
වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යි. එය ක්‍රියාත්මක වුණේ 1978 සැප්තැම්බර් 7 වැනිදා සිට යි. එදා සිට ගෙවුණු වසර 45කට ආසන්න කාලය තුළ එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වාරයක් සංශෝධනය වුණා. එසේ සිදු වුණු සංශෝධන අතුරින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය වඩාත් කතාබහට ලක්වුණා.
ගෙවුණු දශක 3ක කාලය තුළ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට මෙරට ඇතැම් දේශපාලන නායකයන් උත්සාහ කළා. එවැනි අවස්ථාවල දී මතු වුණු දැඩි විරෝධතා හේතුවෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැහැ.
වරින් වර කතා බහට ලක් වුණු 13 වන ව්‍යවස්ථා සංශෝධනය මේ දිනවල යළිත් වරක් කරළියට පැමිණ තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට පසුගිය ජනවාරි 15 වැනිදා යාපනයේ පැවැත්වුණු ජාතික තෛපොංගල් උත්සවයේ දී සිදු කළ ප්‍රකාශයත් සමඟ යි.
13 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමට හේතු වුණේ 1987 දී අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම යි. එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සිය බිරිය සෝනියා සමඟ ඉන්දු- ලංකා ගිවිසුමට අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ 1987 ජුලි 29 වැනිදා පෙරවරුවේ යි.
එකල රටේ පැවතුණු ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන අරමුණක් බවට පත් වුණා. එම කාල වකවානුව වන විට දෙමළ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම් දෙකක් බවට පත්ව තිබුණේ සමාන භාෂා අයිතිවාසිකම් සහතික කිරීම සහ පුළුල් බලය බෙදා හැරීමේ ක්‍රමය ස්ථාපිත කිරීම යන ඉල්ලීම් දෙක යි.
1987 නොවැම්බර් 14 වැනිදා සිට ක්‍රියාත්මක වුණු 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් වුණු කරුණු මෙසේ කෙටියෙන් දක්වන්නට පුළුවන්.
ඒ ගැන ලිපිය මේ සබැඳියෙන් කියවන්න. https://tinyurl.com/3ejeu9t9





