Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාව හැඩ කරන මනරම් දිය ඇලි 6 ක්

01. බෝපත් ඇල්ල

booking.com

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටන බෝපත් ඇල්ල නිර්මාණය වී ඇත්තේ කුරු ගඟ නමැති කළු ගඟේ අතු ගංගාවක් කඳු මුදුනක සිට කඩා හැලිමෙනි. එම දිය දහර කඩා හැලෙන්නේ බෝ කොළයක හැඩයට නිසා මෙයට බෝපත් ඇල්ල යන නම ලැබී ඇත. මෙම දිය ඇල්ල උස මීටර් 30ක පමණ දුර කඩා හැලේ. පුරාවෘත්තයන්ට අනුව රත්නපුරයේ ඇති සමන් දේවාලයට පැමිණි අතීත පාලකයින් දිය නෑම සිදු කර ඇත්තේ බෝපත් ඇල්ලෙනි. ජනයා අතර පවතින තවත් මිත්‍යා විස්වාසයක් වන්නේ මෙම දිය ඇල්ලේ නිධානයක් පවතින බව හා මිනිසුන් දහසකගේ බිලිපූජාවකින් එය ලබා ගත හැකි බවත්ය.

02. දූලි ඇල්ල

youtube.com

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති දූලි ඇල්ලේ උස මීටර් 17ක් පමණ වේ. මෙය සිංහරාජය සතු ලස්සනම දිය ඇල්ල ලෙස සැලකේ. සිංහරාජය ආශ්‍රිතව මීට අමතරව තවත් දූලි ඇලි තුනක් පිහිටා ඇත. ඒවා නම් ලංකාගම දූලි ඇල්ල, මෝනින් සයිඩ් දූලි ඇල්ල, හා කුඩව දූලි ඇල්ලයි. මට්ටම් කීපයකදී නැරඹීමට හැකි දූලි ඇල්ල ප්‍රධාන දිය ඇලි තුනකින් හා තවත් කුඩා දිය ඇලි කිහිපයකින් සමන්විත වේ. මෙය නැරඹීම සඳහා රුපියල් 20ක ප්‍රවේශ පතක් මිලදී ගත යුතු වේ.

03. රාවණා ඇල්ල

lanka.com

ඇල්ල බල ප්‍රදේශයට අයත් වන මෙය ඉහළ සංචාරක ආකර්ශනයක් ලබා ඇති දිය ඇල්ලකි. මුහුදු මට්ටමේ සිට අඩි 3445ක් උසින් මෙය පිහිටා ඇත. උස අඩි 82ක උසින් යුතු මෙය රාවණා ඇල්ල වනජීවී රක්ෂිතයේ කොටසකි. පුරාවෘත්ත වලට අනුව රාවණා රජු සීතා කුමරිය පැහැරගෙනවිත් සඟවාගෙන සිට ඇත්තේ මේ ඇල්ල අසල ගල් ගුහාවකයි.

04. දුන්හිඳ ඇල්ල

chauffeuremillankatours.com

සුන්දර දුන්හිඳ ඇල්ල ආරම්භ වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ උස් කඳු මුදුනකිනි. දිය ඇල්ලට ඇතුළු විය යුතු ස්ථානයේ සිට කිලෝමීටර් 1.25ක් පමණ කැලෑව දෙසට ගිය විට දුන්හිඳ ඇල්ල දැකගත හැක. මෙම ගමන් මාර්ගය දුෂ්කර හා අවදානම් සහිත වන්නේ ගමන් මාර්ගය දෙපස අඩි 70 – 100ක් පමණ අගාධයන් පවතින නිසයි.

05. රම්බොඩ ඇල්ල

rambodafalls.com

මහනුවර නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ඇති රම්බොඩ උමඟ පසුවනවාත් සමඟ රම්බොඩ ඇල්ල දැකගත හැක. ඉහළ රම්බොඩ ඇල්ල හා පහළ රම්බොඩ ඇල්ල ලෙස කොටස් දෙකකින් මෙය හඳුනා ගත හැකි අතර මහනුවර නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පෙනෙන්නේ ඇල්ලේ පහළ කොටසයි. මෙය ලංකාවේ 11 වැනියට උසම දිය ඇල්ලයි.

06. දියළුම ඇල්ල

newsfirst.lk

කොස්ලන්ද නගරයේ පිහිටි දියළුම ඇල්ල අයත් වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයටයි. උස මීටර් 220ක් වන මෙය ලංකාවේ දෙවනුවට උසම දිය ඇල්ලයි. දියළුම ඇල්ල කිරිඳි ඔයේ අතු ගංගාවක් වන පුනාගල ඔයෙහි නිර්මාණයකි.

කවරයේ පින්තුරය – Youtube.com

Related Articles