ලෝකයේ තිරසර සමාගම් අතර ප්‍රමුඛයන් 3 දෙනෙක්

වර්තමානයේ පවතින ස්භාවික සම්පත්වලින් ප්‍රයෝජන ගනිමින් අනාගත පරපුර සඳහා ද එම සම්පත් ඉතුරුකරමින් සිදු කෙරෙන සංවර්ධනය තිරසර සංවර්ධනය ලෙස හඳුන්වනවා.

තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් විවිධ රටවල් නොයෙකුත් සංවිධාන හා ගිවිසුම් සමග සම්බන්ධ වී සිටින අතර එම රටවල ඇති විශාල ප්‍රමාණයේ සමාගම් ද තමන්ගේ නිෂ්පාදන හා සේවා තිරසර ක්‍රම ඔස්සේ පර්භෝගිකයා වෙත ඉදරිපත් කිරීමට වෙහෙසක් දරනවා.

පරිසර හිතකාමීත්වය හා සමාජීය සුභසාධනය ප්‍රමුඛතාවයට ගෙන සලකමින් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ තම ඉලක්ක කරා ළඟා වීම තිරසර සමාගම්වල මූලික ඉලක්කය වෙනවා.

ස්භාවික සම්පත් පරිහරණය අවම කරමින්, නාස්තිය ඉතා අඩු මට්ටමක පවත්වා ගනිමින් සේවකයන්ගේ හා සමාජ සුභ සිද්ධිය උදෙසා නොයෙකුත් සුභසාධන ක්‍රියාකාරකම්වල නිරත වෙන අතර තම ආර්ථික ඉලක්ක කරා ගමන් කිරීම මෙවැනි සමාගම් විසින් සිදු කරනවා.

මෙවැනි සමාගම් වර්ගීකරණය කිරීම සඳහා නියමිත නිර්ණායකයන් කිහිපයක් ලොව පුරා අනුමත කර ඇති අතර, ඒ නිර්ණායකයන් අතින් ලෝකයේ ඉහළ ම ස්ථානයේ සිටින සමාගම් කිහිපයක් පිළිබඳ ව 2018 දී ෆෝබ්ස් සඟරාව විසින් සඳහන් කර තිබෙනවා.

Dassault Systemes

Optis

2002 වසරේ ප්‍රංශයේ දී ස්ථාපිත කරන ලද මෙය වේගයෙන් නැගී ආ මෘදුකාංග නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලොව පුරා නමක් දිනා සිටින සමාගමක් ලෙස හඳුන්වන්න පුළුවන්. තිරසර ක්‍රියාකාරම් අතින් ලෝකයේ පළමු වන ස්ථානය දිනා සිටින්නේත් මෙම සමාගම යි.

ඔවුන් විසින් ගුවන් සේවා, ආරක්ෂක අංශයන්වලට, හා කාර්මික ක්ෂේත්‍රය සඳහා තම මෘදුකාංග සැලසුම් කිරීම සිදු කරනවා.

ලෝකයේ තිරසර සමාගම් 100 අතරට නොකඩවා හත් වතාවක් නිර්දේශ වූ මෙම සමාගම 2018 දී එයින් ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. පාරිසරික දුෂණය අවම වන ලෙසත්, පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය ඉතා අවම මට්ටමක තබා ගැනීමටත් ඔවුන් විසින් මේ වන විට කටයුතු කර තිබෙනවා. සූර්යය ශක්තියෙන් වැඩ කරන පද්ධති හඳුන්වා දීම ද ඔවුන් සිදු කළ විශේෂ මෙහෙයුමක් ලෙස නම් කළ හැකි යි.

වර්තමානය වන විට ලෝකය පුරා විසිරුණු විද්‍යාගාර 64ක් මෙම සමාගම සතු වන අතර එහි සේවය කරන නවෝත්පාදකයන් ප්‍රමාණය 15,000ට අධික යි. ඔවුන් සතුව ලක්ෂ දෙකකට අධික පාරිභෝගික ප්‍රමාණයක් සිටිනවා. තව ද 12,000ට අධික හවුල්කරුවන් ප්‍රමාණය සමාගම වටා රොක් වී සිටිනවා.

Neste

JobsCentral

ෆින්ලන්තයේ වසර 70ක් පැරණි සමාගමක්. ඛණිජ තෙල් සමාගමක් වන Neste ලෝකයේ හොඳම තිරසර සමාගම් අතරින් දෙවන ස්ථානයට පත් වී තිබෙනවා. ඒ වගේම එම සමාගම ලෝකයේ ඛනිජ තෙල් හා ස්භාවික වායු ක්ෂේත්‍රය ආශ්‍රිත සමාගම් අතරින් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.

සාම්ප්‍රදායික බොරතෙල් කර්මාන්තයෙන් අපගමනය වී ඇති මෙම සමාගම පුනර්ජනනීය අමුද්‍රව්‍ය තම නිෂ්පාදනවලට යොදාගැනීම අතින් ඉතා ප්‍රසිද්ධ යි.  එබැවින් ඒවා නැවත නැවත ප්‍රයෝජනයට ගත හැකි යි. ඔවුන් නිපදවන ඉන්ධනවල කාබන් දුම විමෝචනය වීම 90% කින් අවම කිරීමට සමාගම විසින් කටයුතු යොදා තිබෙනවා.

Valeo

Vanenburg Software

ප්‍රංශයේ මෝටර් රථ හා අමතර කොටස් නිෂ්පාදන සමාගමක් වන Valeo මේ වසර වන විට තිරසර සාමාගම් ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා.

ඔවුන්ගේ අභිමතාර්ථය ලෙස සඳහන් කර ඇත්තේ ස්මාර්ට් තාක්ෂණයෙන් ස්මාර්ට් මෝටර් රථ නිෂ්පාදනය යි. 2009 සිට මේ වසර වන විට පරිසරයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 5% කින් අඩු කිරීමට ඔවුන් සමත් වී සිටිනවා. ඒ සඳහා ඔවුන් ඩොලර් මිලියන ගණනක් වැයකර තිබෙනවා.

විශේෂයෙන් පරිසර හිතකාමී සැලසුම් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන ඔවුන්, පරිසර හිතකාමී වන අයුරෙන් හා අවම ස්භාවික අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යොදාගනිමින් තම නිෂ්පාදන සිදු කරනවා. ප්‍රංශයට අමතර ව ඇමෙරිකාව, ජර්මනිය ඇතුළු තවත් රටවල් 5ක මෙම සමාගමේ ශාඛා ස්ථාපිත කර තිබෙනවා.

Related Articles

Exit mobile version