Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මිථ්‍යා සාහිත්‍යයේ නිමල සංකේතය : කඟවේණා

සියවස් ගණනාවක් තිස්සේ නොයෙක් ස්වරූපයේ මිථ්‍යා කථාන්තර තුළින් මනුෂ්‍ය ලෝකයට පිවිසුණු ‘කඟවේණා’ මෑත ඉතිහාසයේ දී වඩාත් ජනප්‍රිය වුණේ ජේ. කේ. රෝලිං මහත්මිය විසින් රචිත ‘හැරී පොටර්’ පොත් මාලාව හේතුවෙන් බව පැවසීම වරදක් නොවෙයි. දිය කිඳුරියන් සහ මකරුන් සමග මිථ්‍යා ලෝකයේ වැජඹෙන සුදෝසුදු පැහැ කඟවේණුන්ගේ සොඳුරු රුව, මධ්‍යතන යුගයට අයත් තෙල් සායම් සිතුවම් මත මෙන් ම පොඩිත්තන් වෙනුවෙන් රචනා කරන ලද පින්තූර කථාන්තර පොත් තුළ ද දැක ගැනීමට ලැබෙනවා.

article

හිරු නොබසින අධිරාජ්‍යයේ නව උරුමක්කරු – ලුවිස් ආතර්

බ්‍රිතාන්‍ය රජ කිරුළේ උරුමය මෙතෙක් හිමි වී තිබුණේ පිළිවෙලින් චාල්ස් කුමරු, විලියම් කුමරු, ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය සහ හැරී කුමරුටයි. නමුත් දැන් චාලට් කුමරිය සහ හැරී කුමරා අතරට තවත් උරුමක්කාරයෙක් පැමිණ සිටිනවා. ඒ, විලියම් කුමරුගේ බිරිඳ වන කේට් ආදිපාදිවරිය උපත ලබා දුන් පුංචි කුමාරයා. ඔහු නමින් ලුවිස් ආතර් චාල්ස්. ලුවිස් කුමරු උපත ලැබුවේ 2018 වර්ෂයේ අප්‍රේල් මාසේ 23 වැනිදා.

article

බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ අපූරු මංගල සාම්ප්‍රදායන්

ගෙවී ගිය මැයි 19 වැනි දා බ්‍රිතාන්‍යයේ සය වැනියට කිරුළ හිමි හැරී කුමරු සහ ඇමෙරිකානු නිළි මේගන් මාකල් (විවාහයෙන් පසු ව සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය) අතර සිදු වූ විවාහ මංගල්‍යය, මෑත ඉතිහාසයේ වඩාත් ම කතාබහට ලක් වූ විවාහ මංගල්‍යය ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. ලන්ඩන් නගරයට බටහිර දෙසින් පිහිටි වින්ඩ්සර් බලකොටුවේ දී පවත්වන ලද විවාහ මංගල්‍යයේ දී බ්‍රිතාන්‍ය සාම්ප්‍රදායන්ට මෙන් ම ඇමෙරිකානු විවාහ චාරිත්‍රයන්ට ද ප්‍රමුඛත්වයක් ලබා දුන් බව යි මාධ්‍යය වාර්තාවන් හි සඳහන් වුණේ.

article

නිර්වස්ත්‍ර තවුසන්ගේ ආගම – ජෛන දහමේ මූලික කරුණු

මීට පෙර ජෛන ආගම පිළිබඳ මූලික ඓතිහාසික​ කරුණු ඇතුලත් ලිපියක් අප පළ කළා ඔබට මතක ඇති. දැන් ජෛන ආගමේ මූලික ඉගැන්වීම් දෙසට හැරෙමු. මොවුන් දෙවියන් විශ්වාස නොකරයි. වේද ඉගැන්වීම් වර්ධමාන ප්‍රතික්ෂේප කල අතර දෙවියෙකු විසින් ලෝකය මැවීමක් හෝ ලෝක විනාශයක් පිළිබඳව​ ඉගැන්වීම්ද තරයේ ප්‍රතික්ෂේප කරන ලදී. සත්වයන්ගේ පැවැත්මට ද්‍රව්‍යය හා ආත්මය යන දෙක බලපාන බව උගන්වන ලදී. ඔව්හු මිනිසුන්ට හා සත්වයන්ට පමණක් නොව ගහකොළ, ගල්, පර්වත, ගලන ජලය ආදී ස්වභාවික වස්තූන්ටත් ආත්මයක් ඇති බව විශ්වාස කළහ​. මිනිස් ඇසට නොපෙනෙන සුයුම් පදාර්ථය කර්මය ලෙස මොවුන් සලකන ලදී. අනෙක් ආගම්වල අද්‍රව්‍යමය දෙයක් වූ කර්මය ජෛන භක්තිකයන්ට ද්‍රව්‍යමය දෙයක් විය. ආරම්භයේදී ආත්මය ඉතාමත් පැහැපත් වන අතර කර්මය නැමැති පදාර්ථය ආත්මයේ ඇලීම නිසා පෙර පැවති ආත්මයේ ඔපය නැතිවී යයි. මිනිසුන් විසින් සිදු කරන අයහපත් ක්‍රියා නිසා කර්මය වැඩි වශයෙන් ආත්මයේ ඇලීම නිසා ආත්මය ඉතා අදුරු වීමට පටන් ගනියි. ශරීරයට බොහෝ දුක් දී, අවිහිංසාවාදීව ජීවත් වී, විවිධ උපවාසයන්හි යෙදීමෙන් ආත්මයට ඇලෙන මෙම කර්මය ඉවත් කල හැකිය.

