Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඔබ සීෂෙල්ස් දුපත් නැරඹිය යුත්තේ ඇයි?

ඉන්දියන් සාගරයේ පිහිටා ඇති සීෂෙල්ස් යනු මනරම් කුඩා දුපත් සමූහයක එකතුවකි. නිවාඩුවකට හෝ සංචාරයකට සීෂෙල්ස් යායුත්තේ ඇයි? දැනගන්න කැමති නම් මේ ලිපිය ඒ ගැනයි.

01. යුනෙස්කෝ කලාප දෙකක් මෙහි පිහිටා තිබීම

blog. Imaginetravel.com

සීෂෙල්ස්හි දැකිය හැකි ප්‍රධාන යුනෙස්කෝ කලාප දෙක වන්නේ Vallee de Mai හා Aldabra යි. Aldabra යනු ලොව දෙවනුවට විශාලම හිරිගල් දිවයිනයි. මෙහි විශාල මත්ස්‍ය විවිධත්වයක් දැකිය හැක. මීට අමතරව මෙහි ඇති විශේෂත්වය වන්නේ විශාල ඉබ්බන් දැකිය හැකි වීමයි. මෙම කොරල් සහිත හිරිගල් නැරඹීම සඳහා පූර්ව අනුමැතිය ලබාගත යුතු වේ. ලොව වටා චාරිකාවක දී නැරඹිය යුතුම දිවයිනක් බවට සීෂෙල්ස් පත්වන්නට මෙය හේතුවක් වනවා.

02. දිය යට කිමිදීම ඇතුළු ක්‍රියාකාරකම් සඳහා හොඳම ප්‍රදේශයක් වීම

tropicalholidays.co.za

සීෂෙල්ස් වල කොරල් බොහොමයක් දැකිය හැකි නිසා මෙහි ජෛව විවිධත්වය ඉහළ මට්ටමක පවතී. එනිසා මෙම කොරල් අතරට කිමිදීමෙන් සාගර ජිවින්ගේ අලංකාර දසුන් දැක ගැනීමට හැකිය. දිය යට කිමිදීමට අමතරව කඳු තරණය කිරීමට ද සීෂෙල්ස් යාම කදිම අවස්ථාවකි. මුහුදු මට්ටමේ සිට මීටර් 1000ක් පමණ උසට විහිදී ඇති කඳු පන්ති තරණය සොඳුරු අත්දැකීමකි. මිට අමතරව පාපැදි පැදීම හා සාප්පු සවාරි සඳහාද මෙහිදී අවස්ථාව උදාවේ.

03. සුන්දරත්වය අතින් ඉහළ වෙරළ තීරයන් නැරඹීමට හැකි වීම

kuoni.co.uk

ලෝකයේ ලස්සන මුහුදු තීරයන් අතරින් සීෂෙල්ස් ප්‍රධාන ස්ථානයක් උසුලයි. චාරිකා උපදේශන සහ සංචාරක වෙබ් අඩවි වලට අනුව සීෂෙල්ස්  වල ඇති Anse Lazio ලෝකයේ 6 වන හොඳම වෙරළ තීරයයි. මෙම මුහුදු තීරයන් වල ඇති සුදු වැල්ල හා පැහැදිලි ජලය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සමත් වේ. මේවා තවමත් අධික ලෙස ජනාකීර්ණ වී නොමැති නිසා නිදහසේ එහි අසිරිය විඳීමට හැකි.

04. ආවේනික ශාක හා සත්ත්ව ප්‍රජාවන් දැකගත හැකි වීම

beachcomber-hotels.com

සීෂෙල්ස් දුපත් වල එයටම ආවේනික විවිධ කුරුළු වර්ග දැකිය හැක. ගෙම්බන්ගේ සිට දැවැන්ත ඉබ්බන් දක්කවා වූ උරඟ හා උභය ජීවී විවිධත්වයක් ද මෙහි පවතී. සීෂෙල්ස් වල ජාතික පක්ෂියා වන දුර්ලභ කළු ගිරවා මෙහිදී  විශේෂ වේ. Vallee de Mai ප්‍රදේශය අවට මෙම කුරුල්ලන් ගැවසෙන නිසා ඔවුන් දැක ගැනීම පහසුම වන්නේ ඒ අවටයි.

05. පහසු ගමනාගමනය හා සැපපහසු නවාතැන්

bruisedpassports.com

බොහෝ රට වල සිට සීෂෙල්ස් දක්වා සෘජු ගුවන් යානා සේවා ක්‍රියාත්මක වේ. මේ නිසා ගමනාගමනය අපහසු කාර්යයක් නොවේ. මීට අමතරව සාමාන්‍ය මිල මට්ටමේ සිට සිට තරු හය දක්වා පිරිසිදු හා සැපපහසු  නවාතැන් පොළවල් දිවයින පුරා දක්නට ලැබේ. තමාගේ අතේ ඇති මුදලට ගැලපෙන ආකාරයේ ස්ථානයක් තෝරා ගැනීමට මෙනිසා පහසු වේ.

කවරයේ පින්තුරය – kuoni.co.uk

Related Articles