Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මැඩ්රාස් හි මොසාර්ට් – ඒ. ආර්. රහමන්

‘මැඩ්රාස් හි මොසාර්ට්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ඒ. ආර්. රහමන් විශිෂ්ට ගණයේ සංගීතඥයෙකි. ඔහුගේ මුල් නම වන්නේ, ඒ.එස්. දිලීප් කුමාර් යන්නයි. කෙසේ නමුත් ඉස්ලාම් ආගම ඇදහීමට පටන් ගත් පසු අල්ලාහ් රඛ්හා රහමන් හෙවත් ඒ.ආර්. රහමන් යන නාමය යොදා ගනු ලැබුවා. රසිකයන් ඔහුව විවිධ නම්වලින් හඳුන්වන අතර “මැඩ්රාස් හි මොසාර්ට්” (මදුරාසියේ මොසාර්ට්) යන්න ඉන් ප්‍රචලිත එක් නමක් වනවා.

උපත හා අධ්‍යාපන පසුබිම

ළමා කාලය (wikiwand.com)

ඒ. ආර්. රහමන් උපත ලබනු ලැබුවේ වර්ෂ 1967 ජනවාරි මස 06 වන දින මැඩ්රාස් හි දීය. පියා ආර්.කේ. සේඛර් නම් වූ විශිෂ්ට දමිළ සංගීතඥයෙකි. වයස අවුරුදු හතරේදී පමණ රහමන් පියානෝ වාදනය කිරීමට ඉගන ගත් අතර, රහමන්ට වයස අවුරුදු නවයේදී පමණ සිය පියා මියයනු ලබනවා. වයස අවුරුදු 11 දී පමණ මොහු වෘත්තීමය වශයෙන් පියානෝ වාදනය කොට සිය පවුලට උදව් උපකාර කරනු ලැබුවා. මොහුගේ වෘත්තීමය අත්දැකීම් හේතුවෙන් ලන්ඩන් හි ත්‍රිත්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබුණු අතර, එහි දී බටහිර සම්භාව්‍ය​ සංගීතය පිලිබඳ උපාධියක් ලබා ගනු ලැබුවා.

1989 දී මොහුගේ පවුල ඉස්ලාම් ආගම ඇදහීම ආරම්භ කරනු ලැබුවා. මේ සඳහා හේතු පාදක වූයේ සිය සහෝදරිය දැඩි අසනීප තත්ත්වයෙන් පෙලීම නිසා එයින් සුවය අපේක්ෂාවයි. මේත් සමඟම අල්ලා රඛ්හා රහමන් යන නාමය යොදා ගනු ලැබුවා.

සංගීත දිවිය

සම්මාන දිනා ගැනීමෙන් අනතුරුව (sbs.com.au)

ඒ.ආර්. රහමන් සංගීත කණ්ඩායම් සමඟ වැඩ කටයුතු සිදු කරනු ලැබූ අතර වර්ෂ 1991 දී කෝපි වෙළෙඳ දැන්වීමකට සම්මානයක් ලබා ගැනීමට උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ දී බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක මනි රත්නම් හමු වුණා. මොවුන්ගේ පළමු ව්‍යාපෘතිය වූයේ 1992 රෝජා චිත්‍රපටියයි. රහමන්ගේ නාද පථය ප්‍රසිද්ධියට පත් වූ පළමු අවස්ථාව වන්නේ මෙයයි. අනතුරුව 2001 වසරේ ලගාන් සිනමා පටය සඳහා සංගීතයෙන් දායකත්වය ලබා දෙනු ලැබුවා. රෝජා සිනමා පටයේ සංගීතය සඳහා ඒ.ආර්. රහමන් National Film Awards මඟින් පිදුම් ලබනු ලැබුවා. පළමුවර චිත්‍රපටයකට​ සංගීත සපයන ලද සංගීතඥයකු මෙම සම්මානය මීට පෙර ලබා ගෙන නොතිබීම ද විශේෂත්වයකි. රහමන්ගේ ඇල්බම් මිලියන 100 කට අධික ප්‍රමාණයක් අලෙවි වුණා.

time8.in

බ්‍රිතාන්‍ය රචකයෙකු වූ Andrew Lloyd Webber රහමන්ගේ නාද පථය අසා රහමන් කැමැත්තක් දක්වන්නේ නම්, වේදිකා සංගීතය සඳහා සංගීත රචනා කරන ලෙස කියා සිටියා. මේ අතරවාරයේ Don Black සමඟ වැඩ කටයුතු කරමින් Bombay Dreams නමැති බොලිවුඩ් සිනමා පටය සඳහා සංගීතය සපයනු ලැබුවා. 2002 වර්ෂයේ දී ලන්ඩනයේ ‘වෙස්ට් එන්ඩ්’ හිදී සංදර්ශනය විවෘත කරනු ලැබුවා. මේ වන විටත් ලන්ඩනයේ වාසය කරන ඉන්දියානු ජනතාව අතර රහමන් ඉතා උසස් ප්‍රසිද්ධියක් ලබා ගෙන සිටියා.

