
බොබ් ඩිලන් (Bob Dylan) ගැන ඔබට විවිධ අයුරින් හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකාරයෙක් කිව්වොත් ඒක වඩා නිවැරදියි. කවියෙක්, ගීත රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක් වගේම චිත්‍ර ශිල්පියකු ලෙසටත් ඔහු මෙලොවට දායාද කළ දේ බොහෝයි. බොබ් වෙනුවෙන් නොබෙල් සාහිත්‍ය සම්මානය පුද දෙද්දී ඒ වෙනුවෙන් කියැවුණු හේතු පාඨය සරලව ගත්තොත් ඉන් කියැවුණේ ඔහු විසින් මෙලොවට හඳුන්වා දුන් ගීතයේ නව කාව්‍යමය භාව ප්‍රකාශනයේ විශිෂ්ටත්වයයි.

wallpapercave.com
ඇමරිකාව ප්‍රමුඛව ලෝකයේ ජනප්‍රිය සංස්කෘතිය තුළ බොබ් දශක පහක් තිස්සේ සිය ප්‍රතිභාවය විදහා පාන්නට සමත් වුනේ සංගීතය තුළ සදා නොමැකෙන සලකුණක් තබමින්.1960 දශකය ඔහුගේ දිවියේ ස්වර්ණමය දශකයක් ලෙස සැලකෙන්නේ ඒ වකවානුවේදී ඔහු නිර්මාණය කළ ගීත වල තිබුණු අනන්‍ය භාව ප්‍රකාශන ලක්ෂණ නිසා බව ප්‍රකට කරුණක්. ‘Blowin’ in the Wind’, ‘The Times They Are A-Changin’ වගේ ගීත වලින් යුද විරෝධීභාවය වගේම මානවත්වයේ අයිතීන් ගැනත් අපූරු විවරණ සිදු කෙරුණා.
මේ හේතුවෙන් බොබ් එවකට හැඳින්වුණේ ‘වත්මන් පරම්පරාවේ ගායකයා’ ලෙසිනුයි. එමෙන්ම ‘Blowin’ in the Wind’ , ‘The Times They Are A-Changin’ යන ගීත එවක පැවති සිවිල් අයිතිවාසිකම් දිනා ගැනීමේ සහ යුධ විරෝධී අරගලයන්ගේ තේමා ගීත ලෙස සැලකුනේ එමගින් විදහා පෑ ගැඹුරු විරෝධාකල්පනික අදහස් හේතුවෙනුයි.

ultimateclassicrock.com
ඇමරිකානු ජන සංගීතය සමග මුසුවුණු ‘Like a Rolling Stone’ ඔහුව ජනප්‍රිය සංස්කෘතියේ ඉහළම ස්ථානයකට රැගෙන යාමට සමත් වුනා. ගැමි සංගීතය, ජන සංගීතය වගේම රොක් ඇන්ඩ් රෝල් සහ ජෑස් සංගීතයටත් ඔහු එක වගේ සමත්කම් දැක්වුවේ අපුරුතම ප්‍රතිභාවක් ප්‍රකට කරමින්. සමාජ, දේශපාලනික, දාර්ශනික අර්ථ රැගත් බොබ් ගේ ගීත බොහෝ දෙනෙකුගේ සිත් බැඳ ගත්තේ ඒවායේ අඩංගු වූ නිර්මාණශිලිත්වය සහ ගැඹුරු බව හේතුවෙනුයි. එසේම ඔහු වෙනත් බටහිර සංගීත ක්‍රම ශිල්පයන් මෙන්ම ඇමෙරිකානු ජන සංගීතයද මනාව හැදෑරුවකු වීම විශේෂත්වයක්.
ගීත රචනය, ගායනය සේම සංගීත නිර්මාණයත් බොබ්ගේ ආත්මයෙන්ම පැමිණි හැකියාවන් බව ඔහුම පවසනවා. සප්ත ස්වරයේ කිරුළු පැලඳු ඔහු සප්ත වර්ණයේත් විශිෂ්ටයෙක් වීමත් සුවිශේෂී කරුණක්. ඔහු මේ වන විට තමා නිර්මාණය කළ සිතුවම් සහිත පොත් හතක්ම ප්‍රකාශයට පත් කර තිබීම ඊට එක් සාධකයක් පමණයි. ඒ වගේම ඔහු ලෝකයේ ප්‍රධානතම කලාගාර බොහොමයක සිය සිතුවම් ප්‍රදර්ශන පවත්වා තිබෙනවා.

