Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘ආසියා’ වහා එල්ලනු! – පාකිස්තානයේ නැඟී සිටි ඉස්ලාම් අන්තවාදය

ආසියා නොරීන් හෙවත් ආසියා බිබී නම් පාකිස්තානු ක්‍රිස්තියානි ආගමික කාන්තාවක් 2010 වසරේ දී මරණ දඬුවමට නියම වන්නේ අසල්වාසීන් සමග ඇති කරගත් දබරයක දී මොහම්මද් නබීතුමාට අපහාස කළේයැ යි චෝදනාව ලබමින්. මෙම නඩු තීන්දුව ඉතිහාසගත වන්නේ ආගමට අපහාස කිරීමේ වරදට පාකිස්තාන අධිකරණයකින් පළමු වරට කාන්තාවකට මරණ දඬුවම නියම වූ නඩු තීන්දුව බැවින්.

පුරා වසර 8කට අධික කාලයක් තිස්සේ සිරගත ව සිටින ආසියා බිබී ඉදිරිපත් කරන ලද අභියාචනයක් සැලකිල්ලට ගන්නා පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගිය දා සියලු චෝදනාවලින් ඇය ව නිදොස් කොට නිදහස් කරනවා.

පාකිස්තානු අධිකරණයේ මේ ඉතිහාසගත විප්ලවකාරී නඩු තීන්දුව හේතුවෙන් එරට බහුතරයක් වූ ඉස්ලාම් බැතිමතුන් කැළඹෙන අතර, ආසියා බිබී ව නැවත අත්අඩංගුවට ගෙන ඇයට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස බල කෙරෙමින් ඔවුන් විරෝධතා ව්‍යාපාරවල නිරත වෙනවා.

මේ වන විට එම විරෝධතා ව්‍යාපාරවල අඩුවක් දකින්නට නොලැබෙන අතර, ආසියා බිබී හා ඇයගේ පවුලත් ඇයගේ නීතිඥවරයාත් ආරක්ෂාව පතා වෙනත් රටකට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මරණ දඬුවම ලැබීමට බලපෑ සිද්ධිය

ආසියා බිබී (Evening Standard)

2009 වසරේ පාකිස්තානයේ පන්ජාබ් පළාතේ ශේයිඛපුර දිස්ත්‍රික්කයේ දී, ආසියා බිබී නම් ක්‍රිස්තියානු කාන්තාව හා ඇයගේ අසල්වැසි ඉස්ලාම් කාන්තාවන් කිහිපදෙනෙක් අතර වචන හුවමාරුවක් හටගන්නවා. ඒ  ආසියා බිබී ඉස්ලාම් කාන්තාවකට අයත් ළිඳකින් ජලය ස්වල්පයක් ගැනීමේ දී යි.

මේ අවස්ථාවේ ශුද්ධ නොවූ කාන්තාවක්යැ යි පවසමින් ආසියා බිබීට බැණ වැදීමට අසල්වැසි කාන්තාවන් විසින් ක්‍රියා කරනවා. එයට පිළිතුරු දීම හේතුවෙන් ආසියා බිබී හා ඔවුන් අතර ගැටුමක් නිර්මාණය වෙනවා.

මෙහි දී ආසියා බිබී විසින් මොහම්මද් නබීතුමාට අපහාස කළේයැ යි පවසමින් එම කාන්තාවන් ප්‍රදේශයේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ඒ අනුව පොලීසිය විසින් ඇය ව අත්අඩංගුවට ගන්නා අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ව 2010 දී මරණ දඬුවම හිමි වෙනවා. ඒ දේව අපහාස යන චෝදනාව එල්ල කරමින්.

ආසියා බිබීගේ අදහස

සැමියා හා දරු දෙදෙනා (DW)

තමන්ට එල්ල කර ඇති චෝදනා සියල්ල ව්‍යාජ චෝදනා බව පවසන ඇය, මේ සඳහා මූලික හේතුව වන්නේ තමන් ඉස්ලාම් ධර්මය පිළිනොපදින, ක්‍රිස්තියානි ආගමික කාන්තාවක් වීම බව ප්‍රකාශ කරනවා.

තමන්ට ක්‍රිස්තියානි දහම අතහැර ඉස්ලාම් ධර්මය අදහන ලෙස එම කාන්තාවන් බල කළ බව ද ඇය ප්‍රකාශ කරනවා. එය නොපිළිගැනීමෙන් ප්‍රදේශයේ විශාල පිරිසක් තම නිවසට පැමිණ තමන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට පහර දී, තමන්ට බොරු චෝදනා එල්ල කර පොලිස් භාරයට පත් කළ බව සදහන් කරනවා. මෙය හුදෙක් පුද්ගලික පළිගැනීමක් බව ඇය දිගින් දිගටම ප්‍රකාශ කරනවා.

නිදහස් වීම සඳහා උත්සාහ කිරීම

ඇය ව නිදහස් කරන ලෙස සිදුකෙරුණු විරෝධතා (ECLJ)

මේ පිළිබඳ ව සඳහන් කරමින් ආසියා බිබීගේ සැමියා 2014 වසරේ දී පාකිස්තානු අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කරන අතර, සිදුවීම සඳහන් කරමින් පාකිස්තානු ජනාධිපතිවරයාට ලිපියක් ලියනවා. 2014 වසරේ දී ඇයගේ නීතිඥයා විසින් පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය ලබා ගැනීමට තීරණය කරනවා.

