Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ තැටිගත කළ වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කළ ගීත කෝකිලාවිය, ලතා මන්ගේෂ්කාර්

ලතා මන්ගේෂ්කාර් නමැති ගීත කෝකිලාවිය උපත ලැබුවේ 1929 සැප්තැම්බර් මස 28 වන දින ඉන්දියාවේ Indore ප්‍රදේශයහි ය. ඇයගේ පියා දිනනාත් මන්ගේෂ්කාර් වූ අතර මව වුයේ ශෙවන්ති මන්ගේෂ්කාර් ය​. ගායිකාවක්, සංගීත අධ්‍යක්ෂකවරියක් හා සිනමා නිෂ්පාදිකාවක් ලෙස විවිධ කලා කටයුතු වල නිරත වූ ඇයට ඉන්දියාවේ ගීත කෝකිලාවිය යන විරුදාවලිය පවා ලැබුණි. එවන් ශ්‍රේෂ්ට   ගායිකාවක් වූ ලතා මන්ගේෂ්කාර් පිලිබඳ ඔබව දැනුවත් කිරීමට මෙම ලිපිය මගින් අප බලාපොරොත්තු වේ.

ළමා කාලය

beaninspirer.com

සහෝදර සහෝදරියන් පස් දෙනෙකු අතරින් වැඩිමල් දරුවා වූ ලතා මන්ගේෂ්කාර්ට​ උපතේදී නම් තබන ලද්දේ හේමා ලෙසයි. පසුව ඇයගේ පියා විසින් එය ලතා ලෙස වෙනස් කරන ලදී. ලතා ඇතුළු අනෙකුත් සහෝදර සහෝදරියන් ප්‍රථමයෙන් සංගීතය ඉගෙන ගත්තේ තම පියාගෙනි. දිනනාත් මන්ගේෂ්කාර් මහතා වේදිකා නළුවෙකු වූ අතර කීර්තිමත් ශාස්ත්‍රීය​ ගායකයෙකු ද විය. මේ හේතුවෙන් ලතා මන්ගේෂ්කාර් හට වයස අවුරුදු පහේ සිට ගායනයට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබුණි.

ලතා මන්ගේෂ්කාර්ට ක්‍රමවත් අධ්‍යාපනයක් ලැබීමට නොහැකි වුයේ ඇය පාසල් නොයෑම නිසයි. ඇගේ පියා මියයන විට ඇයට වයස අවුරුදු 13කි. ඇය පවුලේ වැඩිමල් දරුවා වූ නිසා පියාගේ මරණයෙන් පසු පවුලේ බර කරට ගැනීමට සිදු විය.

ගායන ජීවිතය

india.com

ලතා මන්ගේෂ්කාර්ට​ උපතින් තිලිණ වූ කටහඬ නිසා ඇයගේ ගායන ජීවිතය අමරණීයත්වයට පත් කිරීමට ඇයට හැකි විය. 1940 සිට 1980 කාලය දක්වාම වඩාත් සාර්ථක වූ අසමසම ගායිකාවක් ලෙස ඇය හැඳින්වීමට හැක. විජයන්ති මාලාගේ සිට ප්‍රීති සින්ටා දක්වා බොලිවුඩයේ නිළියන් වෙනුවෙන් හඬ එක් කිරීමට ලතා මන්ගේෂ්කාර් සමත් විය. ඇයගේ ගී ලොව වටා ජනප්‍රිය වීමට එක් හේතුවක් වුයේ ඇය සතු වූ තියුණු හා මියුරු කටහඬයි.

ලතා මන්ගේෂ්කාර් ඇයගේ සංගීත ජීවිතය ආරම්භ කරන්නේ 1942 වසරේදීය. ඔවුන්ගේ පවුලේ මිතුරෙකු වූ Vinayak Damodar නමැති පුද්ගලයෙක් නිලියක් ලෙසින් රැකියාවට පිවිසීම සඳහා ලතා මන්ගේෂ්කාර්ට​ උපකාර කරන ලදී. රැකියාවට පිවිසි මුල් කාලයේ ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවූ මැයට ක්ශේත්‍රය තුළ පදනම  සකසා ගැනීමට මහත් වෙහෙසක් දරන්නට සිදු විය.

ගායිකාවක් ලෙස ඇයගේ මුල්ම ගීතය වුයේ “Kiti Hasaal” නමැති චිත්‍රපටයට ගයනා කළ “ Naachu yaa Grade” නමැති ගීතයයි. නමුත් මෙම චිත්‍රපටය තිරගත වීමට ප්‍රථම එම ගීතය චිත්‍රපටයෙන් ඉවත් කරන ලදී. 1943 වසරේදී ඇයගේ ප්‍රථම හින්දි ගීතය ගයනා කරන ලද්දේ “Gajaabhaau” නමැති චිත්‍ර පටයටයි. 1945 වසෙර්දී ලතා මන්ගේෂ්කාර්, විනයක් (Vinayak) ගුරුතුමා සමඟ මුම්බායි වලට පිටත් විය. පසුව ඇය එහිදී අමනාත් අලිගෙන් භාරතීය ශාස්ත්‍රීය සංගීතය හැදෑරීමට පටන් ගන්නා ලදි. 1948 වසරේදී විනයක් ගුරුතුමාගේ මරණය සිදුවිය. එය අලුතින් ආරම්භ කළ ලතා මන්ගේෂ්කාර්ගේ සංගීත ජීවිතයට හිඩැසක් එක් කිරීමක් විය. ප්‍රථමයෙන් ජනප්‍රියත්වට පත් වු ඇයගේ ගීය වුයේ “ Ayega Anewala” නම් වූ ගීයයි. එය 1949 වසරේදී “ මහල් (Mahal)” නැමති චිත්‍රපටය සඳහා ගායනා කරන ලදි.