article

ඉතාමත් උසින් නිවෙස් තනන ඉන්දුනීසියාවේ කොරවැයි ගෝත්‍රය

ගෝත්‍රික ජනතාව සම්බන්ධයෙන් ලෝකයෙන් වාර්තා වන තතු බොහෝමයි. මෙම ගෝත්‍රිකයන් හට ආවේණික චාරිත්‍ර, සම්ප්‍රදායන් හා සමාජ වටිනාකම් සතු වන අතර, ඔවුන් නවීනත්වයට මුහු වීමක් නොමැතිව වසර ගණනාවක් අඛණ්ඩව පවත්වාගෙන එන ලද සිරිත් විරිත් පවත්වාගෙන යනවා. මෙම ගෝත්‍රික කණ්ඩායම් අතරින් ඉන්දුනීසියාවේ කොරවැයි ගෝත්‍රිකයන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මොවුන් ලොව ප්‍රසිද්ධ වන්නේ, ඉතාමත් උසින් ඉදිකරන නිවෙස් හේතුවෙනි.

article

ලෝක ශූරයින් හැඬවූ මෙක්සිකෝවේ සුපිරි තරුව

පාපන්දු ලෝක ශූරයින් ලෙසින් මෙවර ලෝක කුසලානයට සහභාගී වූ ප්‍රබල ජර්මානු කණ්ඩායමට මෙවර ඔවුන් මුහුණදුන් පළමු තරගයේදී ම නොසිතූ පරාජයකට මුහුණදීමට සිදුවිය. ඒ මෙක්සිකෝවට එරෙහිවයි. පසුගිය 17 වැනි දින රුසියාවේ මොස්කව් නගරයේ දී එම තරගය පැවැත්වුනේ F කාණ්ඩයේ තරගයක් ලෙසිනි. මුල සිටම ආක්‍රමණශීලීව ක්‍රීඩා කල මෙක්සිකෝ ක්‍රීඩකයින් ප්‍රථම භාගයේ දී තරඟයේ පාලනය සියතට ගැනීමට සමත්විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් තරඟයේ 35 වැනි මිනිත්තුවේ දී මෙක්සිකෝවේ ඉදිරිපෙළ ක්‍රීඩක, 22 හැවිරිදි, හර්වින් ලොසානෝ විසින් විශිෂ්ට ගෝලයක් වාර්තා කිරීමට සමත්විය.

article

දරුවන් මිලියන 2.4 කට ජීවය දුන් ‘ස්වර්ණමය දෑතක් හිමි මිනිසා’

මනුෂ්‍යත්වය වෙනුවෙන් සිය ජීවිත කැප කළවුන් ලොව සිටින්නේ ඉතාම අල්ප වශයෙනි. ස්වර්ණමය හස්තයක් හිමි තැනැත්තා යනුවෙන් ලොව ප්‍රකට වී සිටින ජේම්ස් හැරිසන් ද එවැනි උතුම් මිනිසෙකු ලෙස ලෝක ඉතිහාසයට එක් වෙනවා. ඒ දරුවන් මිලියන 2.4 කගේ ජීවිත රැක දීම වෙනුවෙනුයි. ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ලෝකයේම අවධානයට ගෞරවයට පාත්‍ර වූ ඒ අසමසම මිනිසා ගැනයි මේ සටහන.