wallpapercave.com
ජනප්‍රිය සංගීතයේ සලකුණක් වූ නිසාම බොබ් ගේ සංගීත ඇල්බම් ද උණු කැවුම් වගේ විකිණුනා.මේ වන විට ඔහුගේ ගීත ඇල්බම් මිලියන 100 කට වඩා අලෙවි වී ඇති බව පැවසෙනවා.
1941 වසරේ ඇමරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේදී රොබර්ට් ඇලන් යන නමින් උපත ලබා පසුව බොබ් යන නාමය ආරූඪ කරගත් මේ විශිෂ්ට කලාකරුවා මේ වන විට දිනා ගත හැකි සියලුම ආකාරයේ සම්මානයන් වලින් පිදුම් ලබා තිබෙනවා. ඒ අතරට ග්‍රැමි සම්මාන 11 ක් ද අයත්. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන, ඇකඩමි සම්මාන මෙන්ම පුලිට්සාර් සම්මානයද ඔහුගේ සම්මාන ලැයිස්තුවට ඇතුලත්.
මිනසොටාවේ දුගී පවුලක උපත ලැබූ බොබ් සිය උත්සාහයෙන්ම කලා ලොවේ හිනි පෙත්තටම නැගී විශිෂ්ටයෙක්. කලක් ලොව කාර්යබහුලම ගායකයකු වූ බොබ් වසරෙන් දින 100 කම සංගීත ප්‍රසංග පවත්වමින් ලොව වටා සංචාරය කිරීමට යොමුව සිටි බවත් ප්‍රකට කරුණක්. සුප්‍රකට රෝලින් ස්ටෝන් සගරාව විසින් 2105 වසරේදී එදා මෙදා තුර ලොව බිහිවූ හොදම ගී පද රචකයන් 100 දෙනා නම් කළ අවස්ථාවේදී එහි අංක 1 ස්ථානය හිමි වූයේ බොබ් වෙතටයි. එසේම ඔහු නිර්මාණය කළ ‘Like a Rolling Stone’ ලොව බිහිවූ විශිෂ්ටතම ගීතය ලෙසත් 2011 වසරේදී පැවති මත විමසුමකදී තෝරා ගැනුණා.

wall.alphacoders.com
ඔහුගේ ගීත වල ඇති සාර්ථකත්වය නිසාම බොබ් සංගීත ඇල්බම හරහා වැඩිම අදායමක් ඉපයූ ගායකයන් අතර ප්‍රමුඛ ස්ථානයකට පත්ව සිටිනවා. ඒ නිසාම ලොව ධනවත්ම කලාකරුවකු ලෙස සැලකෙන බොබ් ට හිමි දේපල විශාල ගණනක් ලොව පුරා පවතින නමුත් ඔහු වඩාත්ම කැමැත්තක් දක්වන්නේ මාලිබු වල පිහිටි සුවිසල් සුන්දර නිවසේ කල් ගෙවීමටයි. දෙවරක් විවාහ වී ඒවායින් වෙන්වූ බොබ් සොඳුරු ආදරවන්තයකු ලෙසටත් හැඳින්වෙනවා. බොබ්ගේ ගීත බොහොමයකට ඔහුගේ දිවියේ අත්දැකීම් පදනම් වීමත් විශේෂත්වයක්.
විසිවැනි සියවසේදී ලොව බිහිවූ විශිෂ්ටතමයන් අතර ඔහුට සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර එය හොඳින්ම තහවුරු වුනේ සුප්‍රකට TIME සඟරාව විසින් ඔහු පසුගිය සියවසේදී ලොව බිහිවූ විශිෂ්ටතම පුද්ගලයන් 100 දෙනා අතරට නම් කිරීමද හේතුවෙනුයි. ‘ඇමෙරිකානු සංගීත ඉතිහාසයේ ඔහුට වඩා කිසිම දැවැන්තයෙක් නැහැ’ යනුවෙන් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා වරක් පැවසූ වදනම බොබ් යනු කවරෙක්දැයි යන්නට හොඳම සාක්ෂියක්.

www.rollingstone.com
එසේම සුප්‍රකට Rolling Stone සඟරාව විසින් බොබ් එතෙක් මෙතෙක් ලොව බිහිවූ හොඳම ගීත රචකයන් සිය දෙනා අතර පළමු ස්ථානයට තේරූ අතර ඔහු විසින් නිර්මාණය කළ ‘Like a Rolling Stone’ ගීතය ලොව බිහිවූ විශිෂ්ටතම ගීතය ලෙසටත් නම් කෙරුණා.
COVER- www.wallpaperawesome.com
මූලාශ්‍ර