easterneye.eu

1950 පමණ වන විට ලතා මන්ගේෂ්කාර් තම ජීවිතයේ සාර්ථකත්වයට ළඟා වෙමින් සිටින ලදී. ඊට හේතු වුයේ ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂකවරුන් වන අනිල් බිස්වාස්, ශංකර්, වැනි අය නිර්මාණය කළ ගීත ගායනයට ඇයට අවස්ථාව උදාවීමයි. 1960 ගණන් වලදී ඇය ගයනා කල “Pyar Kiya to Darna Kya” ගීතය ජනතාව අතර බොහෝ සේ ජනප්‍රිය විය. 1963 දී ඇය ජවහල්ලාල් නේරු තුමන් ඉදිරියේ “ Aye Mere Watan” නමැති දේශප්‍රේමී ගීතය ගයනා කරන ලදී. මෙයින් සංව්දී වූ නේරු තුමන්ගේ ඇස් වලින් කඳුළු වැටෙන්නට විය.

සංගීත අධ්‍යක්ෂණයන්

thereel.scroll.in

ලතා මන්ගේෂ්කාර් චිත්‍රපට ගණනාවක සංගීත අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරන ලදි. ඉන් පළමුවැන්න වුයේ 1955 නිපද වූ “රාම් රාම්” චිත්‍රපටය යි. ඇය සංගීත අධ්‍යක්ෂණය සැපයූ තවත් චිත්‍රපට කීපයක් ලෙස

  • Maratha Tituka Melvava
  • Mohityanchi Manjula
  • Sadhi Manase
  • Tambadi Mati දැක්විය හැක.

Sadhi Manase චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් මහාරාෂ්ට ප්‍රාන්ත රාජ්‍යයේ හොඳම සංගීත අධ්‍යක්ෂක නමැති සම්මානය දිනා ගැනීමට ලතා මන්ගේෂ්කාර්ට හැකි විය.

ලතා මන්ගේෂ්කාර් චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසද කටයුතු කරන ලදි. ඇය විසින් නිෂ්පාදනය කළ චිත්‍රපට ලෙස

  • වාදල් – 1953
  • ජහාන්ජ්හර් – 1953
  • කාන්චන් – 1955
  • ලේකින් – 1990 දැක්විය හැක.

ලබා ඇති සම්මාන

bbc.co.uk

ඉන්දියාවේ ගීත කෝකිලාවිය වූ ලතා මන්ගේෂ්කාර් ලෝකය පුරා ගෞරවාදරයට පත් වූ ගායිකාවකි. ඇය සංගීතයට කළ සේවාව නිසාම විවිධ වූ සම්මාන හා ගෞරව නාම රාශියකින් පිදුම් ලැබීය. ඉන් කීපයක් පහත දැක්වේ.

  • 1969 වසරේදී පද්ම භූෂන් සම්මානය
  • 1989 වසරේදී දදසහෙබ් ඵල්කේ(Dadasaheb Phalke) සම්මානය
  • 1997 වසරේදී මහාරාෂ්ට්‍ර භූෂන් සම්මානය
  • 1999 වසරේදී පද්ම විභුෂන් සම්මානය
  • 2001 වසරේදී භාරත් රත්න සම්මානය. මෙය ඉන්දියාවේ සිවිල් ජනයාට පිදෙන ඉහළම සම්මානයයි.
  • 1972, 1974 හා 1990 වසර වලදී ජාතික චිත්‍රපට සම්මානය

පුද්ගලික ජීවිතය

ලතා මන්ගේෂ්කාර් විවාහ දිවියට එළඹ නොවූ කාන්තාවකි. ඇයගේ පුද්ගලික ජීවිතය පිළිබඳව අනාවරණයන් කිරීමටද ඇය කැමැත්තක් දක්වා නොමැති අතර එය අන් අයට රහසක් ලෙස පවතී. පවුලේ වැඩිමල් දරුවා ලෙස ඇය නිරන්තරයෙන් තම සහෝදර සහෝදරියන් සමඟ සමීප සබඳතා පවත්වා ඇත. ලතා මන්ගේෂ්කාර් කැමැත්තක් දැක් වූ කටයුතු අතර අහාර පිසීම, පොත් කියවීම, ජායාරූපකරණය දැක්විය හැක. මීට අමතරව ඇය ක්‍රිකට් ක්‍රීඩාව සඳහාද ඇල්මක් දක්වන ලදී. එමෙන්ම ඇය මස් මාංශ අනුභාවයෙන් වැළකුණු කාන්තාවකි.

කවරයේ පින්තුරය – infoaedia.com

Related Articles