Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරග දිනුම් පැරදුම්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව මුල්ම වරට T20 තරගයක දී උරෙනුර ගැටුණේ 2007 වසරේ දී යි. එදා සිට අද දක්වා දෙරට අතර පැවැත්වුණු T20 තරග ගණන 25ක්. එයින් තරග 15ක ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට හිමි වෙද්දී ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකි වුණේ තරග 10ක් පමණ යි.  එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව හමුවේ මුල් ම වරට T20 තරග ජයග්‍රහණයක් වාර්තා කළේ 2009 T20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයක දී යි. ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 4ක පරාජයක් ලැබූ ඕස්ට්‍රේලියාවට තරගාවලියෙන් ඉවත් වීමට පවා සිදු වුණා.  

ශ්‍රී ලංකාව කණ්ඩායම ඕස්ට්‍රේලියාව හමුවේ ලබා ගත් T20 ජයග්‍රහණ 10න් 6ක් ඕස්ට්‍රේලියානු බිමේ දී  වාර්තා කර තිබීම විශේෂත්වයක්. ඒ අතුරින් ඔවුන් මුල් ම T20 ජයග්‍රහණය ලබා ගත්තේ වේග තණතීරුවක් ලෙසින් ප්‍රසිද්ධ පර්ත් නුවර WACA පිටියේ දී යි. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඕස්ට්‍රේලියා බිමේ දී පැවැත්වුණු T20 තරගාවලි 5න් 3ක් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාව යි. එයින් පැහැදිලි වන්නේ එදා සිට අද දක්වා ඕස්ට්‍රේලියා බිමේ පැවැත්වුණු ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගවල දී අපේ ක්‍රීඩකයන් කැපී පෙනෙන දස්කම් දක්වා ඇති බව යි. 

2022 දී මෙම කණ්ඩායම් දෙක අතර T20 තරග 8ක් පවත්වා තිබෙනවා. එයින් ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකි වුණේ තරග 2ක් පමණ යි. දෙරට අතර මෙම වසරේ පැවැත්වුණු T20  තරගවල දී වැඩි ම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළේ  ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක යි. එහි දී ඔහු ඉනිම් 8කදී ලකුණු 250ක් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 2022 වසරේ පැවති T20 තරගවල දී වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවාගත්තේ ජෝෂ් හේසල්වුඩ් නම් වේගපන්දු යවන්නා යි. එහි දී ඔහු තරග 6කට සහභාගි වී කඩුලු 14ක් බිඳ දැමුවා. එනිසා අද පැවැත්වෙන ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගයේ දී පැතුම් නිස්සංකගේ පිත්ත සහ ජෝෂ් හේසල්වුඩ්ගේ පන්දුව අතර ප්‍රබල සටනක් පවතිනු ඇති.  

මූලාශ්‍ර:
espncricinfo.com
cricbuzz.com
howstat.com
t20worldcup.com

Related Articles