මුහුදු යට වනාන්තර සාදන කෙල්ප් ඇල්ගී
ශ්රී ලංකාව කියන්නේ විවිධාකාර ජෛව පද්ධතීන්වලින් අනූන වූ රටක්. කඳුකර වනාන්තර, වියළි පතනබිම් වගේම, මුහුදුබඩ ප්රදේශ හා කලපුත්, කොරල් පරිසර පද්ධතීන්වල චමත්කාරයත් ඇතැම්විට ඔබ අත්දැකලා ඇති. අපි ඇමසන්, කොංගෝ වගේ ලෝක ප්රසිද්ධ වැසි වනාන්තර ගැන අහලා තිබෙනවා වුණාට, සමුදුර පතුලේ ඇති වෙන විශාල වනාන්තර පද්ධතියක් වන කෙල්ප් වනාන්තර ගැන ඔබ මීට පෙර අහලා තියෙනවා ද?