රහමන්ගේ නව සංගීත පිටපත් වන The Lord of the Rings පදනම් කර ගනිමින් ඊළග වේදිකා ව්‍යාපෘතිය ටොරොන්ටෝ හිදී 2006 වසරේදී පැවැත්වුණා.

සිනමාපට

freepresskashmir.com

රහමන් විසින් තිරය ඉදිරියේ වැඩ කටයුතු කිරීම නොනවත්වා කරගෙනු යනු ලැබුවා. ඒ අනුව මොහු විසින් බොලිවුඩ් මෙන්ම හොලිවුඩ් නිර්මාණ සඳහා සංගීතයෙන් සිය දායකත්වය ලබා දෙනු ලැබුවා. ඒ අනුව 2006 වසරේදී Inside Man, 2007  වසරේ Elizabeth: The Golden Age, The Lord of War, The Accidental Husband සඳහා ද දායක වුණා. මීට අමතරව හොලිවුඩ් නිෂ්පාදන වන Couples Retreat’, ‘127 Hours’, People Like Us, the Chinese movie, ‘Warriors of Heaven & Earth’ ද මෑත කාලයේ ‘The 100 Foot Journey’, ‘Million Dollar Arm’ හා ‘Pele’ සඳහාද සංගීතයෙන් දායකත්වය ලබා දෙනු ලැබුවා.

කෙසේ නමුත් බටහිර ප්‍රේක්ෂකයන් විශාල වශයෙන් මොහුගේ සංගීත සඳහා ඇදී ආවේ 2008 වසරේ Slumdog Millionaire සඳහාය. මෙම නිර්මාණය සඳහා ඇකඩමි සම්මාන 8ක් දිනා ගනු ලැබුවා. මේ අතරින් සම්මාන 2 ක් රහමන් හට ලැබුණා.

මීට අමතරව ‘ජයි හෝ’ ගීතය හොඳම ගීතය යනුවෙන් ඇකඩමි සම්මානය හිමි වුණා. 2010 වසරේ 127 Hours සඳහා පෙර කි සම්මානය සඳහාම නිර්දේශ වීමක්ද සිදු වූවා.

ජාත්‍යන්තර කලාකරුවන් සමඟ සම්බන්ධතා

රහමන්, Akon හා Siwamani බංග්ලාදේශයේදී (shuhaibarr.blogspot.com)

රහමන් ඉන්දියාවේ උපන් අයෙකු වුවත් ඔහු ලෝකයම හඳුනන දැවැන්ත සංගීතඥයෙකු බවට පත් වී හමාරයි. 2011 වසරේදී මොහු විශිෂ්ට සංගීත කණ්ඩායමක් වූ Super Heavy නමැති සංගීත කණ්ඩායම සමඟ එකතු වුණා. මෙම සංගීත කණ්ඩායමේ මයික් ජැගර්, ජෝස් ස්ටෝන්, ඩේමියන් මාර්ලි හා ඩේව් වැනි අයද අන්තර්ගත වුණා. එමෙන්ම ජාත්‍යන්තරයේ නමක් දිනා සිටින කලාකරුවන් වන Nusrat Fateh Ali Khan, Michael Jackson, Michael Bolton, MIA, Vanessa Mae, the Pussycat Dolls, Sarah Brightman, Dido, Hossam Ramzy, Hans Zimmer හා Akon වැනි සුවිශේෂී පුද්ගලයන් සමඟ රහමන් කටයුතු කර තිබෙනවා.

වෙනත් කරුණු

රහමන් දුප්පත් හා වරප්‍රසාද නොලත් දරුවන් සඳහා උදව් උපකාර කරනු ලබන අතර වෙනත් සමාජ සේවා කටයුතු සඳහා ද දායක වනවා. රසිකයන් විසින් “මැඩ්රාස්හි මොසාර්ට්” යන නමට අමතරව  Isai Puyal හා AR යන අන්වර්ථ නාමයන් මඟින්ද මෙම සංගීතඥයා හඳුන්වනු ලබනවා.

Cover Image: pesumpadam.com

Related Articles