ආගම මුවාවෙන් සිදුවෙන මෙවැනි පෞද්ගලික පළිගැනීම් වහා නැවැත්විය යුතුයැ යි පවසමින් එරට ක්‍රියාත්මක වෙන බොහෝ සිවිල් සංවිධාන හා මානව හිමිකම් සංවිධාන ආසියා බිබී වෙනුවෙන් පෙනී සිටින නමුත්, බොහෝ අන්තවාදී ඉස්ලාම් සංවිධාන නොයෙකුත් විරෝධතා සංවිධානය කරමින් මෙම කාන්තාවට අනිවාර්යයෙන් ම මරණ දඬුවම හිමිවිය යුතු බවට පවසා සිටිනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණත්වය ඉටුවිය යුතු බවට පැවසූ පුද්ගලයන් අතරෙන්, පාකිස්තානයේ ප්‍රගතිශීලි දේශපාලන නායකයන් යුගලක් එක්වර ම ඝාතනය වෙනවා. ඒ  පන්ජාබයේ ආණ්ඩුකාරවරයා වූ සල්මාන් ටසීර්, හා පාකිස්තානු ඇමතිවරයෙක් වූ ෂබාස් භාට්ටි යි. ඉස්ලාම් අන්තවාදයේ ප්‍රබලත්වය මෙම සිදුවීම් තුළින් ලෝකයට ඉස්මතු වී පෙනන අතර, ආසියා බිබී සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු වීමට පටන් ගන්නේ මෙම ඝාතන ද්විත්වයත් සමග යි.

ජාත්‍යන්තර මැදිහත් වීම්

පාප් වහන්සේ විසින් පවුලේ පිරිස හමුවීම (Vatican News)

අසාධාරණ මරණ දඬුවම පිළිබඳ ව 16 වන බෙනඩික් පාප් වහන්සේගේ අවධානය යොමු වන අතර “සැමගේ ම මානව අයිතිවාසිකම් ආරක්ෂා වන ලෙස සැමට සමානාත්මතාවයෙන් සැලකිය යුතු” බව පාප් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය වැනි රටවල මානව හිමිකම් සංවිධාන හා ජන මාධ්‍යයන් මේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි විරෝධතා හඬක් ලොව පුරා ගොඩනැඟීමට කටයුතු කරනවා.

තවත් වරෙක රටවල් 100කට අධික ප්‍රමාණයක පුද්ගලයන් ලක්ෂ හතරකගේ අත්සනින් යුක්ත විරෝධතා පෙත්සමක් භාර දීම සිදුකෙරෙනවා. තව ද, මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් නීතිය හා යුක්තිය පිළිබඳ ව ඇමෙරිකානු මධ්‍යස්ථානය විසින් අත්සන් ලක්ෂ දෙකකින් යුක්ත පෙත්සමක් පාකිස්තානය වෙත එවනු ලබනවා.

නිදහස් වීම හා ඉස්ලාම් අන්තවාදයේ විරෝධතා

ඇයව එල්ලා මරණ ලෙස කෙරෙන විරෝධතා (Sky News)

ඇයගේ අභියාචනය පිළිබඳ ව පසුගිය දා සලකා බැලූ පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට එරෙහිව දේව අපහාසය සම්බන්ධයෙන් ඔප්පු කළ හැකි චෝදනා නොමැති බව පවසමින් නිදොස් කර නිදහස් කරනවා.

මේ තීන්දුව සමග අන්තවාදී ඉස්ලාම් සංවිධාන හා දේශපාලන පක්ෂවල උසී ගැන්වීම් මත විදී බසින ඉස්ලාම් ආගමිකයන් ඉතා කලහකාරී ලෙස හැසිරෙනවා. මෙම තීන්දුව ලබා දුන් වින්ශ්චය මණ්ඩලයේ තුන්දෙනා ම මරා දැමිය යුතු බවත්, ආසියා බිබී අත්අඩංගුවට ගෙන මරා දැමිය යුතු බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. තව ද, පාකිස්තානයේ දේව අපහාසය සම්බන්ධයෙන් වන නීති මීට වඩා දැඩි කල යුතු බවත් ඔවුන් විසින් ප්‍රකාශ කරනවා.

ඇයව එල්ලන ලෙස ඉල්ලන විරෝධතාකරුවන් (CNN.com)

පවත්නා තත්ත්වය මත විරෝධතාකරුවන් හා පොලීසිය අතර ද ගැටුම් ඇති වී ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ඉස්ලාමාබාද් ඇතුළු වැදගත් නගර කිහිපයක ආරක්ෂාව තර කිරීමට එරට රජය කටයුතු කරනවා.

මේ පිළිබඳ ව විශේෂ ප්‍රකාශයක් සිදුකරන එරට අගමැති ඉම්රාන් ඛාන්, දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඇතැම් පක්ෂවලින් සිදුකෙරෙන උසී ගැන්වීම්වලට හසුනොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විරෝධතා (Al Jazeera)

පවතින තත්ත්වය හමුවේ ආසියා බිබීට පකිස්ථානයේ ජීවත් විය නොහැකි බැවින් ඇයගේ රැකවරණය සඳහා රටවල් කිහිපයක් මේ වන විට ඉදිරිපත් වී සිටිනවා. එබැවින් ඇය හා ඇගේ පවුල රහසේ ම නෙදර්ලන්තය බලා පිටත් කර යවා ඇති බව පාකිස්තානු ආරංචි මාර්ගවල සඳහන් වෙනවා.

 

Related Articles