීමට අරුම පුදුම විහිළුවක් බැරෑරුම් ආකාරයකට හුවා දක්වන්නට වූවා. 2016 වසරේ මෝඩයන්ගේ දිනයට සමගාමී ව මෙකී විහිළුව සිදු කිරීමටත් ඔවුන් ඒකමතිකව තීරණය කළා. සාමාන්‍ය වන සතුන්ගේ සහ නිවෙස්වල සුරතලයට ඇති කරන සත්ත්වයන් නිරුවතින් ඡායාරූපගත නොකරන බවත්, මෙකී ක්‍රියාදාමය සමාජ විරෝධී ක්‍රියාවක් බවත්, එමඟින් ඔවුන්ගේ ආත්මාභිමානය බෙලහීන වන බවත් නැෂනල් ජියෝග්‍රැෆික් ආයතනය පවසා සිටියා.

සාමාන්‍ය වන සතුන්ගේ සහ නිවෙස්වල සුරතලයට ඇති කරන සත්ත්වයන් නිරුවතින් ඡායාරූපගත නොකරන බව නැෂනල් ජියෝග්‍රැෆික් ආයතනය පවසා සිටියා – wwd.com

මෙම පණිවිඩය දැනුම් දීමට ඔවුන් භාවිත කළ සමාජ මාධ්‍යය මෙවලම වූයේ නැෂනල් ජියෝග්‍රැෆික් ට්විටර් ගිණුමයි. මෙකී පණිවිඩය සමාජ මාධ්‍යයෙන් දුටු දහස් සංඛ්‍යාත පරිශීලකයන් සැබැවින්ම පුදුමයට පත් වූවා. නැෂනල් ජියෝග්‍රැෆික් සමාගම ලොවක් මවිතයට පත් කළ ආයතනයක් බවට පත් වූයේ ද මෙයින් අනතුරුව යි.

මෙය දුටු අනෙකුත් අන්තර්ජාල පරිශීලකයන් වැඩි විස්තර දැනගැනීම පිණිස නැෂනල් ජියෝග්‍රැෆික් වෙබ් අඩවියට පිවිසෙන්නට වූවා. අලංකාර ඇඳුම් ආයිත්තමෙන් සැරසී සිටි බලු පැටවුන් සහ බළල් පැටවුන්ගේ ඡායාරූප කිහිපයක් දැකගැනීමේ අවකාශය එමඟින් ඔවුනට හිමි වූවා.

අලංකාර ඇඳුම් ආයිත්තමෙන් සැරසී සිටි බලු පැටවුන් සහ බළල් පැටවුන්ගේ ඡායාරූප කිහිපයක් දැකගැනීමේ අවකාශය නැෂනල් ජියෝග්‍රැෆික් වෙබ් අඩවිය මඟින් හිමි වූවා – cdn.theatlantic.com

කවරයේ ඡායාරූපය: සෑම වසරකම අප්‍රේල් පළමු වැනිදාට යෙදෙන මෝඩයන්ගේ දිනය අර්ථාන්විතව සැමරීමට ලොව පුරා වෙසන සුවහසක් ජනයා මහත් උද්යෝගයකින් පසුවනවා - findmotivation.org
මූලාශ්‍ර :
edition.cnn.com
www.nationalgeographic.com
www.history.com
www.cbsnews.com
hoaxes.org

Related Articles