article

එවරස්ට් කන්ද මත ජීවිතය නිමා කළ කඳු නගින්නන්

එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා වශයෙන් යොහාන් පීරිස් පසුගියදා තැබූ වාර්තාව පිළිබඳව ශ්‍රී ලාංකිකයින් ආඩම්බරයට පත්ව ඇතුවාට සැකයක් නැහැ. එවරස්ට් තරණය කළ ප්‍රථම ලාංකිකයා වන්නේත් යොහාන්ගේ බිරිඳ වන ජයන්ති කුරු උතුම්පාල යි. 1953 මැයි 29 වැනිදා එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමුවැන්නා ලෙස සර් එඩ්මන්ඩ් හිලරි ඉතිහාසගත වුවත් ඔහුට කලින් එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ අය සිටින බව විවාදයට දුඩු දී තිබෙන කාරණයක්. නමුත් ඒ බව තහවුරු කර ගැනීම බෙහෙවින් අසීරු දෙයක් බවට පත්ව තිබෙනවා.

article

සුනිල් ශාන්තයන්ගෙන් පසු ඔහුගේ හිඩැස පිරවූ අයිවෝ ඩෙනිස්

ලාංකේය​ සංගීතයක් ආරම්භ කිරීමේ ප්‍රමුඛත්වයක් ගත් සුනිල් ශාන්තයන්ගේ අඩුව පිරිමැසීමට පැමිණි පුද්ගලයා අප සැවොම නම කියූ පමණින් හඳුනන අයිවෝ ඩෙනිස් ය. සුභාවිත සංගීතය පෝෂණය කිරීමෙහිලා අනගි සේවාවක් කල පුද්ගලයන් අතර අයිවෝ ඩෙනිස්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. වසර 86 ක් ආයු වදාළා ජූනි මස 18 වනදා ඔහු අප අතරින් සමු ගත්තා.. මේ සටහන ඔහු පිළිබඳ​ මතකය ආවර්ජනය කිරීමටයි

article

ඉරාකයෙන් හමු වූ අතුරුදන් වූ ඇසිරියානු නගරය : මාඩමන්

යුප්‍රටීස්-ටයිග්‍රීස් ගංගාවන්ට මැදි ව පිහිටි මෙසපොතේමියානු ශිෂ්ටාචාරය සතු වූ බලවත් රාජ්‍යයක් ලෙස ඇසිරියානු අධිරාජ්‍යය හැඳින්වීමේ වරදක් නැහැ. ඉතිහාස පොත්පත් හි සඳහන් වන ආකාරයට ක්‍රිස්තු පූර්ව 25 වැනි සියවසේ දී පමණ ගොඩ නංවන ලද ඇසිරියානු අධිරාජ්‍යය බිඳ වැටී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 612 – 609 අතර කාල සීමාවේ දී යි. ටයිග්‍රීස් ගං ඉවුරේ ගොඩ නංවන ලද ඇසිරියානු අධිරාජ්‍යය පැවති භූමි ප්‍රදේශය වර්තමානයේ දී උතුරු ඉරාකය, ඊශාන දිග සිරියාව, ගිනිකොන දිග තුර්කිය සහ වයඹ දිග ඉරානය යන රාජ්‍යයන්ට අයත් වෙනවා.

article

නිර්වස්ත්‍රව තම වෘතය රකින ජෛනයෝ

ජෛන ආගම පිලිබඳව ඔබ සියලු දෙනා කුඩා හෝ යමක් අසා ඇතුවාට සැක නැත. ජෛන ආගම පිලිබඳ දැනුම සරලව ලබා දීම මෙම සටහනෙහි අරමුණයි. ක්‍රි.පූ. හයවෙනි සියවස ඉන්දියානු ඉතිහාසයේ ඉතා වැදගත් අවධියක් ලෙස සලකනු ලැබීමට එක් හේතුවක් වන්නේ එම සමයේදී බුද්ධාගම හා ජෛන ආගම උපත ලැබීමයි. මීට බොහෝ කලකට පෙර ආරම්භ වූ හින්දු ආගමෙහි [හින්දු ආගම යැයි කීවද හින්දු ආගමික සංකල්ප ලෙස ගන්න. මන්ද හරප්පා සංස්කෘතියේ සිටම පැවති විවිධ වූ සංකල්ප හා පසුකාලීනව ඇතිවූ සංකල්ප වල සංයෝජනයකින් හින්දු ආගම සෑදුනු බැවින්] සරල බව හා චාම් බව ක්‍රමක්‍රමයෙන් නැතිවී ගොස් විවිධාකාර වූ අනුරාගී පුදපූජා හා හරසුන් ශාන්තිකර්මයන් නැග ඒමට පටන් ගත්තේය. ආගම පිලිබඳ දැනුම කුඩා ජන කොටසකට පමණක් ඉගැන්වූ අතර බ්‍රහ්මණයන්ගේ හින්දු දර්ශනය කෙරෙහි විරෝධයක් ක්ෂත්‍රීයන්ගෙන් පැන නැගුණි.

article

End of Articles

No More Articles to Load